The Most/Recent Articles

Showing posts with label harper collins. Show all posts
Showing posts with label harper collins. Show all posts

මීරා එච්. සන්යාල්ගේ The Big Reverse කෘතිය HarperCollins India වෙතින්

මෝදි ගත් තීරණය කෘතියක් බවට පත්වූ හැටි - The Big Reverse: How Demonetization Knocked India Out


ඉන්දීය ඉතිහාසයේ කළු පැල්ලමක් සනිටුහන් කරන දිනයක් ලෙස 2016 නොවැම්බර් 8 වැනිදා සනිටුහන් විය. ඒ රුපියල් 500 – 1000 නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි ගත් තීරණයයි.


 

ඒ වනවිට සංසරණය වෙමින් තිබූ මුදල් වලින් 86 % ක ප්‍රතිශතයක් මේ තීරණයත් සමග අවලංගු කරදැමුණු අතර පොදු ජනයා අතර මහත් වියවුලක් ඇතිකළ මේ තීරණයෙන් සිදුවූවේ කුමක්දැයි වටහාගන්නට මහජනතාවට නොහැකි විය.


 


ඉන්දීය ජාතික ආර්ථික විශ්ලේෂිකාවක වන මීරා එච්. සන්යාල් රචනා කළ The Big Reverse: How Demonetization Knocked India Out කෘතියට පදනම් වී තිබෙන්නේ මෙම සිද්ධියෙන් ඇතිවූ ආර්ථික වියවුලයි. මීරා මෙහිදී විශ්ලේෂණයට බඳුන් කර තිබෙන්නේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අන්තරායන්  පිළිබඳවය. HarperCollins India සමාගමේ ප්‍රකාශනයක් ලෙස මේ කෘතිය පසුගියදා ජනගත විය. (කෘතිය මිලදීගැනීමට පිවිසෙන්න. )


 

ද්‍රෘෂ්ටිවාදීමය තර්ක වලට එල්බී නොගෙන තර්කානුකූලව රචනා කර ඇති මේ කෘතිය නරේන්ද්‍ර මෝදි ගත් තීරණය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලෙස ඉදිරිපත් වී ඇති අතර ඒ ඇසුරින් නිගමන වලට ද එළඹී ඇත. රුපියල් 500-1000 අතර නෝට්ටු අවලංගු කිරීමත් සමග සිදුවූයේ කුමක්ද යන්න ගැන කිසිවක් නොදැන සිටි ජනතාවට විස්තීර්ණ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට ඇය කටයුතු කර ඇත.


 

නරේන්ද්‍ර සිං මෝදිගේ පාලනය මේ තීරණය සම්බන්ධයෙන් පැවසූවේ, ඉන්දියාව දිගු කාලයක් පුරා අත්විඳිමින් සිටි ගැටළු වන කළු සල්ලි, දූෂණය, බදු ගෙවීම් පැහැර හැරීම හා ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම වැනි දෑ වැළැක්වීමට ගත් පියවරක් බවය.


 

අවලංගු කරන ලද රුපියල් 500 හා රුපියල් 1000 නෝට්ටු අවලංගු කර නැවත භාරගැනීමට ඉන්දීය Reserve Bank of India ගත් තීරණයෙන් පිළිබිඹු වන්නේ මෙය අන් කිසිවක් නොව මිරිඟුවක් බව මීරා තර්ක කරයි. 


 

සාමාන්‍ය ජන ජීවිතයට මේ තීරණය මගින් ජනතාවගේ දෛනික ජන ජීවිතය විනාශ වූ අතර, ගොවීන් - වෙළෙන්ඳන් ද විශාල ප්‍රමාණයේ දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් බංකොලොත්භාවයට ඇද දැමුණි.


 



 

මීරා එච්. සන්යාල් - කතුවරිය ගැන


මීරා එච්. සන්යාල් ඉන්දියාවේ සිටින අතිවිශිෂ්ඨ බැංකු නිළධාරිනියක වේ. ඉන්දීය RBS බැංකුවේ සාමාන්‍යාධිකාරී හා සභාපතිනිය වශයෙන් කටයුතු කළ ඇය රාජ්‍ය සේවයට ඇතුළත් වීම සඳහා 2013 දෙසැම්බරයේදී එම ධූරයෙන් ඉල්ලා අස්වූවාය.


 

ඉන්පසුව, ඉන්දීය Aam Aadmi පක්ෂයට සම්බන්ධ වු අතර අද වනවිට ඇය එහි ජාතික විධායක කමිටුවේ සාමාජිකාවක ද වේ.


 

 

 

 

 

සටහන 

 

වින්ධ්‍යා ගම්ලත් 

 

 

නැක්සල් ගරිල්ලා භටයින් සමග දිවිගෙවූ ඇල්පා ෂා ගේ කතාව - Nightmarch

නැක්සල් ගරිල්ලා භටයින් සමග පා ගමනින් ගිය ඇල්පා ෂා ගේ කතාව


ඉන්දීය රජය නැක්සල් ව්‍යාපාරයේ ගැටුම් වලට මැදිවූ ප්‍රදේශවල කැරලි මර්දන මෙහෙයුම් සිදුකරමින් සිටින අතරතුරදී ඇල්පා ෂා නම් මානව විද්‍යා මහාචාර්යවරිය නැක්සල් ගරිල්ලා පාබල හමුදා ඛණ්ඩය සමගින් එක්වී බිහාරය හා ජාකන්ද් හරහා දින හතක් පුරාවට කිලෝමීටර 250 ක් ගෙවාදමමින් පා ගමනින් ඇවිද යෑමට 2010 වසරේදී සැලසුම් කළාය. ඇල්පා මේ ආයුධ සන්නද්ධ පිරිස් අතර සිටි එකම නිරායුධ තැනැත්තිය වූවාය. ඔලිව් කොළ පැහැ නිළ ඇඳුමක් ඇය ඇඳගෙන සිටි ඈ නිර්භීතව මේ ගමනට එක්වූවේ පර්යේෂණ අරමුණක් පෙරදැරි කරගෙනය. මෙහි දිගහැරෙන්නේ කම්කටොළු, දුර්ග මාවත් මතින් ඇවිද ගිය ඇගේ කතාවයි. මෙහිදී ඇයට අවබෝධ කරගැනීමට වුවමනා වූවේ රටේ දුප්පතුන් ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් මඟහැර ගොස් විප්ලවවාදීන් සමග ඒකාබද්ධ වී තිබෙන්නේ ඇයිදැයි යන්න දැනගැනීමටය.



රළු මාවත් මතින් දිගහැරෙන ඇගේ ගමන් මඟ පුරාවට දිගහැරෙන්නේ විවිධාකාර පසුබිම් වලින් පැවත එන පිරිස් ලෝකය වෙනස් කිරීමට අවි අතට ගෙන එකාවන්ව නැගී සිටියේ ඇයිදැයි යන්න මෙන්ම ඔවුන් බිඳ වැටුණේ කෙසේද යන්නයි. Nightmarch: A Journey Into India's Naxal Heartlands කෘතියට පදනම් වී තිබෙන්නේ ඒ කතාවයි. මෙම කෘතිය ඉන්දීය HarperCollins India සමාගමේ කෘතියක් ලෙස පසුගියදා එළදැක්වුණි. (HarperCollins India වෙතින් කෘතිය ලබාගැනීමට පිවිසෙන්න.)


ගරිල්ලා හමුදා කණ්ඩායම් වලට එක්වන හා ඉන් ඉවතට ඇදී යන ගෝත්‍රික තරුණයින්, උගත්, බුද්ධිමත්  තරුණයින් සිය ආරක්ෂාව පසෙක දමා උසස් පරමාදර්ශයන් ජීවිතය එක්කරගත් අයුරු කෙසේද යන්න, සමානාත්මතාවය ගැබ්වුණු නිවසක් සොයාගෙන විප්ලවය සමග එක්වූ කාන්තාවන්ගේ කතාව, නැක්සලයිට්වාදීන් හා ආරක්ෂක අංශ අතර ඇතිවන ගැටුම් වලින් ඇතිවූ තත්ත්වය ගැන මෙහි සඳහන් වී ඇත.


නැක්සල් බලකොටුවේ සිටින ගෝත්‍රික ජනතාවගේ එදිනෙදා ජීවිතය ඇසුරින් ඇල්පා වසර ගණනාවක් සිදුකළ පර්යේෂණ හා අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙස බිහිවුණු Nightmarch කෘතියේ විවරණය කර තිබෙන්නේ සමකාලීන ඉන්දියාවේ හටගත් ගැටුම් වූ ආර්ථික පිළිබිඹුව, නැගී එන අසමානතාවය, පැහැර ගැනීම ආදියයි.


 

ඇල්පා ෂා යනු කවුද ? 


ඇල්පා ෂා London School of Economics and Political Science හි මානවවිද්‍යා අංශයේ සහකාර මහාචාර්යවරියක ලෙස සේවය කරන්නීය. නැගෙනහිර ඉන්දියාවේ ආදිවාසී ජනතාව සමග වසර ගණනාවක් පුරා ජීවත් වූ ඇය ඒ ඇසුරින් ලබාගත් අත්දැකීම් මෙන්ම පර්යේෂණයන්ද සිය ලේඛනයන්ට පාදක කරගෙන ඇත.


Ground Down by Growth - Tribe, Caste, Class and Inequality in 21st Century India, The Underbelly of the Indian Boom හා In the Shadows of the State: Indigenous Politics, Environmentalism, and Insurgency in Jharkhand, India ඇය විසින් රචිත කෘතීන් අතරට අයත්ය. 

 


මෙම කෘතිය පිළිබඳ අදහස් පළවී ඇති සුවිශේෂී විචාර කීපයක් මෙලෙස හඳුනාගත හැක.


 

‘‘නැක්සල් ගැටුම පිළිබඳ මෙතෙක් ලියැවී ඇති සුවිශේෂී විශ්ලේෂණයක් මෙන්ම සානුකම්පිත බවකින් යුතුව ලියැවී ඇති කෘතියකි‘‘ - Julia Lovell, Guardian


 

‘‘සමාජ විද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණයක් හෝ කෘතියක් යුහුසුළුව කියවීම අතිශය අසීරුයි. නමුත්, මේ නිර්භීත කතුවරයා අතිශය දුර්ලභ කරුණු ගැබ්වුණු කෘතියක් රචනා කර තිබෙන අතර පාඨකයා ඇඳබැඳ තබා ගැනීමට සමත් වෙමින්, අතිශය සුන්දර ලෙස මෙන්ම පාඨකයින්ව දැනුම්වත් කිරීමට සමත් වෙමින් මෙය රචනා කොට තිබෙනවා‘‘  - ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ජයති ගෝෂ්


 



 

සටහන - වින්ධ්‍යා ගම්ලත්