ගුගල් , ජීමේල් පාවිච්චි කරන්න එපා කෝල පෙප්සි කෝලා ,කොකා කෝලා බොන්න එපා ඇමරිකාව වර්ජනය කරමු

(විමල් වීරවංස කියයි )

ගුගල් , ජීමේල් පාවිච්චි කරන්න එපා කෝල පෙප්සි කෝලා ,කොකා කෝලා බොන්න එපා ,කේ.එෆ්.සි මැක්ඩොනල්ඩ්ස් වලට යන්න එපා යැයි විමල් වීරවංස නොබෝදා ප්‍රකාශ කළේය. ඔහු මෙසේ කිවේය. අන්තර්ජාලය පාවිච්චි කරන අය ගුගල් සර්ච් එන්ජින් එක පාවිච්චි කරන්න එපා..ජීමේල් එකෙන් ගැලවෙන්න..මගෙත් තියෙන්නේ ජීමේල් එක ඊමේල්..හෙට ඉදන් ඒක වෙනස් කරනවා..ජි මේල් වලින් අයින් වෙමු..ගුගල් වලින් අයින් වෙමු..කොකා කෝලා පෙප්සි කෝලා වලින් අයින් වෙමු. නමුත් විමල් වීරවංස භාවිතා කරන්නේ අයි ෆෝන් එකකි. එසේම ඇමරිකානු නිෂ්පාදනයක් වන "අයි පෑඩ්" උපකරණයද ඔහු භාවිතා කරන බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මේ අනුව දැන් අන්තර්ජාලයට යාමට හෙට අනිද්දා www.com ( වැහැරෙන වර්චස් විමලයා ඩොට් කොම් ) යනුවෙන් කෙටිය යුතුය.

අමිල ගුණරත්න

පහත චායරූප වලින් දැක්වෙන්නේ
1)විමල් වීරවංසගේ බිරිඳ ශෂී වීරවංස ඇමරිකාවේ ඩිස්නිලන්තයේදී ගන්නා ලද චායරූපයකි


2) විමල් වීරවංසගේ බිරිඳ ශෂී වීරවංස කේ.එෆ්.සි අවන්හලෙන් අහාර ගන්නා චායරූපයකි