විශ්‍රාම වැටුප් නිලධාරීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක‍ෂණය මුසාවක්

(October 25, Colombo, Sri Lanka Guardian)විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ්‍රාම වැටුප් නිලධාරීන් බඳවාගැනීම සඳහා මේ දිනවල පැවැත්වෙන සම්මුඛ පරීක‍ෂණය සම්පූර්ණයෙන් බොරුවක් බව වාර්තා වේ. විශ්‍රාම වැටුප් නිලධාරීන් 20 දෙනෙකු බඳවාගැනීම සඳහා පුවත්පතේ පළවූ දැන්වීම අනුව අයදුම්පත්‍ර 20000 ක් පමණ ලැබී ඇත. එම සියළු දෙනාම සම්මුඛ පරීක‍ෂණය සඳහා කැඳවා තිඛෙන නමුත් මේ වන විට පුරප්පාඩු සඳහා අවශ්‍ය නිලධාරීන් 20 දෙනා අතර දැනට දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටින ලේඛණ සහකාර නිලධාරීන් දෙදෙනෙකුද සිටී.

මාළිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යාලයට අයදුම්කරුවන් සිය ගණනින් කැඳවමින් ඔවුන් වෙත රැකියා බලාපොරොත්තු ඇතිකරමින් සිටින්නේ නුදුරුදීම පැවැත්වෙනු ඇති බවට සැලකෙන මැතිවරණ ඉලක්ක කරගෙන බව දෙපාර්තමේන්තු ආරංචිමාර්ග දන්වා සිටී.
-Sri Lanka Guardian