රාතී්‍ර 12න් පසු අකුරට වැඩ අවසන්. ජනපතිගෙන් පිළිතුරක් නැත්නම් අඛණ්ඩ වර්ජනයක්

(October 25, Colombo, Sri Lanka Guardian) ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුව විසින් දීප ව්‍යාප්තව පවත්වාගෙන යන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (25) රාත්‍රී 12 න් පසු අත්හිටුවන බව වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඩී.ෙජ්. රාජකරුණා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

සංස්ථා සේවකයිනගේ එකමුතුව හා සමගිය තුළින් තම ශක්තිය ආණ්ඩුව පෙන්නුම් කළ බවත් තම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම සාර්ථක වූ බවත් ඉදිරි සති කීපය තුළදී යෝජිත සේවක වැටුප් වැඩිවීම නොකළහොත් ලංකාවිදුලි බල මණ්ඩලය, වරාය හා ජලපවාහන මණ්ඩලය ඇතුළු ආයතනවල වෘත්තීය සමිති සමග එAකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් කරන බවත් රාජකරුණා පැවැසීය.


අකුරට වැඩ කිරීම දියත් වූවද, ති්‍රවිධ හමුදාව, සෞඛ්‍ය හා උතුරේ අවතැන්වූවන් ගේ කඳවුරු සඳහා ඉන්ධන සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස පවත්වා ගෙන ගිය බවත් පැවැසූ එA මහතා අනුරාධපුර තෙල් ගබඩාවට ඊයේ පැමිණි දුමින්ද දිසානායක ඇමැතිවරයා එහි සේවකයිනට තර්ජනය කර තිඛෙන අතර සේවකයින් ඔහුට විරෝධය පා පන්නා ගෙන තිඛෙන බවත් අද මධ්‍යම රාත්‍රියෙන් පසුව පාලකයින් සේවකයින්ගෙන් පළිගැනීමට හෝ අඩම්තේට්ටම් කිරීමකට සූදානම් වුවහොත් ඊයේ දුමින්ද දිසානායක මහතාට වූ දෙයම සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඛනිජතෙල් සංස්ථාව සේවක වැටුප් වැඩි කිරීම ඇමැතිවරයාත්, සංස්ථා සභාපතිවරුන් ප්‍රධාන අධ්‍යක‍ෂ මණ්ඩලයත් අනුමත කර තිබියදී වැටුප් වැඩිවීමක් ඉල්ලීම අසාධාරණ බව ඇමතිවරයා පවසන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

හෙට (26) ජනාධිපතිවරයා සමග මේ ප්‍රශ්නය ගැන සාකච්ඡාවක් ලබාදෙන බවට ඇමැතිවරයා පවසා ඇතත් තම සංගමයට නිල වශයෙන් එවැනි දැනුම් දීමක් කර නැති බවත් නිල වශයෙන් දැනුම් දෙන්නේ නම් සාකච්ඡාවට සහභාගිවීමට වෘත්තීය සමිති එකතුව සූදානම් බවත් රාජකරුණා කීය.

වෘත්තීය සමිත එකමුතුවේ හා පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල හා ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත යන අයද මෙහිදී අදහස් දැක්වූහ.
-Sri Lanka Guardian