The Most/Recent Articles

Showing posts with label wimalweerawansa. Show all posts
Showing posts with label wimalweerawansa. Show all posts

ප්‍රභාකරන් ඝාතනය කළ බවට ලද පළමු දුරකථන ඇමතුම

(හමුදාව විසින් රටේම බලය අත් කරගන්නා විට මහින්ද රාජපක්ෂ මහතා විදේශ සමුළුවකට සහභාගී වී සිටිය නමුත් ඔහු එදිනම මව්බිමට සපැමිණි අතර වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වූ බවට තහවුරු වූයේ ඊට පසු දිනය. මෙහි දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා සහ විමල් වීරවංශ මහතා යුධ ජයග්‍රහණය සමරමින් සිටිද්දී වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වූ බවට ප්‍රථම දුරකථන ඇමතුම ලැබුනු අවස්ථාවයි.)
| විමල් වීරවංශ  
සේයාරුව සහ අදහස් ලේඛකයාගේ අදහස් වන අතර එය කතෘ මණ්ඩලයේ වගකීමට බැඳී නැති බව සැලකුව මනාය


මෙම ඡායාරූපය ඔබට මතකද? මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ දශක 3 කට වැඩි කාලයක් අප රට වෙලාගෙන තිබුණු ප්‍රභාකරන්ගේ සාපයෙන් අප රට මුදා ගත් බවට වන පළමු දුරකථන ඇමතුම මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු විට ඔහු විසින් එය ජාතික නිදහස් පෙරමුණේ නායක වන මට ලබාදුන් ආකාරයයි. ප්‍රභාකරන් මියගිය බවට ලැබුණු පළමු දුරකථන ඇමතුම මෙයයි.

දැන් යුධ ජයග්‍රහණයට අයිතිවාසිකම් කීමට කොතෙක් අය සිටියද මෙම ජයග්‍රහණය සදහා ජනතාව පෙළගැස්වූයේ මොවුන් දෙදෙනාය. අප දෙදෙනාගේ මුහුණේ තිබෙන නිහතමානි සතුටින් සහ ආඩම්බරයෙන්ම ඒ බව වටහා ගත හැකිය.

මම LTTEය යුදමය වශයෙන්ම පරාජය කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ සිටිද්දීත් ඉන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායකයා වශයෙන්ද එකහෙලා ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යුද්ධය අනාගනු ඇතැයි සිතා බර කරට නොගෙන ඉද්දී මම රට වෙනුවෙන් පක්ෂය තුළ අරගල කළෙමි. මම අවධාරණය කළේ ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා ආණ්ඩුවට උපරිමයෙන් සහයෝගය දිය යුතු බවත් වගකීම් නොගෙන එළියට වී කෑගසනවාට වඩා ඇතුළේ සිට තමන්ට හැකි උපරිමයෙන් යහපත් වැඩ වලට සහයෝගය ලබාදීම රටට වැඩදායක බවයි.

නමුත් මගේ පුලුල් දෘෂ්ථිය පක්ෂයේ බහුතරයකට තේරුම් ගැනීමට නොහැකි වූයේ ඔවුන්ගේ දෘෂ්ථිය ඉතාමත්ම පටු වූ බැවිනි. කෙසේ වෙතත් මම සදාදරණීය මාතෘභූමියේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අත හැර දා ජාතික නිදහස් පෙරමුණ පිහිටවීය. 2005 වසරේ සිට අද දක්වාත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වලදී මෙන්ම පසුබැසීම් වලදීද මෙම ශේෂ්ථ ලක්මාතාවගේ පුත්‍රයා මහින්ද රාජපක්ෂ මහතා සමගින් රට වෙනුවෙන් පෙනී සිටියි. පරාජය කළ නොහැකි යැයි එකළ බහුතරයක් ප්‍රකාශ කල කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ජනමනස සැකසූ මොහුට අප රටට ඉදිරි ජයග්‍රහණ ලබාදීමද අසීරු නොවනු ඇත. අපට අවසන් වශයෙන් කිවහැක්කේ විශිෂ්ථයින්ගේ තාවකාලික පසුබැසීම් ඔවුන්ගේ ඉදිරි ජයග්‍රහණවල පෙරනිමිති බවයි. රට වෙනුවෙන් දිවිහිමියෙන් ක්‍රියා කල ඔබට ජය නියතයි!

මම ප‍්‍රකෝටිපතියෙක්ද..? මම මාළිගා හැදුවද? පිස්සුද මන්දා - විමල්

තමනට විරැද්දව අල්ලස් හා දුෂණ කොමිසම හමුවේ ගොනු කර ඇති චෝදනා ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අදහස් පල කරයි.

ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ කියා සිටියේය.

අපට විරුද්ධව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් තොට තිබෙනවා. 2008ට පෙර මම ජනතා විමුක්ති පෙරමුණේ සිටින විට අවලාද ගැසීමට රාවය පුවත්පත යොදා ගත් නිවසම යොදා ගෙන තමයි අදත් මේ විදිහට අවලාද ගහන්නේ. අපි සූදානම් ඒ ඕනෑම එකකට උත්තර දීමට. ‘රිච්ලූක්’ නැමැති සමාගමක කොටස් මගේ බිරිඳට තිබෙන බවත් එම පැමිණිල්ලේ සඳහන්. ඒ වගේ අනන්ත අප‍්‍රමාණ බොරු චෝදනා එම පැමිණිල්ලේ තිබෙනවා. මට හෝ මගේ බිරිඳට හෝ මගේ පවුලේ අයකුට ‘රිච්ලූක්’ සමාගමේ කොටස් තිබෙනවා කියා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා. පට්ටපල් බොරු දාලා ඒ චෝදනා හදලා තියෙන්නේ. මේවාට මාධ්‍යවලින් ප‍්‍රචාරය ලැබුණාම අහිංසක මිනිස්සු මේවා ඇත්ත කියා හිතනවා.

මට භික්‍ෂූන් වහන්සේ නමක් කතා තොට පැවසුවා ‘රිච්ලූක්’ සමාගම අයිති බෞද්ධ ව්‍යාපාරික මහතකුට. මේ බොරුව පිළිගත්තු එජාපයේ ඇතැම් පිරිස්වලින් එතුමාට මරණ තර්ජන එනවා, අසභ්‍ය වචනවලින් බැන වදිනවා’ කියා. එම ව්‍යාපාරික මහතා බොහොම අසරණ වෙලා ඉන්නවාලූ. මේ විදිහේ පට්ටපල් බොරු දාලා, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරලා, ඒවාට මාධ්‍ය ප‍්‍රචාරය අරගෙන එමගින් අපේ දේශපාලන ගමන නතර කරන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවා ඒක මුලාවක්. අපි ලෙයින්, යකඩින්, ගින්දරෙන් පණ පෙවුණු අරගල බිම් මැද්දෙන් ආපු මිනිස්සු. ඒ නිසා අපේ පන්නරය මකා දාන්න ඔය චෝදනාවලට, අවලාදවලට හැකියාවක් නැහැ. මේ චෝදනාවලට, අවලාදවලට ඕනෑම තැනකට ගිහිල්ලා උත්තර දීලා, ඒවායින් නිදොස් වෙන්න මම සූදානම්.

ඔබට මතක ඇති මම ජනතා විමුක්ති පෙරමුණේ සිටින අවධියේදී මාවරමණ්ඩියේ අප පවුල සහිතව තිබූ කොමියුනිකේෂන් එක හා ගොඩනැගිල්ල පිළිබඳව යම් අයෙක් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ බව. ඒ පිළිබඳව එම කොමිසමෙන් විභාග කළා. එමගින් තහවුරු වුණා, කිසිදු අයථා ධනයක් උපයා නැහැ, තමන් සතු දෙයින් මේ සියල්ල කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ පරීක්‍ෂණය ඉවර වන කොටත් එහෙම වෙයි. ඒත් ඉතිං මේ පරීක්‍ෂණයට ගත වන කාලයනේ මේ අයට වැදගත්. මේ අවලාද ටික ඒ කාලය තුළ පවත්වා ගෙන ගියාම ඇතිනේ. ඒ වගේම මේ පරීක්‍ෂණයෙන් නිදොස් වුණාම ඔය දාන පොල් ගෙඩි අකුරෙන් නිදොස් වූ බව දාන්නේ නැහැනේ. මාවරමණ්ඩියේ ගොඩනැගිල්ල සම්බන්ධ චෝදනාවෙන් මම නිදොස් වුණාම ඒක එක මාධ්‍යයකවත් ප‍්‍රචාරය වුණේ නැහැ. ඒක තමයි අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය. මේ බොරු චෝදනාවලට අපි මුහුණ දෙනවා. ඒවා අසත්‍ය බව ඉදිරියේදී ඔප්පුකර පෙන්වනවා. කවුරුන් හෝ හිතනවා අපි ඒවාට බිය වෙයි කියලා ඒක වැරදීමක්’

මාධ්‍ය ඒකකය

විමලයා වගේ

‘මහත්තයෝ ධනපති දේශපාලඥයෝ කලාන්තයක් හැදුනත් ඉස්පිරිතාලෙට අරං යන්නෙ හෙලිකොප්ටරෙන්. ඔහෙලගෙ තාත්ත වගේ ගමේ දුප්පත් මිනිහෙකුට මරණාසන්න වෙන පපුවෙ අමාරුවක් හැදුනත් අරං යන්න ඇම්බියුලන්ස් එකක්වත් පළාතක හොයාගන්න නැහැ‘ මේ විමල් අවුරුදු විස්සකට විතර කලින් කොකු ගහන කාලෙ කිව්ව කතාවක්. මතක් වුනේ ඊයේ විමල් වීරවංශට ක්ලාන්තයක් හැදිලා හෙලිකොප්ටරෙන් කොළඹ ඇවිල්ලා.

මේක වෙනම ම පරණ කතාවක්.

පහුගිය දා හිරේ හිටිය සරත් ෆොන්සේකාව ‘නිදහස්’ කිරීම හොදම පන්නයේ විහිළුවක් බව හැමෝම දන්න දෙයක්. ඕකට විමල් වීරවංශ උපමාවක් හදලා ජනාධිපති සහ අනිත් ඇමැත්තොත් එක්ක කියව කියවා පණයනකම් හිනා උනා කියල පත්තරේක තිබුණා. උපමාව උනේ ‘හරියට ෆොන්සේකාව නිදහස් කළා වගේ’ කියලයි. ඒ දැකලා අපිට මතක් උනේ ගමේ නගරයේ බාල වැඩිමහල් උගත් නූගත් හැමෝම ‘හරියට විමලය වගේ’ කියන උපමාව. ඉඳල හිටල එක එකාට අහු උනාට සාමාන්‍ය සමාජය හරිම ඥාණවන්තයි... නැද්ද මං අහන්නෙ? ඒ අය ‘හරියට විමලය වගේ’ කියල කියන්නෙ මෙන්න මේ වගේ අයට.

වාචාල කටක් තියෙන වෙනත් කිසිම ගතයුත්තක් නැති අයට
දිය යටින් ගින්දර ගෙනියන ආත්මාර්ථකාමී ඇම්ඩන්ට
ලොක්කට පන්දම් අල්ලලා, කේළාම් කියලාල පක්කිලි වැඩ කරල ඉහල නගින අයට
අදාල තැනට අදාල මොහොතට ගැලපෙන්නෙ නැතිව ජාතික ඇඳුම-සන්ග්ලාස්-මාල-මුදුකරාබු-සෙල්ෆෝන්-හෙයාර් ජෙල් වලින් ජැන්ඩියට හැඩවෙච්ච සොබ්බන්ට
නොදන්න දැනුම, නොදන්න දේවල්, නොදන්න ඉංග්‍රිසි කියවන්න ගිහින් මෝඩකම් ප්‍රදර්ශනය කරන ‍අයට
හැමෝම දන්නවා උනත් ඇඟට නොදැනෙන්න ඇත්ත වගේ බොරු කියන ඇ‍ඬෙන්න තරමට රඟපා විහිළු සපයන කෝලමුන්ට
අතීතය අමතක කර තමන්ගේ පෞද්ගලික වර්තමානය සල්ලිවලට අළුතින් මවාගන්න දඟලන අයට
රට-ජාතිය-ආගම-මාක්ස්වාදය-විප්ලවය-මනුස්සකම-ගෑනු-දරුවන්-මිත්‍රයින්-බල්ලන් යන ඕනෑම දෙයක් තමන්ගේ යහපත පිණිස විකුණන්න පුළුවන් අයට ඔක්කොමත් හරි රුපියල් එකසිය පණහෙ රතු කැකුළු බත් එකක් ගන්න නන්දාවතී අක්කගෙ බත් කඩේට ගියාම නන්දක්කා මෙන්න මෙහෙම කෑ ගහනවා පිළිකන්න පැත්තෙන් ඇහුනා.

“ජරාව... ගන්දස්සාරෙ බෑ බං... හරියට විමලයගෙ කට වගේ.. ඔන්න ඔය ටොයිලට් එක හෝදල දාපං කුසුමෝ..”

අපි බත් ගත්තෙ නෑ.

(From Loopholes Blog )


විමල් විරවංශගේ වෙබ් අඩවිය විසින් මිත්‍යාව වැපිරීම

l අමිල ගුණරත්න

ලංකාවේ සිංහල පුවත් පත් වල නිතරම , එලොවින් ආ ජීවකයන් , වකුගඩු රෝග දේව බලයෙන් සුව කරන්නන් , විශ්ව බලය යොදා රෝග සනීප කිරීම, පිළිකා නිට්ටාවට සුව කරන්නන් පිළිබඳව නිතරම පුවත් පල වේ. මෙම පුවත් විචාරශීලි බුද්ධිය නැති මෝඩ ජනතාව රැවටීම සඳහා වරින් වර කපටීන් විසින් කුලී මාධ්‍යවේදීන් යොදාගෙන කරනු ලබන්නකි. . කාලයකට ඉහතදී නන්දසේන සුරියආරච්චි නම් මාධ්‍යවේදියා ඉරිදා ලංකාදීප පුවත්පත හරහා කැලුම් වීරසිංහ නම් හොර සල්ලි පලහිලව්වකට ඉන්දියාවේ ද සිරගතව සිටි වංචනිකයා එලොවින් ආ ජීවකයෙකු බවට හඳුන්වා දෙමින් ලිපි පෙළක් පළ කළේය. මේ සඳහා එලොවින් ආ ජීවකයා විසින් නන්දසේන සුරියආරච්චිට එක ලිපියකට රුපියල් 10,000 බැගින් ගෙවනු ලැබූ බව වාර්තා වේ. මේ ලිපි කියව්වූ නුගත් මිනිසුන් හොරුන් පසු පස ගොස් අතේ තිබෙන තුට්ටු දෙකද නැති කර ගත්හ. මෙවැනි පුවත් සිංහල පත්‍ර වල මිසක ඉංග්‍රීසි පත්‍ර වල පළ නොවේ. ඒ මන්ද යත් ඉංග්‍රීසි පාඨකයා බුද්ධිමත් බවට තක්සේරුවක් තිබෙන නිසාය. මිට පෙරද මහාචාර්ය නලින් ද සිල්වා රජරට වකුගඩු රෝගීන් රහස් කෙම් මගින් සුව කල බවට ඉරිදා දිවයින පුවත්පතෙන් කියනු ලැබිය. එම රෝගීන්ගේ රෝග නිර්ණායක පෝර්ම සහ වර්තමානයේදී රෝගය නිට්ටාවටම සුවවී ඇති බවට සනාථ කෙරෙන වෛද්‍ය ලිපි ඉදිරිපත් කරන ලෙසට අප මහාචාර්ය නලින් ද සිල්වාට අභියෝග කළෙමු. නමුත් මේ දක්වා එතුමා තුන්ඩු කෑල්ලක් වත් ඉදිරිපත් කොට නොමැත . මේ නිසා අප මහාචාර්ය නලින් ද සිල්වා ගේ ප්‍රකාශ සීරියස් ලෙස ගණන් ගන්නේ නැත. නමුත් මිනිසුන් මුලාවේ දැමීම සඳහා වියාපාර අභිලාෂයෙන් මාධ්‍යවේදීන් මගඩිකරුවන් සමග එකට එක් වී කරන සෙල්ලම භයානකය. මේ නිසා මිනිසුන් මුලාවේ වැටී තමන්ගේ රෝගීන්ට නියම ප්‍රතිකාර ලබා දීම වෙනුවට බොරුව පසුපස දුවමින් රෝගීන්ගේ ජිවිත මාරාන්තික තත්වයන්ට පත් කර ගනිති. එසේම කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහ විද්‍යාගාර පරීක්ෂණ වලින් බැහැරව යම්කිසි රෝගයක් සඳහා ඖෂධයක් ප‍්‍රත්‍යක්‍ෂ බව කීම සැබවින්ම සදාචාර විරෝධී ක්‍රියාවකි. සත්‍ය වෛද්‍යවරයෙකු එවැනි ලාමක වැඩ කරන්නේ නැත.

පිළිකා නිට්ටාවට සුව කරන දේශීය ඖෂධයක් නිපදවා ඇති බවට විමල් විරවංශගේ Lanka C News. වෙබ් අඩවිය විසින් මිත්‍යාව වපුරන පුවතක් පළ කොට තිබේ. මෙන්න එම පුවත


අත් දුටුවයි.. ප‍්‍රත්‍යක්‍ෂයි… පිළිකා නිට්ටාවට සුව කරන දේශීය ඖෂධයක් නිපදවේ July 25, 2012 at 3:22 pm | Lanka C News.

පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකු වන මහනාම ඒ. හපුගොඩ මහතා විසින් පිළිකා රෝගය නිට්ටාවටම සුවකර ගත හැකි නව ඖෂධයක් නිපදවා තිබේ‍. වෛද්‍ය මහනාම මහතා පෙන්වා දෙන්නේ එම පිළිකා මර්ධන ඖෂධය තුළින් පිළිකාවට ලක්ව ඇති රෝගීන් මාස තුනක් වැනි කෙටි කලකදී රෝග තත්ත්වය නිට්ටාවටම සුවපත් කළ හැකි බවයි. මේ ඖෂධය පුරාණ පුස්කොළ පොතක් ඇසුරෙන් දේශීය ඖෂධ දෙසීයක් හා තවත් ‍වත්පිළිවෙත් අනුව නිෂ්පාදනය කරන බව පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය මහනාම මහතා අනාවරණය කළේය. විවිධ වර්ගයේ පිළිකා රෝගයන්ගෙන් පීඩා විදී රෝගීන් කිහිප දෙනෙකු වෛද්‍ය මහනාම මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත් බවත් ඉන් පසු තමන් සුවපත් වූ බවත් ස්කෑන් පරීක්ෂණ හා වෛද්‍ය වාර්තා ඇසුරෙන් අණාවරනය කලේය.



මෝඩ දේශපාලන කලවැද්දෙකු නිසා රට වැටෙන ප්‍රපාතය



ගල් කටස් දේශපාලනය කිරීම නිසා සීගිරියට යාමට පමණක් නොව උසස් පෙළ සමත් වීමට හෝ ඉංග්‍රීසි ටිකක් ඉගන ගැනීමට නොහැකි වූ විමල් වීරවංස වැනි දේශපාලන කලවැද්දන් ගේ මෝඩ තියරි නිසා ලංකාව වැටුනේ ගොඩ ඒමට බැරි අසීරුතා වලටය. මේ මෝඩයා කාලයක් දේශප්‍රේමී කියාගත් මිනීමරු ගල්කටස්කරුවන් සමග එකතු වී ඉන්දීය බඩු වර්ජනයකට බලෙන් ජනතාව ඇද දැමුවේය. ඒ නිසා ලංකාවේ ආර්ථිකය අබලන් විය. ඉන්පසු ලෝක බැංකුවේ ප්ලග් ගැලවීමට ගියේය. දැන් ඇමෙරිකානු සන්නාම සහිත භාණ්‌ඩ භාවිත කිරීම තහනම් කල යුතු බව කියා තප්පුලයි. මේ මෝඩයාට දිවයින පුවත්පතේ ශ්‍යාම් නුවන් ගනේවත්ත අගනා පිළිතුරක් දී තිබේ.

අපේ විමල් වීරවංශ ඇමැතිවරයා මතක්‌ වූ අවස්‌ථාවේ ඔහුගේ ඇමෙරිකානු භාණ්‌ඩ වර්ජනය ගැනත් වචනයක්‌ හෝ නොකියාම බැරිය. ඔහු මේ දිනවල මයික්‌ කටවල් බදාගෙන ඇමෙරිකාවට එරෙහිව දිගින් දිගටම බෙරිහන් දෙමින් සිටියි. ඔහු මෑතදී සිදුකළ කාගේත් අවධානයට ලක්‌ වූ යෝජනාවක්‌ වූයේ ඇමෙරිකානු සන්නාම සහිත භාණ්‌ඩ භාවිත කිරීම නතර කර ඇමෙරිකාවට විරෝධය පළ කළ යුතු බවයි. google සහ gmail භාවිත කිරීමත් නතර කළ යුතූ බවට ඔහු කියා සිටි බවත් කියති. ඔහු මේ අවස්‌ථාවේ ඇමෙරිකාවට එරෙහිව මාරාන්තික උපවාසයක්‌ නොකරන්නේ ඇයි ද යන ප්‍රශ්නයද ඇතැම්හු නගති. කවරක්‌ නමුත් විමල් වීරවංශයන් මේ කතා තුළින් කරන්නේ ඔහුත් විහිළුවට ලක්‌ වී, ආණ්‌ඩුවත් අපහසුතාවට ලක්‌කරමින් ජිනීවා අවුල පිළිබඳ මහජන හැඟීමද දුර්වල කිරීමයි. ඇමෙරිකානු භාණ්‌ඩ වර්ජනය ගැන ලක්‌ෂ්aමනු යාපා ඇමැතිවරයා ඇතුළු වෙනත් ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම කියා තිබුණේ එය ඔහුගේ පෞද්ගලික මතය මිස රජයේ ප්‍රතිපත්තියක්‌ නොවන බවයි. ජිනීවා ප්‍රශ්නය, ඇමෙරිකාවේ භාණ්‌ඩ වර්ජනය කොට විස¹ ගත හැකි ප්‍රශ්නයක්‌ නොවන බව විමල්ගේ මනසට නොතේරුණාට මෙරට සාමාන්‍ය ජනතාවටත් වැටහෙයි. ඇමැති වීරවංශගේ කතාව සමාජයේ කාටත් විනෝදය සපයන, හාස්‍යජනක කතාවක්‌ බවට පත්ව තිබේ. එතුමා කියන විදිහට නම් අපේ භාණ්‌ඩ ඇමෙරිකාවට විකිණීමත් හොඳ නැති විය යුතුය. එසේම එසේ විකුණා ඇමෙරිකානු ඩොලර් ලබා ගැනීමත් හොඳ නැති විය යුතුය. මේවා කරන්නට ගියහොත් රටේ ආර්ථිකයට සිදුවන දේ තේරුම් ගැනීමට සාමාන්‍ය බුද්ධියක්‌ තිබෙන අයකුට වුවද බැරිකමක්‌ නැත. ( ජිනීවා ප්‍රශ්නය, ගැලරියේ කතා සහ අපේ ආර්ථිකය - ශ්‍යාම් නුවන් ගනේවත්ත)

එසේම ජී මේල් වර්ජනය ගැනද ශ්‍යාම් නුවන් ගනේවත්ත මෙසේ කියයි.

මේ අනුව විද්යුත් රාජ්‍ය (e-gov) වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය ආයතනද තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීම සිදුකර ගෙන යයි. ඒ අනුව රාජ්‍ය අංශය තුළ විද්යුත් තැපෑල (e-mail) ප්‍රචලිත කිරීමද සිදුවේ. මහජනතාවටද විද්යුත් තැපෑලෙන් අමාත්‍යාංශයකට, රාජ්‍ය ආයතනයකට ලියුමක්‌ යවා විද්යුත් තැපෑලෙන්ම පිළිතුරක්‌ ගෙන්වා ගැනීමට හැකි තත්ත්වයට රාජ්‍ය සේවය පත් කරගත යුතු බවද මේ කතාබහ තුළදී අපට අසන්නට ලැබී තිබේ. එය හොඳ දෙයකි. මේ නිසා රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට හැකිවෙයි. එහෙත් google සහ gmail වර්ජනය කරන්නට ගියහොත් රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ප්‍රචලිත කිරීමේ "ඉ - ශ්‍රී ලංකා" වැඩපිළිවෙළට සිදුවන්නේ කුමක්‌ද? ( ජිනීවා ප්‍රශ්නය, ගැලරියේ කතා සහ අපේ ආර්ථිකය - ශ්‍යාම් නුවන් ගනේවත්ත)

ජිනීවා ප්‍රශ්නය රජය විසඳීමට තිබුනේ රාජ තාන්ත්‍රික ක්‍රම මගිනි. ගැලරියට විජ්ජා පෙන්වීම සඳහා බැන් කි මුන්ට එරෙහි මෝඩවංශ ගේ ලෙමන් පෆ් උපවාසය කරන විට එහි අනාගත ප්‍රතිපල රටට අහිතකර විය හැකි බව අප කීවෙමු. වලිගයට ගිනි තබාගත් වඳුරා සේ මෝඩවංශ ලංකාවේ මාටින් අයියලා චූන් කිරීමට තමාවත් නොදන්නා බටහිරට පස් පඩන්ගුවේ බැන වැදුනේය. දැන් ඇමරිකානු භාණ්ඩ වර්ජනයකට කතා කරයි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් නිකුත් කර ඇති වාර්තාවට අනුව 2010 වසරේදී ඇමරිකාවෙන් ඩොලර් මිලියන 168.15ක හෙවත් රුපියල් මිලියන 21,018.75ක භාණ්ඩ ආනයනය කර ඇති අතර ශ්‍රී ලංකාව එම රටට යවා ඇත්තේ ඩොලර් මිලියන 1767.88ක හෙවත් රුපියල් මිලියන 22,085ක වටිනාකමක් ඇති භාණ්ඩ ය. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන භාණ්ඩ වල වටිනාකමට වඩා දස ගුණයකටත් වඩා වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ ප්‍රමාණයක් ඇමරිකාවට ශ්‍රී ලංකාවේ අපනයනකරුවෝ යවති. යම් ලෙසකින් ඇමරිකාව ශ්‍රී ලංකා භාණ්ඩ වර්ජනයක කලහොත් ශ්‍රී ලංකාවට වාර්ෂිකව හිමි වන ශුද්ධ පාඩුව ආසන්න වශයෙන් රුපියල් කෝටි 19,999.62 වේ. මේ නිසා ලංකාවේ ආර්ථිකයට කෙල වන බව (මෝඩවංසලාට නොතේරුනද ) පහේ පන්තියේ ළමයාටද තෙරේ. නමුත් මේ මෝඩ කලවැද්දන්ට ගැටලුවක් නැත. දැන් උන් ගෙවල් දොරවල් හදාගෙන ළමයින් පිටරට ඉගෙනීමට යවා ඇමතිකම් වලින් වරිගයටම සෑහෙන මුදල් උපයාගෙන අයි ෆෝන් කනේ ගසාගෙන ඇමරිකානු සන්නාම වර්ජනයට කතා කරයි. මේ මෝඩ වාහෙලාගේ ගොබ්බ සංදර්ශන නිසා වින කෙටෙන්නේ මේ රටේ අසරණ දුප්පතුන්ටය.

මේ කලවැද්දන් ගේ ක්‍රියා නිසා ලංකාව අන්තර්ජාතිකව හුදකලා වන තත්වයකට පත් වී තිබේ. දැන් ඉන්දියාවද අපට විරුද්දව චන්දය පාවිච්චි කිරීමට යයි. රාජ තාන්ත්‍රික ක්‍රම වෙනුවට මෝඩ දේශපාලන කලවැද්දන් යොදා ගැනීමේ භයානක බව දැන්වත් රජයට වැටහිය යුතුය. 2000 වසරේ කොටි ත්‍රස්තවාදය උච්ඡ අවස්ථාවට පත් වී යාපනය ඇද වැටීමට ගිය අවස්ථාවේදී ද බටහිර රටවල් ලංකාවට එරෙහි වී එකසත් ජාතීන්ගේ හමුදාවක් ඒවා රට දෙකඩ වී යාමේ තර්ජනයක් මතු විය. එම අවස්ථාවේදී කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රික බුද්ධිමතෙකු වූ දිවංගත ලක්ෂ්මන් කදිරාගම මැතිතුමා රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග මගින් ලංකාව බේරා ගත්තේය. නමුත් අද ලක්ෂ්මන් කදිරාගම වැනි රාජ්‍ය තාන්ත්‍රික බුද්ධිමතුන් අපට නැත. ඇත්තේ විමල් වීරවංස වැනි මෝඩ දේශපාලන කලවැද්දන් පමණි. එහෙව් රටක ජනතාවට අබ සරණය.

අමිල ගුණරත්න


ගුගල් , ජීමේල් පාවිච්චි කරන්න එපා කෝල පෙප්සි කෝලා ,කොකා කෝලා බොන්න එපා ඇමරිකාව වර්ජනය කරමු

(විමල් වීරවංස කියයි )

ගුගල් , ජීමේල් පාවිච්චි කරන්න එපා කෝල පෙප්සි කෝලා ,කොකා කෝලා බොන්න එපා ,කේ.එෆ්.සි මැක්ඩොනල්ඩ්ස් වලට යන්න එපා යැයි විමල් වීරවංස නොබෝදා ප්‍රකාශ කළේය. ඔහු මෙසේ කිවේය. අන්තර්ජාලය පාවිච්චි කරන අය ගුගල් සර්ච් එන්ජින් එක පාවිච්චි කරන්න එපා..ජීමේල් එකෙන් ගැලවෙන්න..මගෙත් තියෙන්නේ ජීමේල් එක ඊමේල්..හෙට ඉදන් ඒක වෙනස් කරනවා..ජි මේල් වලින් අයින් වෙමු..ගුගල් වලින් අයින් වෙමු..කොකා කෝලා පෙප්සි කෝලා වලින් අයින් වෙමු. නමුත් විමල් වීරවංස භාවිතා කරන්නේ අයි ෆෝන් එකකි. එසේම ඇමරිකානු නිෂ්පාදනයක් වන "අයි පෑඩ්" උපකරණයද ඔහු භාවිතා කරන බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මේ අනුව දැන් අන්තර්ජාලයට යාමට හෙට අනිද්දා www.com ( වැහැරෙන වර්චස් විමලයා ඩොට් කොම් ) යනුවෙන් කෙටිය යුතුය.

අමිල ගුණරත්න

පහත චායරූප වලින් දැක්වෙන්නේ
1)විමල් වීරවංසගේ බිරිඳ ශෂී වීරවංස ඇමරිකාවේ ඩිස්නිලන්තයේදී ගන්නා ලද චායරූපයකි


2) විමල් වීරවංසගේ බිරිඳ ශෂී වීරවංස කේ.එෆ්.සි අවන්හලෙන් අහාර ගන්නා චායරූපයකි




භාරත ඝාතනයෙන් පසු යහපාලනය සහ වගවීම


l සුනන්ද දේශප්‍රිය

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසු වෙබ් අඩවියකට ලිපියක් ලියන අමාත්‍ය වීරවංශ මෙසේ කියයි. දීර්ඝ වුවත් අදාළ ඡේද  උපුටා දැක්වීම වටී:

යුද්ධයෙන් පසු අවධියේදී යුද්ධයට හා පෙර යුද්ධය පැවති අවධියේදී ක්‍රියාත්මක වූ ජාතික බලවේගය ඒ අයුරින්ම දකින්නට නැත. දැන් එය විවිධ වූ විපර්යාසයන්ට භාජනය වී තිබේ. සාමය දිනාගන්නා තුරු ඇස් පෙණුන, සාමය දිනාගත් පසු ඇස් වසාගත් බකමූණෙකු බවට දැන් ඒ ජාතික ව්‍යාපාරය පත්ව තිබේ. කොලොන්නාව ඛේදවාචකයෙන් පෙනී යන්නේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමටද ජාතික ව්‍යාපාරයක මඟ පෙන්වීම, බලපෑම් සහගත පුරෝගාමී මැදිහත්වීම අත්‍යවශ්‍යව පවතින බවය. එබැවින් අපි ඒ නව ජාතික ව්‍යාපාරය බිහිකල යුතු වෙමු.

කුඩු ජාවාරම්කරුවන් දේශපාලඥයන් බවට පත්වීම වළකන කොලොන්නාවේ මැර නාටකය වැනි ජවනිකා තවත් අත් විඳින්නට සිදු නොවන අයුරින් ජාතියේ ඉදිරි ගමන උසස් ප්‍රමිතියක් දක්වා ඔසවා තබන ඒ ඔස්සේ පිය නැගීමට දේශපාලන ලෝකයට බලකරන නව ජාතික ව්‍යාපාරයක් අද අප බිහිකල යුතුව තිබේ.

අප එය ඉටු නොකලහොත්, පිරපාහරන් නැති රට හා පිරපාහරන් ඇති රට අතර වෙනසක් නැත කියන අනාගතයක් කරා අපේ රට ගමන් කරනු නිසැකය. යුද්ධය මගින් සාමය දිනා ගත්තා සේ, යහපාලනය, වගවීම, විනය හා හැදියාව සහිත රටක් දිනා ගැනීම සඳහාද ජාතික ව්‍යාපාරයේ භූමිකාව අත්‍යවශ්‍ය වේ. එයට නායකත්වය නොදුනහොත් අපට අපවම හඳුන්වා ගැනීමට සිදුවන්නේ බකමූනන්ගේ ලෝකයක කොටස්කරුවන් ලෙසය.

වීරවංශවාදී වෙබ් අඩවියෙහි පළ කළ ඇති එම ලිපියට සටහන් ලියන පිරිස් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පෙර නොවූ විරූ පරිදි දරුණු විවේචනයන්ද එල්ල කරයි.

නව ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය යනුවෙන් වීරවංශ මහතා අදහස් කරන්නේ කුමක්ද යන්න නොව අපට වැදගත් වන්නේ එම ලිපියෙහි එන විවේචනය යි. එම විවේචනය මගින් කියැවෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අද මෙරට යහපාලනය සහ වගවීම ඇති කිරීමට අවශ්‍ය නායකත්වය නැති බවයි. මෙම යෙදුම් දෙකම අප දන්නා පරිදි ඉතා බරපතල දේශපාලන අර්ථ නියෝජනය කරයි. ඔහු කියන්නේ යුද්දයෙන් පසු යහපාලනය සහ වගවීම ඇති වී නැති බවයි.

මෙම ලිපිය මගින් එල් කරන තවත් විවේචනයක් නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ කුඩු ජාවාරම්කරුවන් දේශපාලනඥයින් වී ඇති බවයි. එය වැළැක්වීමට ද රාජපක්ෂ නායකත්වයට බැරිය.

මෙම තත්ත්වයට පිළියම් නොයෙදුවහොත් ඉතිරිවන එකම සම නිසැක වෙනස වන්නේ ශ්‍රී ලංකාවෙහි ප්‍රභාකරන් ( සහ එල්ටීටීඊ ය) නැතිවීම පමණය. සාමය හෝ යහපාලනය සහ වගවීම විසින් ඇති කරන ප්‍රජාතන්ත්‍රවාදය හෝ නොපවතිනු ඇත.

ශ්‍රී ලංකාවෙහි යහපාලනය සහ වගවීම සහතික කරනු පිණිස කළකට පෙර වීරවංශ මහතා වැදගත් භූමිකාවක් රඟ දැක්වීය. ඒ ඔහු ජනතා විමුක්ති පෙරමුණෙහි නායකයකුව සිටි සහ 17වන සංසෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවෙහි ය. එම වෙනස ඇති කිරීම පිණිස එක්සත් ජාතික පක්ෂය ද සමඟ සහයෝගයෙන් කටයුතු කළ විරවංශ මහතා 17වන සංසෝධනය සම්මත වූ පසු පැවැති පුවත්පත් සාකච්ජාවේ දී මෙසේ කීවේ ය: දැන් ඉතිං එක්සත් ජාතික පක්ෂය බලයට පත් වුවත් මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කෙළෙසීමට අවස්ථාවක් නැහැ. එනමුත් පාර්ලිමේන්තුව ඒකජන්දයෙන් සම්මත කළ එම 17වන සංසෝධනය රාජපක්ෂ ආණ්ඩුව විසින් කුණු කූඩයට දමා අර්ධ ඒකාධිපතිත්වයකට මඟ පෙන්වන 18වන සංසෝධනය සම්මත කරන ලද්දේ වීරවංශ මහතාගේ ද පූර්ණ සහයෝගය ඇතිවය. වන්නාට ය.

යහපාලනය සහ වගවීම ඇති කිරීම සඳහා දේශපාලන සංස්කෘතියක් ද අවශ්‍ය බව සැබෑ ය. කුඩුකාරයින් දේශපාලනඥයින් වන්නේ දේශපාලන සංස්කෘතිය දුර්වර්ණ වී ජාවාරමක් බවට පත් වී ඇති නිසා ය. එනමුත් යහපාලනය සහ වගවීම ඇති කිරීම සඳහා පළමුවෙන් තිබිය යුත්තේ ව්‍යවස්ථාමය රාමුවකි. කණගාටුවකට මෙන් අද ශ්‍රී ලංකාවේ එම ව්‍යවස්ථානුකූල රාමුව නැත. ඊට හේතුව නම් 18වන සංසෝධනය විසින් විධායක ජනාධිපතිවරයා අර්ධ ඒකාධිපතියකු බවට පත් කර තිබීම ය. වියයුතු පරිදිම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පශ්චාත් යුද්ධ කාලීන වටිනාම ජයග්‍රහණය ලෙස සළකන්නේ ද මෙම 18වන සංසෝධනයයි.

ඒ බව ජනාධිපති රාජපක්ෂ විසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන ලද්දේ භාරත ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායකයින් විසින් දක්වන ලද විවේචනාත්මක අදහස්වලට ප්‍රතිචාරයක් වශයෙනි. භාරත ඝාතනය හෙළා දකිමින් මෛත්‍රීපාල සිරිසේනගේ සිට සුසිල් ප්‍රේමජයන්ත දක්වා කියා සිටියේ දේශපාලනයට පැමිණ ඇති මැරයින් සහ ජාවාරම්කාරයින් ඉවත්කල යුතු බවයි. එය ශ්‍රීලනිප ෙජ්ෂ්ඨයින්ගේ අදහස බව පෙනෙන්නට තිබුණි.

එම විවේචනයට පිළිතුරු වශයෙන් ජනාධිපති රාජපක්ෂ තදින්ම කියා සිටියේ තමාට තුනෙන් දෙකේ ජන්ද බලය ලබා ගැනීමට සහාය වූ කිසිවකුට තමා අසාධාරණයක් නොකරන බවයි. එම කිසිවකුට විරුද්ධව තමා පියවර නොගන්නා බවයි.

තුනෙන් දෙකේ පාර්ලිමේන්තු ජන්ද බලයෙන් රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇතිකර ගන්නා ලද වෙනස්කම් දෙකක් තිබේ. එකක් නම් විධායක ස්වාධින කොමිෂන් සභා අහෝසි කොට ජනාධිපති අර්ධ ඒකාධිපතියකු බවට පත් කිරීමයි. දෙවැන්න නම් 2016න් පසු දේශපාලනයෙන් විශ්‍රෘම යා යුතුව තිබූ මහින්ද රාජපක්ෂ මහතාට කැමැතිතාක් කල් ජනාධිපතිධුරය සඳහා තරඟ වැදීමට ව්‍යවස්ථාමය බලය ලබා ගැනීමයි. මෙම වෙනස්කම් දෙකම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ජන්ද බලයක් අවශ්‍ය වූ අතර එය ලබා ගැනීමට දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා වැනි දේශපාලනඥයින් ද මහඟු දායකත්වයක් සැපැයීය.

වීරවංශ මහතා සිය ලිපියෙහි කියා සිටින්නේ ජාවාරම්කාර දේශපාලනඥයින්ට විරුද්ධව සහ යහපාලනය සහ වගවීම ඇති කිරීම පිනිස නව නායකතවයක් ගොඩ නැගීමට නොහැකිවුව හොත් සියළු දෙනාටම බකමූනන් ලෙස සිටින්නට සිදුවනු ඇති බවය. බකමූනන් ලෙස සිටීමට සිදුවනු ඇතැයි යන්නේ තේරුම නම් හ්ම් හ්ම් කියනවා හැර විවේචනාත්මක අදහසක් දැරීමට ඉඩක් නොමැතිවන බවයි. වෙනත් වචනයෙන් කියන්නේ නම් එහෙමයි දේවයන් වහන්ස කියනවා හැර එසේ නොව මෙසේ විය යුතුය කීමට රාජපක්ෂ ආණ්ඩුව විසින් අවකාශයක් ඉතිරි නොකරනු ඇති බවයි. එමෙන්ම එම වීරවංශ මහතා කියන්නේ යුද්ධාවසානයෙන් පසු මේතාක් සිය බලවේග සිට ඇත්තේ බකමූනන් ලෙස බවයි.

මෙම ලිපියේ කලින් ද කී පරිදි අපට වැදගත් වන්නේ වීරවංශ මහතා අවශ්‍යයැයි ජාතිකවාදී නායකත්වය නොව එය අවශ්‍ය කරන්නේ කුමකටද යන ප්‍රශ්ණයයි. මන්ද යත් මේ වනාහී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම දේශපාලන ගැටළුවක් වන නිසා ය. එමෙන්ම මෙම විවේචනය එල්ල වන්නේ රාජපක්ෂ පාලනයේ සහකරුවන්වෙතින් වීම ද ඒ තරමට ම වැදගත් ය. තවද එවැනි විවේචකයිනට හිමිවනු ඇති ඉරණම ද වැදගත්කමින් අඩුවක් නොපෙන්වයි.

නිදසුනක් වශයෙන් රජරට ආසනික් විශවීම අළලා රාජපක්ෂ පාලනයට එවැනි උග්‍ර විවේචනයක් ඉදිරිපත් කළ හෙළ උරුමයේ රතනහිමියන් දැන් සිය මුඛය විවාත කරනවා ඇත්තේ දානය වැළදීමට පමණක් විය යුතු ය. දැන් ආසනික් ඝාතකයිනට එරෙහිව සීනිගම දේවාලයේ ගම් මිරිස් ඇඹරෙන්නේ නැත. ඊට හේතුව රජරට ජනයා ආසනික් විශවීමෙන් මිය යාම නතර වී ඇති නිසා නොවන බව පමණක් අපි දනිමු. භාරත ඝාතනය සම්බන්දයෙන් හෙළ උරුමය හෝ රතන හිමි ගත් ස්ථාවරයක් ද දැන ගන්නට නැත. වීරවංශ මහතාට එසේ නොවේවා යැයි පතමු.

යුද්ධ ජයග්‍රහණය ධර්ම ජයග්‍රහණයක් බවට පත් කිරීමට නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ යුද්ධයේ අදීනව ප්‍රසිද්ධියේ පිළිගැනීම ය. ඒ බව පෙන්වන ලද අපට සමීපතම උදාහරණය නම් ධර්මාශෝක රජු ය. යුද්ධ ජයග්‍රහනය මත රඳා පවතිමින් යුද්ධයටම ආවඩන පාලනයකින් යහපාලනය හෝ වගවීම ලැඛෙන්නේ නැත. මන්ද යත් තමන් විසින් විනාශයට පමුණුවන ලද ජනයාට සාධාරණත්වය ඉටු කිරීමට යුද්ධවාදී පාලනයකට නොහැකි නිසා ය. එමෙන්ම එක් ජන කොටසක් මර්දනය කරන රාජ්‍යක් අනෙක් ජන කොටසට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ලබා නොදෙන නිසා ය. අද දකුණේ පෙනෙන්නේ උතුරේ දක්නට ඇති අධර්මිශ්ඨ පාලනයේ පිළිඹිබුවය. පසුගිය මාස කිහිපය තුළ තැන තැන උතුරේ අහිසංක ජන පිරිස් කුදළා පහරදී අතපය කඩා දමන ලද්දේ යුද්ධවාදය ප්‍රයෝගිකව පවත්වා ගනු පිනිසය. කළක් රාජපක්ෂ යුද පාලනයේ සහකරුවන් වූ සිටියා වූද එල්ටීටීඊ මරණ ලැයිස්තුවේ ඉහළින්ම සිටියා වූ ද දෙමළ දේශපාලනඥයින් ද අද එම යුදවාදයෙන් පීඩා විදිත්. රාජපක්ෂ පාලනය යුද්ධවාදී එකක් යැයිද දෙමළ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ලැබී නැතැයි ද ඔව්හු ප්‍රසිද්ධියේම කියති.

වීරවංශ මහතා කියන්නේත් එයම නොවේ ද? 

Tell a Friend

ජීනීවා අවජාතකයෝ



සුනන්ද දේශප්‍රිය

මේ දිනවල ජීනිවා නුවර මානව හිමිකම් කොමිසමෙහි අවජාතකයෙක් සැරි සරන්නේ යැයි ආණ්ඩුවේ සිළුමිණ පත්තරයේ කර්තෘවරයා විසින් ලියා තිබුණි. ඒ මෙසේ ය:

"සුජාතව ඉපිද එහෙත් චර්යාව අනුව අවජාතක වූ පිරිසක් මෙරටින් පැන ගොස් ශ්‍රී ලංකාව විනාශ කිරීම සඳහා නොරටුන්ට උල්පන්දම් අල්ලමින් සිටිනා බව දැන් නොදන්නා කෙනෙකේ නැති තරම් ය. ඔවුන් අතර සිටින නොම්මර එකේ අවජාතකයකු මේ දිනවල ජීනීවා මානව හිමිකම් මණ්ඩප වලද සැරිසරන බවට තොරතුරු ලැඛෙමින් පවතී. මොව්හු සුජාතව බිහිකළ මා පියන්ට ද අවමන් කරමින් පිළිකුල් සහගත ලෙස නොරටුන්ගේ ඩොලර් සහ යුරෝ භක්ෂණය කරමින් අවජාතක ජීවිත ගත කරති."

ආණ්ඩුවේ ඇමැතිවරයකු වන විමල් විරවංශවාදී වෙබ් අඩවියක් ද ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී මාලදිවයින් ජනාධිපතිවරයා විසින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියකු ද්‍රෝහියකු ලෙස හෙළා දකින ලදැයි කියන අභූත පුවත පළ කළේ ය. එම පුවතට සටහන් ලියූ වීරවංශවාදී පිරිස් මගේ පියා බල්ලකු බවත් මගේ මව ඌරකු බවත් ලියූහ. මගේ සමීපතමයින් අරභයා ලියා දැක්විය නොහැකි තරමේ ජුගුප්සා ජනක සහ බිය ජනක කතා ලියූහ.

ආණ්ඩුවේ දිනපතා පුවත්පත වන දිනමිණ "ජීනීවා මානව හිමිකම් කොමිසමට ද්‍රෝහීන් දෙදෙනෙකු රිංගලායැයි" ගෙතූ පුවතක් පළ කරමින් කියා සිටියේ ඉන් එක් අයකු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිටි පතාක යෝධයකු බවය.

කළක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නායකයකු ද වූ ආණ්ඩුවේ ලේක්හවුසියේ සභාපතිවරයා ද එම පුවත ස්වර්ණවාහිනී මුල් පිටුවේ රස කර කියවමින් තලූමරා කෑවේ පුවතෙහි ඇත්ත නැත්ත ගැන අඹමල් රේණුවක හෝ තැකීමක් නැතිව ය.

ආණ්ඩුවේ ගුවන් විදුලිය ද සිංහල දෙමළ. ඉංග්‍රිසි යන තෙබසින්ම ප්‍රචාරය කළ සිය උදෑසන පුවත් විකාශණයේ දී ප්‍රධාන පුවතක් ලෙස කියා සිටියේ "නුඹ සිය රටට අවමානයකැයි" කියා මාලදිවයින් ජනාධිපතිවරයා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියකුට ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී කියා සිටි බව ය.

ආණ්ඩුවේ රූපවාහිනියක් වන අයිටීඑන්හි ආක්‍රෝශ පරිභවය සිය ළකුණ කරගත් විමසුම නම් විචාරයද එම පුවත ප්‍රචාරය කරමින් කියා සිටියේ එම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානියා වෙන කිසිවකු නොව සුනන්ද දේශප්‍රිය බව ය. විමසුම සිය සුපුරුදු අවඥා සහගත බසින් තව බොහෝ දේ ද කියා සිටියේ ය. මාලදිවයින් ජනාධිපතිවරයා එම වෝදනාව කළ බව පෙන්වීමට මෙන් එම චෝදනා අතරතුර ජනාධිපති නශීඩ් එකී රුස්වීමේ දී කතා කරන රූප රාමු පෙන්වූයේ ය. මෙම රූප රාමු ලබා දිය හැකිව තිබූ එකම පුද්ගලයා ජනාධිපති නිල ජායාරූප ශිල්පි සුදත් සිල්වා ය. එම රැස්වීම විඩියෝ ගත කළේ ඔහු පමණකි. ඔහු විසින් ලබා දුන බවට සැක කල හැකි ජායාරූප ද වෙනත් පුවත්පත්හි මෙම බොරුව සාධාරණ කිරීම පිණිස යොදාගෙන තිබුණි.

එනයින් පැන නගින ප්‍රශ්ණය වන්නේ මෙම පුවත ද ඔහුගේ ම නිර්මානයක් නොවිය හැකිද? එසේ නම් එයට ජනාධිපති කාර්යාලය සම්බන්ධ ද? යන්නයි.

පසුගිය සිකුරාදා අවසන් වූ මානව හිමිකම් කොමිසමේ 18වන සැසිවාරය සඳහා සහභාගිවීමට ඇමැතිවරුන් තිදෙනෙකු ද මංත්‍රිවරයකු ද හිටපු නීතිපතිවරයා ද පැමිණි සිටි නමුත් මෙම කිසිදු ජනමාධ්‍යක් මාලදිවයින් ජනාධිපතිවරයා කළැයි කියූ මෙම සාවද්‍ය ප්‍රකාශය සනාථ කිරීමට ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබුනේ නැත. එපමණක් නොව මාලදිවයින් ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබුනේ ද නැත.

දැනටමත් ජීනීවා මානව හිමිකම් කොමිසමෙහි සභාපතිනිය සහ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වෙත ද එකී රුස්විමට සහභාගි වූ බොහෝ තානාපති නිලධාරීන් සහ නිලධාරිනියන් වෙත මානව හිමිකම් සංවිධාන ගණනාවක් විසින් ශ්‍රී ලංකා රජයේ මාධ්‍ය විසින් ගෙන යන ලද මෙම සාවද්‍ය සහ බිය ජනක ප්‍රචාරය පිළිබඳව සම්පූර්ණ දැනුවත් කිරීමක් කරමින් තිබේ. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට සහභාගිවීම හේතු කොට ගෙන බියගැන්වීම් සහ තර්ජනයන්ට ලක් කිරීම් කෙලින්ම එහි මහ ලේකම්වරයාගේ අවධානයට යොමු කැරෙන අතර ඔහුගේ වාර්ශික වාර්තාට එකී තර්ජන ගර්ජන පරිච්චේදයක් ද ඇතුලත් වෙයි.

ආණ්ඩුවේ මෙම ප්‍රචාරය විසින් මතු කරනු ලබන එක් ප්‍රශ්ණයක් නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සහභාගිවීමට අයිතිය ඇත්තේ රජයේ පිරිස්වලට පමනක් ද යන්නයි. වෙනත් වචනයෙන් කියන්නේ නම් මානව හිමිකම් කොමිසමට සහභාගිවීම මේ ආණ්ඩුව සළකන්නේ දඩුවම් කළ යුතු අපරාධයක් ලෙස ය. ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ලද පුවත් කතුවරු සහ සභාපතිවරු මෙම ගෙතූ කතාව ප්‍රචාරය කළේ බොරුවක් යළි යළි කියන විට සත්‍ය බවට පත් වන්නේය යන පැසිස්ට්වාදයේ ගොබල්ස්වාදී ප්‍රචාරක න්‍යාය අනුව ය.

ආණ්ඩුවේ මෙම ප්‍රචාරක ව්‍යාපාරය විසින් පෙන්නුම් කරන අනෙක් සත්‍යය නම් ශ්‍රී ලංකාවෙහි මාධ්‍ය නිදහස ඇතුළු මානව හිමිකම් යළි ස්ථාපනය කර තිබේ ය යන්න ව්‍යාජයක් බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සහභාගිවීය යන කරුණ මත මානව හිමිකම් ක්‍රියාකාරකයකුට මෙතරම් දරුණු ප්‍රහාරයක් එල්ල කැරෙන්නේ නම් රටතුළ සිටින ක්‍රියාකාරිකයින් කොතරම් පීඩනයකට ලක්වන්නේ ද යන්න සිතා ගැනීම දුෂ්කර නැත. මෙම මාධ්‍ය ප්‍රහාරයේ තවත් අරමුණක් විය හැක්කේ ශ්‍රී ලංකාව තුළ ජන මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් දුර්මුඛ කිරීමයි.

අවසන් වශයෙන් මානව හිමිකම් කොමිසමෙහි සැරි සරන අවජාතකයින් ගැන ලියූ ආණ්ඩු දේශපාලන ප්‍රචාරකයකු වන සිළුමිණ කර්තෘවරයාගේ දැන ගැනීම පිණිස අද ඔහු සේවය කරන ආණ්ඩුවේ ප්‍රධානින් දෙදෙනෙකු ගැන ද මතක් කළ යුතුව තිබේ. ඉන් එක් අයකු නම් අන් කවරකුවත් නොව ජනාධිපති රාජපක්ෂය. 1989-90 සමයේ දී දී ඔහු ද මේ මානව හිමිකම් කොමිසමේ සැරිසැරුවේ ය. ඒ එකළ ආණ්ඩුව විසින් අතුරුදහන් කළ දහ දහස් ගණනකගේ වාර්තා ලිපිගොනු ද ඔය කියන නොරටුන්ට ඛෙදා දීම පිණිිස ය. ඛෙදා දී ශ්‍රි ලංකාණ්ඩුවට බලපෑම් කරන සේ ඉල්ලා සිටිනු පිණිස ය. රාජපක්ෂ මහතා එකළ ප්‍රසිද්ධියේ කියා සිටියේ සාධාරණත්වය ඉටු කර ගැනීම පිණිස තමා ඕනෑම අයකු සමඟ එක් වන බවත් ඒ සඳහා ඕනෑම තූත්තුකුඩියකට යාමට සූදානම් බවත් ය.

එකළ ආණ්ඩුවේ සිළුමිණ පුවත් පතෙහි අද සිටින කර්තාවරයාම ලැග සිටියේ නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ජාතකය ද ඔහු විසින් ප්‍රශ්ණ කරන්නට තිබුණි.

එකළ මෙළෙස මානව හිමිකම් කොමිසමෙහි සැරිසැරූ තවත් අයෙක් නම් වාසුදේව නානායක්කාර ය. අතුරුදහන්වුවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවෙමින් කරුණූ පැහැදිළි කළේ වාසුදේව ය. ඒ එකළ ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටිටීඊ ය විසින් මෙහෙයවූ සන්නද්ධ අරගල දෙකකට ම මුහුණ දුන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව ය. ජවිපෙ සහ එල්ටීටීඊ යන දෙපාර්ශවය ම විසින් එජාප නායකයින් බොහෝ දෙනෙකු බිලිගෙන සහ ගනිමින් තිබූ අතර එවකට ආර්. ප්‍රේමදාස ජනාධිපති යෙදී සිටියේ ද දේශප්‍රේමී යුද්ධයක ය. එබැවින් වාසුදේවගේ ජාතකය ද සිළුමිණ කර්තෘවරයාගේ චීනක් කණ්ණාඩියට හසු වන්නට හොදටම ඉඩ තිබුණි.

මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්දයෙන් කරන ලද මෙම ප්‍රකාශය කියවා බලන්න:

"අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රඥාප්තීන් යටතේ නිර්දේශිත බොහෝ ආරක්ෂණයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය විසින් අහෝසි කර තිබේ. දීර්ඝ කාලයක් නඩු නොපවරා රහසිගතව රඳවා තබා ගැනීම සාමාන්‍ය බවට පත්ව තිබේ. බොහෝ අවස්ථාවන්හිදී නීතිඥයින්ට සහ ඥාතීනට රුදවියන් හමුවීමට අවස්ථාවක් නැත. අන්තර් ජාතික ජූරි සභිකයින්ගේ කොමිසම ත්‍ර.වැ.ප. හදුන්වා ඇත්තේ ශීෂ්ටාචාරයට එල්ලවූ දුෂ්ඨ ප්‍රහාරයක් ලෙස ය. මෙම තත්ත්වය යටතේ අත් අඩංගුවේ දී සිදු වූ වධහිංසා පැමිණවීම් සහ මරණ බොහෝ සෙයින් වාර්තා වී තිබේ. වධහිංසා පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය බරපතල සැළකිල්ල ප්‍රකාශ කොට ඇත්තේ ඒ නිසා ය. රටෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් සැබැවින්ම උනන්දුවනන්ගේ අවධානය ත්‍රස්තවාදය සහ ඛෙදුම්වාදය ගැන කියා තවදුරටත් වෙනතක හැරවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට නොහැකි ය. කළ යුතුව ඇත්තේ අප කලින් ද කී පරිදි වත්මන් ශ්‍රී ලාංකික සමාජය ලක්ෂිත වන්නා වූ ප්‍රචණ්ඩත්වය සහ ප්‍රචණ්ඩත්වයට හේතු වූ මූල හේතූන්ට පිළියම් කිරීම ය."

අනීවාර්යයෙන් ම සිළුමිණ කතුවරයා විසින් ජාතකය සෙවිය යුතු මේ වචන අයත් වන්නේ අන් කිසිවකුට නොව ජීනීවා හි ශ්‍රී ලංකා තානාපතිනිය වන තමාරා කුනනායගම්ට ය. ප්‍රශ්ණය ත්‍රස්තවාදය නොව දේශපාලන බව ඇය කියූ යේ මෙයට වසර 23කට පෙර 1987 දී ලෝක ශිෂ්‍ය ක්‍රිස්තියානි ව්‍යාපාරය වෙනුවෙන් කතා කරමිනි. එකළ ම මහින්ද රාජපක්ෂ නම් විපක්ෂ දේශපාලනඥයාට ජිනීවා හි මානව හිමිකම් කොමිසම හමුවට යෑමට උදව් කළ එක් අයෙක් බවට ඇය පත් විය.

මහින්ද රාජපක්ෂ හෝ තමාරා කුනනායගම් හෝ එදා දැරූ අද නොදැරීම ඔවුන්ගේ අයිතිය වේ. ඒ ගැන අපට වාද කළ හැකි නමුත් වෙනස් අදහස් දැරීම නිසා ඔවුන්ට ලේබල් ඇලවීම හෝ බිය ගැන්වීම අපේ පිළිවෙත නොවේ. අපි බොහෝ දෙනෙකු කලින් කළ දේශපාලන අදහස් විවිධ හේතූන් උඩ වෙනස් කරමු. ප්‍රශ්ණය ඇත්තේ කවරකු හෝ දරන දේශපාලන අදහස් උඩ ඒ පුද්ගලයාගේ මානව අයිතීන් කෙළෙසීමය. මේ අවස්ථාවේ දී සිදුව ඇත්තේ මාගේ පමණක් නොව මිය ගොස් සිටින මගේ මාපියන්ගේ ද ජිවත්වන මගේ සමීපතමයින්ගේ ද අයිතීන් කෙළෙසීම ය.

මෙම ප්‍රහාරය සඳහා යොදා ගැනුනේ රාජ්‍ය නායකයකු ද පටැලැවූ අමූලික බොරුවක් ය යන කාරණය විසින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලිත ජනමාධ්‍යයේ ඛේදනීය තත්ත්වය පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ද කණගාටුදායක තත්ත්වය යි.

Tell a Friend

වීරවන්සගෙන් තවත් "වීර" වැඩක්

එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් තමාට සහ තමන්ගේ පුතා වන විභුතිට මිලියන 2 බැගින් වියදම් කරමින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගිය ඇමති වීරවංශ එහිදී ශ්‍රී ලාංකිකයින් විදී බැස්සවීමට උත්සහ කළත් එය අසාර්ථක විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවට විරෝධය දැක්වීම අදාල උද්ඝෝෂනයේ අරමුණ විය. ඊට පෙර එක්සත් ජාතීන්ගේ මහා ලේඛම්වරයාද සහභාගී වූ, බුද්ධ ජයන්ති උළෙලටසහභාගී වූ හෙතම මහා ලේඛම් වරයා හමුවීමට උත්සහ කලද එය කිරීමට නොහැකි වී ඇත. අදාළ ඇමතිවරයාගේ මුහුණ දුටු බොහොමයක් එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට මතක් වී ඇත්තේ , ලංකාවේදී ඔහු උපවාසයකදී මැරෙන්න ගිය කෙනා ලෙසය. ඇතැමුන් මොහු දැක ඔලුක්කුවට මෙන් සිනහා වී ඇත.

කෙසේ වෙතත් අදාළ බුද්ධ ජයන්ති උළෙලෙන් පසු උද්ඝෝසහන්යක් සංවිධානය කල හෙතම දරුස්මාන්ගේ වාර්තාව ඉවත් කරගත යුතු බව කියා ඇත. නමුත් පසුගිය 18 වැනිදා 11.30 ට පවත් වූ අදාළ මහා උද්ඝෝෂණය සඳහා 20 දෙනෙකු සහභාගී වී ඇත. ඉන් පස් දෙනෙක් පාලිත කොහොනගේ සහ ශවේන්ද්‍ර සිල්වාගේ ආරක්ෂකයින්ය. තවත් පස් දෙනෙක් නිව්යෝක් හි ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන අයවලුන්ය.

Tell a Friend