මීරා එච්. සන්යාල්ගේ The Big Reverse කෘතිය HarperCollins India වෙතින්

මෝදි ගත් තීරණය කෘතියක් බවට පත්වූ හැටි - The Big Reverse: How Demonetization Knocked India Out


ඉන්දීය ඉතිහාසයේ කළු පැල්ලමක් සනිටුහන් කරන දිනයක් ලෙස 2016 නොවැම්බර් 8 වැනිදා සනිටුහන් විය. ඒ රුපියල් 500 – 1000 නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි ගත් තීරණයයි.


 

ඒ වනවිට සංසරණය වෙමින් තිබූ මුදල් වලින් 86 % ක ප්‍රතිශතයක් මේ තීරණයත් සමග අවලංගු කරදැමුණු අතර පොදු ජනයා අතර මහත් වියවුලක් ඇතිකළ මේ තීරණයෙන් සිදුවූවේ කුමක්දැයි වටහාගන්නට මහජනතාවට නොහැකි විය.


 


ඉන්දීය ජාතික ආර්ථික විශ්ලේෂිකාවක වන මීරා එච්. සන්යාල් රචනා කළ The Big Reverse: How Demonetization Knocked India Out කෘතියට පදනම් වී තිබෙන්නේ මෙම සිද්ධියෙන් ඇතිවූ ආර්ථික වියවුලයි. මීරා මෙහිදී විශ්ලේෂණයට බඳුන් කර තිබෙන්නේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අන්තරායන්  පිළිබඳවය. HarperCollins India සමාගමේ ප්‍රකාශනයක් ලෙස මේ කෘතිය පසුගියදා ජනගත විය. (කෘතිය මිලදීගැනීමට පිවිසෙන්න. )


 

ද්‍රෘෂ්ටිවාදීමය තර්ක වලට එල්බී නොගෙන තර්කානුකූලව රචනා කර ඇති මේ කෘතිය නරේන්ද්‍ර මෝදි ගත් තීරණය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලෙස ඉදිරිපත් වී ඇති අතර ඒ ඇසුරින් නිගමන වලට ද එළඹී ඇත. රුපියල් 500-1000 අතර නෝට්ටු අවලංගු කිරීමත් සමග සිදුවූයේ කුමක්ද යන්න ගැන කිසිවක් නොදැන සිටි ජනතාවට විස්තීර්ණ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට ඇය කටයුතු කර ඇත.


 

නරේන්ද්‍ර සිං මෝදිගේ පාලනය මේ තීරණය සම්බන්ධයෙන් පැවසූවේ, ඉන්දියාව දිගු කාලයක් පුරා අත්විඳිමින් සිටි ගැටළු වන කළු සල්ලි, දූෂණය, බදු ගෙවීම් පැහැර හැරීම හා ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම වැනි දෑ වැළැක්වීමට ගත් පියවරක් බවය.


 

අවලංගු කරන ලද රුපියල් 500 හා රුපියල් 1000 නෝට්ටු අවලංගු කර නැවත භාරගැනීමට ඉන්දීය Reserve Bank of India ගත් තීරණයෙන් පිළිබිඹු වන්නේ මෙය අන් කිසිවක් නොව මිරිඟුවක් බව මීරා තර්ක කරයි. 


 

සාමාන්‍ය ජන ජීවිතයට මේ තීරණය මගින් ජනතාවගේ දෛනික ජන ජීවිතය විනාශ වූ අතර, ගොවීන් - වෙළෙන්ඳන් ද විශාල ප්‍රමාණයේ දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් බංකොලොත්භාවයට ඇද දැමුණි.


 



 

මීරා එච්. සන්යාල් - කතුවරිය ගැන


මීරා එච්. සන්යාල් ඉන්දියාවේ සිටින අතිවිශිෂ්ඨ බැංකු නිළධාරිනියක වේ. ඉන්දීය RBS බැංකුවේ සාමාන්‍යාධිකාරී හා සභාපතිනිය වශයෙන් කටයුතු කළ ඇය රාජ්‍ය සේවයට ඇතුළත් වීම සඳහා 2013 දෙසැම්බරයේදී එම ධූරයෙන් ඉල්ලා අස්වූවාය.


 

ඉන්පසුව, ඉන්දීය Aam Aadmi පක්ෂයට සම්බන්ධ වු අතර අද වනවිට ඇය එහි ජාතික විධායක කමිටුවේ සාමාජිකාවක ද වේ.


 

 

 

 

 

සටහන 

 

වින්ධ්‍යා ගම්ලත්