රාජපක‍ෂ ආණ්ඩුවට වැඩකරන ජනතවාගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ. ලාල්කාන්ත

(October 25, Colombo, Sri Lanka Guardian) රු.5000/-කින් වැටුප් වැඩිකිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 8 සම්බන්ධයෙන් විසඳුමක් ලබානොදීමත්, වැඩකරන ජනතාවගේ දැවෙන ප්‍රශ්ණවලට විසඳුම් ලබාදෙන ලෙස තම මධ්‍යස්ථානය ජනාධිපතිවරයාගෙන් වාර ගණනාවකදී කළ ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් ලබා නොදීමත් නිසා මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ අදියරට පැමිණ සිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා, මහින්ද රාජපක‍ෂ මහතා වෙත යවන ලද ලිපියක සදහන් වේ.

මේ අතර ෙක‍ෂ්ත්‍ර ගණනාවකම වැටුප් වැඩිකරගැනීම ඇතුළු ඉල්ලීම් පදනම් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ වී ඇති අතර මේ වන විට ඛණිජ තෙල් සංස්ථා සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින බවත් එසේම විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ශී්‍ර ලංගමය, වරාය ඇතුළු තවත් ෙක‍ෂ්ත්‍ර කිහිපයකම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතින බවත් අවධාරනය කරන එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.


ඔබතුමාගේ ආණ්ඩුව මෙම ප්‍රශ්න විසඳනවා වෙනුවට මර්දනීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සූදානමක් තිඛෙන බව අප වෙත වාර්තා වී ඇති අතර වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ලබන ෙක‍ෂ්ත්‍ර වෙත අත්‍යවශ්‍ය නියෝග පනවා එම වෘත්තීය ක්‍රියාමාර්ග අඩපන කිරීමටත් වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය මර්ධනය කිරීමටත් සූදානම් වන බව මේ වන විට අප වෙත තොරතුරු ලැබී තිබේ.

රටේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධය අවසන් වී එම ජයග්‍රහණය සඳහා උපරිම ලෙස දායකත්වය සැපයූ වැඩ කරන ජනතාව තමන් සිරකරගෙන සිටි ප්‍රශ්ණ එලියට දැමීම ඉතාමත් සාධාරණ වන අතර එම ප්‍රශ්ණවලට විසඳුම් දෙනවා වෙනුවට වෘත්තීය සටන් මර්ධනයට සැරසීම අපට කිසිසේත් අනුමත කළ නොහැක. එසේම වැඩකරන ජනතාව විසින් මේ මොහොත් ඉල්ලා සිටිනු ලබන මෙම ඉල්ලීම් ඉතාමත් සාධාරණ පදනමක් මත වීමත් විශේෂයෙන්ම රටේ ජීවන වියදම සීග්‍රයෙන් ඉහළ නැග ඇති තත්වයක් තුල ජීවත් වීමට සරිලන වැටුප් ඉල්ලා සිටීම හෝ සාමූහික ගිවිසුම් මගින් නිශ්චිත කාලයකට වරක් ලබා දිය යුතු වැටුප් වැඩිවීම ඉල්ලා සිටීම ආණ්ඩුවට කිසිසේත් ප්‍රතිෙක‍ෂ්ප කළ නොහැකි ඉල්ලීම් වේ.

එසේම රාජ්‍ය සේවයේ අත්හිටවූ දේපල ණය ඉල්ලා සිටීම, කප්පාදුවකින් තොරව ආපදා ණය ලබා ගැනීම ඇතුළු ඔවුන් භුක්ති විඳි සහන නැවත ඉල්ලා සිටීම වගකිවයුතු ආණ්ඩුවක් ලෙස කිසිසේත් බැහැර කළ නොහැකි ඉතා සාධාරණ ඉල්ලීම් බව පැහැදිලිය.

2010 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය මගින් වැඩකරන ජනතාව වෙත යම් හෝ සහනයක් ලබාදෙනු ඇතැයි වැඩකරන ජනතාව අතර සිටින ඇතැම් පිරිස් පසුගිය දිනවල විශ්වාසයක් ඇතිකරගෙන සියටියත්, අයවැයක් ඉදිරිපත් නොකරන තත්වයක් තුළ එම විශ්වාසය ද මුළුමනින්ම බිදවැටී තිබේ.

එබැවින් දැනට මතු වී තිඛෙන වෘත්තීය අරගල පිළිබඳව අවධානය යොමුකොට ඒවාට විසඳුම් ලබාදීමට ඔබතුමා පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ප්‍රකාශ කරන අපි දැනට ඒ සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් අදාල ඇමතිවරුන් විසින් සිදු නොකරන බවත් අපගේ විශ්වාසය අනුව එම ඇමතිවරුන්ට මීට වඩා මැදිහත්වීමක් කළ නොහැකි බවත් ඔවුන් විසින් ඔප්පුකර තිඛෙන බව කිව යුතුය.

ඒ අනුව අත්‍යවශ්‍ය නියෝග පනවා හෝ වෙනත් මර්දනීය ක්‍රියාමාර්ගවලින් මේ ප්‍රශ්න විසඳීමට ඔබතුමා උත්සාහ දරන්නේ නම් එය මහජනතාව තවදුරටත් පීඩාවට පත්කරන්නක් වීම අනිවාර්යයක් බව අවධාරණය කරන අපි දිනෙන් දින උග්‍රවෙමින් පවතින වැඩ කරන ජනතාවගේ මෙම ප්‍රශ්ණ විස¹ලීමට කඩිනම් පිළිගත හැකි මැදිහත්වීමක් වහාම සිදුකරන ලෙස මෙයින් ඉල්ලා සිටිමු.
-Sri Lanka Guardian