The Most/Recent Articles

Showing posts with label crisis. Show all posts
Showing posts with label crisis. Show all posts

අයි.ටී.එන් හොර ගුහාවක්, සුදර්මන් රදලියගොඩ ගැන කතාකරන්න අපිට වෙනම විවාදයක් ඕන - මංගල






අමාත්‍ය මංගල සමරවීර අද (9) පාර්ලිමේන්තුවේ රාජ්‍ය මාධ්‍ය අර්බුදය ගැන පැහැදිලි කරමින් පැවසුවේ ස්වාධීන රූපවාහිනී සේවය දූෂිත තැනක් බවත් මීට විසඳුම විය යුත්තේ එය මහජන සේවා මාධ්‍යක් ලෙස පවත්වාගෙන යාමත් බව පවසා සිටියේය.





මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ‘‘සුදර්මන් රදලියගොඩ ගැන කතාකරන්න අපිට වෙනම විවාදයක් ඕන. මෙතන මගේ යාළුවෝ නැහැ. යාළුවොයි සේවකයොයි කියන්නේ දෙකක්‘‘ යන්නයි.










https://www.facebook.com/VoiceOfJustice2018/videos/294872914707612/





ලංකාව මුහුණදෙමින් සිටින මූල්‍ය අර්බුද

- ආචාර්ය උස්වත්ත ආරච්චි - 


විසඳුම් පිළිබඳ කෙටි සටහනක්


මේ ප‍්‍රශ්නය ඉදිරියේ අප කළ යුතුව ඇත්තේ, සමස්ත ආර්ථිකය පාවිච්චියට ගන්නා සම්පත් ප‍්‍රමාණය අඩු කර ගැනීමත්, වසර ගණනක් ගත වන තෙක් වසරක් පාසා ආණ්ඩුව විසින් ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යාමත් සැලකිල්ලට ගැනීමයි. තවත් විදිහකින් කිවහොත්, වියදමට වැඩි ආදායමක් උපයා ගත යුතුව තිබේ. ඒ සඳහා බදු ආදායම වැඩි කර ගත යුතු අතර, ජංගම වියදම අඩු කර ගත යුතුය. එය හඳුන්වන නාමය වන්නේ ආර්ථික ලූහුපෙවෙතයි.


ආර්ථිකය තුළ ඉතිරියක් ඇති කර ගත යුතු අතර, ඊට අමතරව, විදේශ ණය ආපසු ගෙවා දැමීම සඳහා අපනයනවල අතිරික්තයක් ද ඇති කර ගත යුතුව තිබේ. ආනයනයන් පාලනය කර ගැනීම හරහා ආනයන වියදම අඩු කරගෙන, ඒ අනුසාරයෙන් ඇති කර ගැනෙන මේ කියන ‘අපනයන අතිරික්තය’, ණය ගෙවීම සඳහා පාවිච්චියට ගත යුතු බවට සමහරු යෝජනා කරති. එය, කියන තරම් පහසු කාරියක් නොවේ. 2016 දී අප ආනයනය කළ මුළු ප‍්‍රමාණයෙන් සියයට 51 ක් සමන්විත වුණේ ‘අතරමැද භාණ්ඩවලිනි’. එනම්, දේශීය භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩයි. ඉතිං, අතරමැද භාණ්ඩ ආනයනය අඩු කළොත්, අපේ දේශීය නිෂ්පාදිනය සහ අපේ රැුකියා අවස්ථා පහළ වැටෙනවා පමණක් නොව, නැවතත් ආනයනයන් වැඩි වීම ද සිදුවිය හැකිය. උදාහරණයක් වශයෙන්, පොහොර ආනයනය අඩු කළොත් සහල් අස්වැන්න අඩු විය හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සහල් ආනයනය වැඩි කිරීමට සිදුවිය හැකිය. අනිත් අතට, මෙරටින් අපනයන කෙරෙන භාණ්ඩ නිෂ්පාදනයත් පහළ වැටිය හැකිය. මේ නිසා, යම් ප‍්‍රතිලාභයක් ලැබීමට නම්, කෙටිකාලීනව වියදම් කපා හැරිය යුතුව තිබේ. ඉහළ නිෂ්පාදන ඵලදායීතාවක් අත්කර ගත යුතුව තිබේ. ඒ නිෂ්පාදන ඵලදායීතාවෙන් වැඩි කොටසක් විදේශයන්ට විකිණිය යුතුය. නැතහොත්, ඉහළ නිෂ්පාදන ඵලදායීතාව, ආනයන ආදේශනයකට තුඩුදෙන පරිද්දෙන් හැසිරවිය යුත්තේය. ඒ සඳහා, වර්ධනය වන ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට අපට සිදුවෙයි.


විදේශ විනිමය අපට සොයා ගත හැකි අන්දම


විදේශයන්ගෙන් ලබාගෙන ඇති ණය පියවා ගැනීමට අවශ්‍ය කරන විදේශ විනිමය අපට සොයා ගත හැක්කේ, අප ආනයනය කරනවාට වඩා අපනයනය කිරීමෙන් උපයා ගන්නා අතිරික්ත ධනයෙනි. ආණ්ඩුවේ වියදමට වඩා ආණ්ඩුවේ ආදායම ඉහළ මට්ටමක පවත්වා ගැනීමෙන් ඉතිරි කර ගන්නා අතිරික්ත මුදල, විදේශ ණය ගෙවා දැමීම සඳහා පාවිච්චි කළ හැකිය. එසේ කිරීමට නම්, සමාජයත් ඒ සමාජයේ ඒජන්තයා වන ආණ්ඩුවත්, ලූහුපෙවෙතක් අනුගමනය කළ යුතුය. වෙනත් රටවල ආර්ථිකයන්ගෙන් ණයට ලබා ගන්නා මුදලින් අපට ජොලි කළ හැකි වෙතත්, ඒ ණය ගෙවීමේදී අපට විඳවීමට සිදුවන්නේය. එනම්, අපේ ජීවන තත්වය පහළ වැටෙන්නේය. ලූහුපෙවෙත් ආර්ථික වැඩපිළිවෙලවල් වනාහී හලාහල විසක් හෝ ජනතාවගේ ජීවිත විනාශ කිරීමට යොදා ගන්නා දෙයක් හෝ නොවේ. එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ චිකාගෝ නුවර සිටින කිසියම් ආර්ථික විද්‍යාඥයෙකු නිර්මාණය කළ දෙයක් ද නොවේ. කෙටිකාලීන්ව ගත් විට, වෙනත් විකල්පයක් අපට ඇත්තේ නැත.


ඇමරිකාවේ බඩජහරි කමක් තිබුණි. එය තේරුම් ගත් ඇමරිකානු ආණ්ඩුව, එතෙක් පෞද්ගලික අංශයට දෙමින් තිබූ ණය 2009 දී කපා හැරියේය. මෙසේ කිරීමෙන් යම් දායකත්වයක් ආර්ථිකයට ලැබෙයි ද යන්න පසක් කර ගැනීම සඳහා කළ හැකි අගනා පරීක්ෂණයක් තිබේ. එනම්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ඒ මාර්ගයෙන් ඉතිරියක් ප‍්‍රවර්ධනය කර ගන්නේ ද, ආනයනයන්ට වඩා අපනයනයන් වර්ධනය කර ගන්නේ ද (විදේශගත ශ‍්‍රී ලාංකිකයන් ලංකාවට එවන ධනයත් ඇතුළුව) යන්න පිරික්සා බැලීමයි. මෙහිදී සැලකිල්ල යොමු කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම්, ආර්ථික ලූහුපෙවෙතක් පවත්වාගෙන යාමේදී ඒ මගින් සමාජයේ පහළම තීරුවේ ජීවත් වන ජනතාවට වැඩියෙන් ගැහැටක් ඇති නොවන තැනට වගබලා ගැනීමයි.



ජෝර්ජ් මාෂල් සැලැස්ම


මේ කරුණු හැරුණු කොට, අපට සුන්දර අපේක්ෂාවක් ද තිබේ. එනම්, ලෝකයාගෙන් අපට ඉතා නිර්ලෝභීව ආධාර උපකාර ලැබීමට ඉඩක් තිබේ ද යන්නයි. එවැනි අවස්ථාවක්, දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු බටහිර යුරෝපය ගොඩගැනීම සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වී තිබේ. එය ජෝර්ජ් මාෂල් සැලැස්ම වශයෙන් හැඳින්වෙයි. එසේම, එම යුද්ධයෙන් පසුව, ජපානය සම්බන්ධයෙන් ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් යටතේත් එවැනි සැලැස්මක් ක‍්‍රියාත්මක විය. මේ ආර්ථික වැඩ සටහන් දෙකම සැලසුම් කෙළේ සහ ක‍්‍රියාත්මක කෙළේ ඇමරිකාව විසිනි. මුළු බටහිර යුරෝපයත්, ජපානයත් යුද්ධයෙන් හොඳටම විනාශ වී තිබුණි. ඉහත කී ජෝර්ජ් මාෂල් සැලැස්ම බටහිර යුරෝපය සම්බන්ධයෙන් මොන තරම් සාර්ථකව ක්‍රියාත්මක වී ද යත්, එක් ආර්ථික විද්‍යාඥයෙකු දක්වන පරිදි, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ගත වූ අවුරුදු විස්සක කාලය ‘ධනවාදයේ ස්වර්ණමය යුගය’ බවට පත්විය. අපේ රට සම්බන්ධයෙන් ගත් විට, චීනය සහ ඇමරිකාව අතර පවතින අරගලය තුළින් යම් ආකාරයක ඉන්ද්‍රජාලික පරෙවියෙකු මැවීමේ හාස්කමක් වුණොත් මිස, එවැන්නක් අපේක්ෂා කිරීම සුරංගනා සිහිනයක් පමණක්ම වනු ඇත. එවැනි සහනයක් වෙනත් රටකින් අපට ලැබුණත්, ඒ සඳහා විශාල මිලක් ගෙවීමට අපට සිදුවෙනවා ඇත.


අනිත් අතට, විදේශ ණය ගෙවා දැමීම සඳහා විකුණා දැමිය හැකි සම්පත් අපට බහුලව ඇත්තේ ද නැත. රටේ දැන් පවතින තත්වය උඩ එවැනි විකිණීමක් කළත් එය සිදු කිරීමට වන්නේ කුණු කොල්ලයට ය. ඊටත් වඩා, එසේ අපේ සම්පත් විකුණා දැමීම දේශපාලනික වශයෙන් ඉතා විනාශකාරී ප‍්‍රතිඵල අත්කර දීමටත් තුඩුදෙනු ඇත.


 අතිරික්ත සම්පත්, නැති බැරි රටවල් තුළ ආයෝජනය කිරීම


විදේශ රටවල තිබෙන අතිරික්ත සම්පත්, නැති බැරි රටවල් තුළ ආයෝජනය කිරීමට සලස්වා ගැනීම තවත් විසඳුමකි. එහිදී විදේශ ආයෝජකයා කරන්නේ තමන්ගේ විදේශ මුදල් අපේ මහ බැංකුවට විකුණා ලැබෙන රුපියල් ලංකාවේ වියදම් කිරීමයි. එහෙත් එවැනි ආයෝජන ආකර්ශණය කර ගැනීමට නම්, නැති බැරි රටේ දේශපාලනික හා ආර්ථික පරිසරය ආකර්ශණීය විය යුතුය. ලංකාවේ මෙන් 100 ගුණයක් විදේශ ආයෝජන තමන් වෙත ආකර්ශණය කර ගැනීමට මේ වන විට වියට්නාමය සමත්ව සිටී. එයින් පෙන්නුම් කරන්නේ ලංකාව, එවැනි විදේශ ආයෝජකයන් ඇදී එන රටක් නොවන බවයි.


ණය ආපසු ගෙවීමේ ක‍්‍රමය අලූතින් සකසා ගැනීම


 


ණය ආපසු ගෙවීමේ ක‍්‍රමය අලූතින් සකසා ගැනීම, එක්තරා ආකාරයක විසඳුමක් විය හැකිය. ඒ සඳහා වඩාත් අඩු පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීමට යොමු විය හැකිය. මේ සඳහා, රටවල් සහ අන්තර්-රාජ්‍ය මූල්‍යායතන ඒකරාශී කොට, එවැනි ණය ගෙවීමේ පහසු කොන්දේසි සහිත ක‍්‍රමයක් සකස් කර දෙන ඉල්ලා සිටිය හැකිය. ඒ අනුව පහසු කොන්දේසි යටතේ ලබා ගන්නා ණය මුදල්, දැනට ගෙවීමට ඇති ණය බර අඩු කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකිය. ඇත්ත වශයෙන්ම, ණය ප‍්‍රමාණයේ අඩුවක් ඒ මගින් සිදු නොවෙතත්, ණය ගෙවීමට ඇති කාල පරාසයත්, අඩු පොලී අනුපාතයනුත් එවිට සකසා ගත හැකි වන්නේය.


 


ණය ගොඩගැසෙන්නේ, ලබා ගත් ණය ප‍්‍රමාණය සහ පොලී ප‍්‍රමාණයන් ගෙවා ගත නොහැකි වන විට ය. ඒ නොහැකියාව ඇති වන්නේ, ලබා ගත් ණය මුදල් නියමිත කාලයක් තුළ ප‍්‍රතිලාභ ගෙන නොදෙන ව්‍යාපෘති තුළ යෙදවීම නිසා ය. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ ඊට අගනා සාක්ෂියකි. ණය උගුල ඇති වන්නේ එයාකාරයෙනි. සමස්ත ඉල්ලූම අඩු කර ගැනීමට ආණ්ඩුවක් කටයුතු නොකරන්නේ නම්, විදේශ ණය ආපසු ගෙවීම මගහැරේ. ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි තත්වයට පත් ග‍්‍රීසිය ඒ සඳහා යුරෝපය සමග ගිවිසුමකට ඇතුළත් විය. ඒ අනුව, ආර්ථික ලූහුපෙවෙත් වැඩ සටහනක් ක‍්‍රියාත්මක කිරීමට ග‍්‍රීසිය එකඟ වූ අතර ඒ මගින් ග‍්‍රීසියේ ජනතාවට ඇති විය හැකි බරපතල පීඩාව අවම කර ගැනීම සඳහා තාවකාලික සහන යුරෝපයෙන් සැපයීමට එකඟ විය. දැන් ග‍්‍රීසිය ඒ අර්බුදයෙන් ගොඩ එමින් සිටී. එම විසඳුම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම හරහා බොහෝ රටවලට ලබා ගත හැකි එක් විසඳුමකි.


අපේ රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට යෝජනා කරන පොදු ප‍්‍රතිකර්මයක් වන්නේ ආනයන සීමා කිරීමයි. එය ඉතා කාර්යක්ෂම විසඳුමකි. ක‍්‍රියාත්මක කිරීමට ද පහසු ය. එසේම, මාස තුනක් හෝ හතරක් වැනි කාලයක් තුළ ප‍්‍රතිඵල ද ලැබිය හැක්කේය. 2016 දී අපේ මුළු ආනයනයන්ගෙන් සියයට 8.4 ක් සමන්විත වුණේ සහල් ආනයනයන්ගෙනි. පරිප්පු, වෛද්‍ය සහ ඖෂධ ආනයනයන් සියයට 3.4 ක් විය. එනම්, සමස්ත ආනයනයන්ගෙන් සියයට 11.8 කි. මෙය, සමස්ත පාරිභෝගික භාණ්ඩ ආනයනයන්ගෙන් සියයට 50 ටත් වැඩි ප‍්‍රතිශතයකි. මෙකී භාණ්ඩ කිසිවක් ආනයනය කිරීම නතර කළ නොහේ. එසේ වුවහොත් රට පුරා විශාල නොසන්සුන්තාවක් ඇති විය හැකිය.


සමස්ත ආනයනයන්ගෙන් සියයට 78 ක් සමන්විත වන්නේ, මීට ඉහත ඡේදයකදී පෙන්වා දුන්, අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩවලිනි. ඉන්ධන, සිමෙන්ති, පොහොර සහ යන්ත‍්‍රසූත‍්‍ර ආදිය ඊට අයත් වෙයි. රටේ විරැකියාව උග‍්‍ර නොකර, එසේම, ආදායම් මට්ටම පහළ නොවැටෙන ආකාරයෙන්, මේ කියන කිසිවක් ආනයනය කිරීම නතර කළ නොහේ. ආනයන සීමා කිරීම පිළිබඳ එවැනි සීමාවන් තිබියදී, අනිත් පැත්තෙන්, භාණ්ඩ සහ සේවාවන් අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගත යුතුව ඇති බවත් සිහියේ තබා ගත යුතුය. අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනය සීමා කළොත් නිෂ්පාදන ක‍්‍රියාවලිය අඩාල වන නිසා එය අපේ අපනයනයන් අඩාල වීමට ද හේතු වන්නේය. මගේ මිතුරෙකු මෑතකදී මට පෙන්වා දුන් පරිදි, ආනයනයන් අඩු වන විට, ඒවා මිලදී ගැනීම සඳහා එතෙක් යොමු වූ ක‍්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) ඊළඟට දේශීය නිෂ්පාදන පැත්තට වහා හැරෙන බැවින් එම භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමටත් ඉඩ තිබේ. එම ක‍්‍රියාවලිය උද්ධමනය නමින් හැඳින්වේ. මෑත කාලයේ එම තත්වය සිම්බාබ්වේ රටේ දැක ගත හැකි විය. දැන් එය වෙනිසියුලාවේ ද දැකිය හැකිය.


දේශීය මිල ගණන්වල ඉහළ යාමට සරිලන පරිද්දෙන් රුපියල අවප‍්‍රමාණ නොවුණොත් වෙන්නේ මොකක්ද ?


එසේම මෙසේ භාණ්ඩ මිල ඉහළ යාම, සියලූ අපනයනයන් කෙරෙහි බලපාන්නේය. දේශීය මිල ගණන්වල ඉහළ යාමට සරිලන පරිද්දෙන් රුපියල අවප‍්‍රමාණ නොවුණොත්, අපේ අපනයන වෙළඳපොළ වෙනත් අපනයනකරුවන් විසින් අත්කර ගැනීමට ඉඩ තිබේ.


යෝජනා කරන තවත් විසඳුමක් වන්නේ මුදල් අච්චු ගැසීමයි. අතරමැදි භාණ්ඩ ගෙන්වීම සීමා වීම නිසා ඇති වන විරැකියාව පාලනය කරනු වස් එසේ මුදල් අච්චු ගැසීමෙන් රැුකියා අවස්ථා ඇති කර ගත යුතුව ඇතැයි ඔවුහූ පෙන්වා දෙති. කෙනෙකුගේ ආදායම තුළ අඩංගු සෑම රුපියල් දහසකින්ම රුපියල් 300 ක් වැය කෙරෙන්නේ ආනයනය කරන ලද භාණ්ඩ මිලදී ගැනීමට ය. වැඩියෙන් මුදල් අච්චු ගසන විට, ආනයනයන් සඳහා වන ඉල්ලූමත් වැඩි වෙයි. ඒ මගින් අපනයනයන් සඳහා අනිවාර්ය තල්ලූවක් ලැබෙන්නේ නැත. ඒ නිසා එය ද ප‍්‍රශ්නයට පිළියමක් නොවේ.


අප මුහුණදෙන තවත් අර්බුදයක් වන්නේ, විදේශ විනිමය වෙළඳපොළේ රුපියලේ අගය එක දිගටම බාල්දු වීමයි. එක දිගටම ලංකාවේ රුපියල මෙසේ අවප‍්‍රමාණ වී ඇතත්, මේ වසරේ එය වඩාත් වේගවත් වී ඇත. මහ බැංකුව සතුව විදේශ විනිමය සංචිතයක් තිබෙන බැවින් රුපියලේ අගය පහත වැටීම යම් අවස්ථාවකදී පාලනය කර ගත හැකි වෙතැයි මහ බැංකුව බොහෝ විට අපට කියා ඇත. එසේ කියන්නේ, රුපියලේ අගයේ අස්ථායීතාව හටගෙන ඇත්තේ වෙළඳාමට අදාළ කාරණයක් නිසා බවට ඇති උපකල්පනයක් මත පිහිටා ය. එහෙත්, 1997 දී තායිලන්තයේ මුදලේ අගය කඩා වැටුණේ, එරටේ තිබූ ප‍්‍රාග්ධනය රටෙන් පිටට ඇදී ගිය නිසා බව අප අමතක නොකළ යුතුය. රුපියල් වෙළඳපොළෙන් ඉවත් වීමට මුදල් ගනුදෙනුකරුවන් පෙළඹුණොත්, රුපියල් බිලියන 10 ක් යොදා ඒ ඇදී යාම වැළැක්වීමේ හැකියාවක් නැත. ඔක්තෝබර් 17 වැනි දා දක්වා වූ සතිය තුළ මෙය මැඩලීම සඳහා බිලියන 3.3 ක් නැති කර ගැනීමට සිදු විය. අපේ සමස්ත විදේශ විනිමය සංචිතය වන්නේ ඩොලර් බිලියන 10 ක් පමණි. තායිලන්තයේ මහ බැංකුව එරටේ මුදලේ අගය වැටීම පාලනය කර ගැනීම සඳහා ඩොලර් බිලියන 25 ක් වැය කෙළේය. එහෙත් එම මුදල කඩා වැටීම නතර කර ගැනීමට තායිලන්තයට නොහැකි විය.


 

අප මුහුණදෙන අර්බුදවල දළ ස්වභාවයත්, එම අර්බුද හටගෙන තිබීමේ හේතු කාරණාත්, අනුගමනය කළ හැකි යැයි සිතෙන මුත් එතරම් පහසු නැති ඇතැම් විසඳුම්වල ස්වභාවයත් එයාකාර ය. මේ තත්වය, විකල්ප මාර්ග යෝජනා කරමින් නිවැරදි කර ගැනීමේ වගකීමක් ආර්ථික විද්‍යාඥයන්ට තිබේ. දැනුම් තේරුම් නැති දේශපාලඥයන් තක්කඩියන්ගේ බහට අවනත වීමෙන් මුදවා ගත හැක්කේ ඔවුන්ට ය.


 

(2018 නොවැම්බර් 3 වැනි දා ‘ද අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ, ආචාර්ය උස්වත්ත ආරච්චි ලියූ, “Current Economic and Financial Crises (2)'’ නැමැති ලිපියේ දෙවැනි කොටස. ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)

රැඳී සිටින්න: ‘‘මහින්ද මැජික්’’

‘‘මහින්ද මාමා වෙතටයි,


මෛත්‍රී ඔබව අගමැති කළ බව සැල වූ සැණින් මෙය ලිවීමට සිතුණේය. මීට සතියකට දෙකකට කලින් ඔය දෙන්නා දොරවල් වහගෙන රහසේ හමු වූ දා පටන්, එවැනි හමුවක් සිදු නොවුණු බව ඔබ දෙන්නාම කී දා පටන්, මොකක් හෝ මරාලයක් කඩා වැටෙන්ට යන බවට යම් හැඟීමක් තිබුණා තමයි. ඒත් ඔබව අගමැති කරපු ආරංචිය මේ පාරාදීසයේ ඉන්න අපි හුඟ දෙනෙකුට ඇස් නිලංකාර කරන සිද්ධියක් වෙච්ච විත්තිය කියන්න  ඕනේ.



 

‘‘මේ විදිහට ආතක්පාතක් නැති වුණේ අපිට විතරක් නෙවෙයි ........‘‘


මේ විදිහට ආතක්පාතක් නැති වුණේ අපිට විතරක් නෙවෙයි. අර කොළ පාට මිනිහත් තවම කියනවා එයයි අගමැති කියලා, විශ්වාස භංගයක් ගේන්නේ නැතුව ඒ තානාන්තරෙන් එයාව අයින් කරන්න බැහැ කියලයි එයා කියන්නේ. ඒකෙත් ඇත්තක් තියෙන බව පේනවා. කොහොම වුණත්, දැන් අපිට අගමැතිලා දෙන්නෙක්ම ඉන්නවා.


පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක්ගේ විශ්වාසේ තාම තියෙන්නේ තමුන්ට කියලා උන්නැහේ කියනවා. කැබිනට් මණ්ඩලය විසුරුවා ඇරලත් නැහැලූ. ඒත් මාමා කියන්නේ, අලූත් ඇමති මණ්ඩලයක් ඉක්මණින්ම පිහිටුවනවා කියලා. ග‍්‍රාම සේවකයෙකුට රටක් භාර දුන්නහම වෙන කොහොම වෙන්න ද?


මෛත‍්‍රී කරපු දේ ව්‍යවස්ථාවට පටහැනි ලූ. ඒක නිසා, අද රටේ ව්‍යවස්ථා අර්බුදයක්ලූ. ඒක වෙන්න පුළුවන්. ඒත් ඒ ගැන කවුරුවත් පුදුම වෙන්න  ඕනේ නැහැ. මොකද, මෛත‍්‍රී කියන්නේ, දුන්න පොරොන්දු ඔක්කොම කඩ කරපු මිනිහෙක් නිසා. මිනිහා මුලින්ම කළේ මාමට පිටිපස්සෙන් ඉඳලා ඇනපු එක. දැන් කොළ පාට මිනිහටත් එයා කිරිච්චිය බස්සලා.


වෙච්ච දේ වුණාවේ. මෛත‍්‍රී සහ මාමා ගැන බලන කොට, කාරණේ වුණේ කොහොමද කියන එක වැදගත් නැහැ. ශිරාණිව අගවිනිසුරු කමෙන් අයින් කරන්න ගත්ත තීරණය නිවැරදියි කියලා මේ මෑතකදීත් මාමා කියලා තිබුණා. පරමාර්ථය ඉෂ්ට වෙනවා නං, ඒක ඉෂ්ට කර ගන්නේ කොයි විදිහෙන්ද කියන එක මාමාට ප‍්‍රශ්නයක් නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා.


හැම දෙයක් දැන් රඳා පවතින්නේ, කොළ පාට මිනිහාව අගමැතිකමේ තියා ගන්න තරම් මන්ත‍්‍රීලා ගානක් පාර්ලිමේන්තුවෙන් පෙන්නන්න කොළ පාට පක්ෂයට පුළුවන් ද කියන එක උඩයි. මේ අවුරුද්ද මුලදී, කොළ පාට මිනිහට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනත් කර ගත් හදියෙන් කිසි පාඩමක් ඉගෙනගෙන නැති අර මිනිහා, දැන් කිසි දෙයක් නොවිච්ච ගානට ඉන්නේ, රටේ මනුස්සයෝ දිනපතා මුහුණදෙන අඟහිඟකම් ගැනත් වගේ වගක් නැතිව වගේ.


දැන් ඔක්කොම තියෙන්නේ මාමාගේ අතේ කියලයි පේන්නේ. දැනටමත් අඩු ගානේ කොළ පාට මන්ත‍්‍රීලා දෙන්නෙක් මාමා ළඟට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් එක් කෙනෙක්, ජාතියේ පියාගේ මීමුනුබුරෙක්. මිනිහට කේන්ති ගිහිල්ලා තියෙන්නේ, කොළ පාට මිනිහගෙන් ඇමති කමක් නොලැබිච්ච නිසා. ඉතිං, ඇමති කමක් දීලා මිනිස්සු බා ගන්නත් දැන් මාමාට පුළුවන්.


‘‘අර පොලිස් ලොක්කා විරිත්තගෙන මාමට සැලියුට් ගහන හැටි නං පංකාදුයි....‘‘



අර පොලිස් ලොක්කා විරිත්තගෙන මාමට සැලියුට් ගහන හැටි නං පංකාදුයි. ගෝඨාවයි, මෛත‍්‍රීවයි මරන්න හිටියා කියන සිද්ධිය හරියට හොයලා බැලූවේ නැහැ කියලා මේ ළඟදී මාමා කියලා තිබුණේ මේ මිනිහා ගැන නේ ද ?. ඒකා බලන්නේ එදා වේල හොයා ගන්න එකක් ගැන වෙන්න ඇති. ඉස්සරහට තවත් ඒ වගේ අය හුඟාක් ඉන්න පුළුවන්.


මාම අගමැති වුණා කියලා මිනිස්සු ජය ඝෝෂා කළා. හුඟාක් තැන්වල රතිඤ්ඤා පත්තු කළා. එක පැහැදිළියි. ඒගොල්ලෝ මාමාගෙන් යමක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නිසා, ඉදිරි අවුරුද්දකුත් මාස හතරක කාලේ කරන්න යන මාමාගේ සැලැස්ම අපිට කියන්න  ඕනේ.


මාමාගෙන් වෙන්න පුළුවන් වෙනස්කම් දෙක තුනක් දැනටමත් මට හිතාගන්න පුළුවන්. මත්තල ගුවන් තොටුපොළ ආයෙත් ලාබ ලබයි. ඒ වගේම, මාමාගේ නමින්ම තියෙන වරායත් ලාබ ලබයි. පෙට‍්‍රල් මිල ‘සුටුස්‘ ගාලා පහළ බහියි. ජීවන වියදමත් එහෙමයි. ඊට පස්සේ අපි ඔක්කොම සතුටෙන් සනීපෙන් ඉන්නවා.


ඒ එක්කම මහජනතාවටත් දැන් ටිකක් සැනසිල්ලේ ඉන්න පුළුවන් වේවි. මොකද, දැන් මාමා බලේ ඉන්න කොට, දොස්තරලා හැරෙන හැරෙන පැත්තට වැඩ වර්ජන කරන එකක් නැහැ. පාදෙනියයි, එයාගේ සංගමයයි පූස් පැටව් වගේ ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අර සයිටම් ආයතනයත් මාමාගේ සොඳුරු මග පෙන්වීම යටතේ නැවත උපන්නොත් පුදුමයක් ද ?


‘‘මාමාට පැවරෙන මුල්ම රාජකාරිය මොකක්ද ? .........වැරදිකාරයෝ වෙච්ච අයට මෛත්‍රී ලව්වා සමාව අරගෙන දෙන එකනේ......‘‘


 

දැන් මාමාට පැවරෙන මුල්ම රාජකාරියක් වන්නේ, ඉස්සර මාමාගේ පැත්තේ ඉඳලා වැරදිකාරයෝ වෙච්ච අයට මෛත‍්‍රී ලව්වා සමාව අරගෙන දෙන එකයි. මාමාගේ හිටපු ලේකම් ලලිත්, ඥාණසාර හාමුදුරුවෝ, එතකොට අර දුමින්ද හාදයා වගේ අය ඔබේ පත්වීමෙන් පිනා යාවි. මොකද, තව වැඩි කාලයක් හිරේ තපින්න වෙන එකක් නැති නිසා.


 

‘‘මේ කපේට මාමාව අගමැති කරන්නේ නැහැ කිව්ව කෙනානේ එයා...‘‘



කොහොම වුණත් ඒක මාමාගේ සැලැස්මේ මුල් කොටස විතරයි. එහෙම නේද, මාමේ ? වැඩි කාලයක් මෛත‍්‍රීගේ ගෝලයෙක් විදිහට ඉන්න මාමාගේ කැමැත්තක් නැති විත්තිය මං දන්නවා. මේ කපේට මාමාව අගමැති කරන්නේ නැහැ කියලා දිවුරලා කිව්වෙත් ඔයා මිනිහා නේ. ඒ වගේම, ගිය සැරේ මාමා දින්නා නං, අඩි හයක් තමා පොළොව යටට යන්න තිබුණා කිව්වෙත් ඔයා මිනිහා නේ.


ඒක නිසා මාමේ, අපි දැන් බලාගෙන ඉන්නේ මාමාගේ ඊළඟ අදියර එනකල්. ඒ කියන්නේ, කොළ පාට මිනිසුන් ටිකක් බාගෙන, අපේ ව්‍යවස්ථාව වෙනස් කරගෙන, ආයෙත් සැරයක් අර ලොකු රස්සාව මාමා ගන්නකල්. එහෙම කර ගන්න බැරි වුණොත්, නිල් පාට පක්ෂේ බලය ආයි සැරයක් අරගෙන, මාමා වෙනුවෙන් ඊළඟ වාරේ තරෙඟට දුවන්න ගෝඨාව දා ගන්නකල්.


 

‘‘කොහොම වුණත් මාමේ, අපි ඔයාට ගොඩාක් වාසනාව ප‍්‍රාර්ථනා කරනවා..‘‘



කොහොම වුණත් මාමේ, අපි ඔයාට ගොඩාක් වාසනාව ප‍්‍රාර්ථනා කරනවා. මොකද, මේ වෙලාවේ මාමාට වැඩියෙන්ම තියෙන්න  ඕනේ, වාසනාව. හැමෝම කියන්නේ, කොළ පාට මිනිහා ඉවරයි කියලයි. ඒත්, ඇත්තටම දීර්ඝ කාලීනව ගත්තොත්, ඉවර වෙන්න ඉන්නේ අර මෛත්‍රී. දවසක දොර පෙන්නලා, බැහැපං දොට්ට කියලා මාමා කියපු දවසට, මිනිහා වෙනුවෙන් දුක් වෙන්න කිසි මිනිහෙක් ඉඳියි කියලා මං හිතන්නේ නැහැ.


 

 

ඔබේ ආදරණීය,


පුංචි පුතා


ප.ලි: නම්බුකාර විදිහට දේශපාලනෙන් විශ‍්‍රාම ගන්න වයස දේශපාලඥයන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක මට හරි ප‍්‍රහේලිකාවක්. ඒ ගැන හිතන කොට, ඉස්සර හරියට ගැරහීමට ලක්වෙච්ච ජේ. ආර්. සහ කවුරුත් ආදරේ කරපු ඩී. බී. විතරයි ඒක දැනං හිටියේ. ඒත් මාමා එහෙම කොහොම කොරන්නෙයි ? නාමල් බේබිගේ කල වයස එනකල් අල්ලගෙන ඉන්නත් එපැයැ. එතකොට නේ රාජ වංශය පවතින්නේ, නේ ද මාමේ ?''


 

 

 

(2018 ඔක්තෝබර් 8 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Await: Mahinda Magic නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


 

 

 

රුපියල අවප‍්‍රමාණය වීමේ පූර්ණ වාසිය ආණ්ඩුවටයි

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන


රුපියල අවප‍්‍රමාණයෙන් සියල්ල නැති වන්නේ නැත


ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණ වීම හේතු කොටගෙන සමස්ත රටම පිස්සු වැටී ඇති සෙයකි. මාධ්‍යයත්, විපක්ෂයත් මෙය කෝලම් මඩුවක් කරගෙන තිබේ. අනිත් පැත්තෙන්, රුපියල අවප‍්‍රමාණ වීම නිසා අවාසියට පත්වන ජන කොටස් මෙන්ම එයින් වාසියක් ලබන ජන කොටස් ද, තමන්ට ලැබෙන වාසියත් අමතක කොට, අවාසිය පිළිබඳ හැඟීමටම යට වී සිටිති.


උදාහරණයක් වශයෙන් ගතහොත්, භාණ්ඩ සහ සේවා අපනයනය කරන අංශයේ සිටින අයවලුන්ට මෙන්ම, විදේශයන්හි සේවයේ යෙදෙමින් මෙරටට සල්ලි එවන අයවලුන්ට, ඔවුන් උපයන සෑම ඩොලරයකටම ලැබෙන රුපියල් ප‍්‍රමාණය දැන් වැඩි වන්නේය. අනිත් පැත්තට, මෙරටට ආනයනය කරන භාණ්ඩ පරිභෝජනය කරන අයවලුන්ට සේම, පිටරටවල සංචාරය කරන හෝ පිටරටවල අධ්‍යාපනික හෝ සෞඛ්‍ය සේවා ලබන අයවලුන්ට (අවශ්‍ය කරන ඩොලර් ලබා ගැනීම සඳහා) දැන් වැඩි රුපියල් ප‍්‍රමාණයක් වැය කිරීමට සිද්ධ වෙයි.


රුපියල අවප‍්‍රමාණ වීමේ පූර්ණ වාසිය ආණ්ඩුවටයි


අනිත් අතට, මේ අවප‍්‍රමාණ වීමෙන් ආණ්ඩුව ශුද්ධ වාසියක් ලබයි. එසේ වන්නේ, පවතින වසරේ විදේශ (ඩොලර්) ණය ගෙවා දැමීම සඳහා ආණ්ඩුව වැඩි රුපියල් ප‍්‍රමාණයක් සොයා ගත යුතුව ඇතත්, ආනයනික භාණ්ඩ සඳහා අය කරනු ලබන බදු ආදායම, අවප‍්‍රමාණ වූ රුපියල් අගය අනුව වැඩි අගයක් ගන්නා නිසාත්, ආණ්ඩුව විදේශ මුදල්වලින් ණය ලබාගෙන එය මහ බැංකුවට විකුණන විට වැඩි රුපියල් ප‍්‍රමාණයක් ලැබෙන නිසාත්, ආණ්ඩුවට ශුද්ධ වාසියක් සැලසෙයි.


උදාහරණයක් වශයෙන්, 2018 විනිමය අනුපාතිකය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය එක රුපියලකින් අවප‍්‍රමාණ වන්නේ යැයි සිතමු. එවිට, විදේශ ණය වාරික සහ පොලී ගෙවීමට ආණ්ඩුවට වැය වන ප‍්‍රමාණය රුපියල් බිලියන 1.7 කින් වැඩි වුව ද, ඉහත කී අනිත් අංශයෙන් ආණ්ඩුවට ලැබෙන රුපියල් වාසිය ඊට වඩා දෙගුණයකටත් වැඩියෙන්, එනම්, රුපියල් බිලියන 4.5 කින් වැඩි වන්නේය. මෙය, රටක මුදලේ අගය අවප‍්‍රමාණ වීමට ඉඩ හැරීම සඳහා වලංගු හේතුවක් කර ගත යුතු නැති බව නොකිවමනා ය. මෙවැන්නක් සිදුවන්නේ, රටක විදේශ ආර්ථික අංශයේ මූලික අංගෝපාංග ඇදේට සිටින විට ය. එනම්, විදේශයන්ට ගෙවීමට ඇති විදේශ විනිමය ප‍්‍රමාණයට සරිලන තරමින් විදේශයන්ගෙන් ලංකාවට ඉපැයීමක් කර ගැනීමට වසරක් පාසා එක දිගටම නොහැකි වන විට ය. ඒ ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා, ආණ්ඩුවේ සිටින ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට වෙනම ප‍්‍රතිපත්ති මාලාවක් තිබිය යුත්තේය.


කුලප්පු වූ විට තෝරා ගැනෙන්නේ වැරදි දත්තයන්ම ය


රට කුලප්පු කරවන්නන් විසින් පාවිච්චියට ගෙන ඇත්තේ, බැංකු විසින් තම තමන් අතර කෙරෙන ගනුදෙනුවලදී ඩොලරයක් සාමාන්‍යයෙන් විකුණනු ලබන අනුපාතිකයයි. මහ බැංකුව ප‍්‍රසිද්ධියට පත්කරන විනිමය අනුපාතිකය වන්නේ, ඊට කලින් දා බැංකු අතරේ කෙරුණු ව්‍යාපාරික ගනුදෙනුවලදී නිශ්චය වූ විකිණුම් විනිමය අනුපාතිකයයි. එහෙත් වාණිජ බැංකු, විනිමය වෙළඳපොළ තුළ අනුපාතික දෙකක් ප‍්‍රකාශයට පත්කරයි. එකක්, විකිණුම් අනුපාතිකයයි. අනික, ගැනුම් අනුපාතිකයයි. විකිණුම් අනුපාතිකයට වඩා ගැනුම් අනුපාතිකය රුපියල් 4 ක පමණ අඩු අගයක් දරයි.


මේ ආශ‍්‍රිතව මහ බැංකුව ප‍්‍රකාශයට පත්කරන දත්ත තුළ, විකුණුම් සහ ගැණුම් අනුපාතිකයට අමතරව ප‍්‍රතීයමාන අනුපාතිකයකුත් තිබේ. එනම්, විකුණුම් සහ ගැණුම් අනුපාතිකයේ වෙනස අතරේ පවතින මැද අගයයි. සෑම කටයුත්තක් සඳහාම, බැංකුත්, රේගුව වැනි වෙනත් ආයතනත් භාවිත කරන්නේ ඒ ප‍්‍රතීයමාන අනුපාතිකයයි. මහ බැංකුවේ වාර්තාගත දත්තවලට අනුව, 2018 සැප්තැම්බර් 21 වැනි දා වාණිජ බැංකු ඩොලරයක් මිල දී ගෙන ඇත්තේ රුපියල් 166.78 කට ය. එදා ඔවුන් ඩොලරයක් විකුණා ඇත්තේ රුපියල් 170.66 කට ය. ඒ අනුව, ඩොලරයක ප‍්‍රතීයමාන විනිමය අගය වී ඇත්තේ ඩොලරයකට රුපියල් 168.03 කි. කෙසේ වෙතත්, ඩොලරයක විකුණුම් මිල ඊට වැඩි නිසා, කුලප්පුව ඇති කිරීමට යොදාගෙන ඇත්තේ එම විකුණුම් මිලයි.


විදේශ විනිමය හිමිකම් සහතික පත‍්‍ර ක‍්‍රමය’ යටතේ රුපියල අවප‍්‍රමාණය වීම


1966


නිදහසේ පටන් 1968 දක්වා ලංකාවේ තිබුණේ තනි ස්ථාවර විදේශ විනිමය අනුපාතිකයකි. එය, ඩොලරයට රුපියල් 4.76 ක් විය. මේ ස්ථාවර විනිමය අනුපාතිකය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තරම් විදේශ විනිමය ශේෂයක් නොතිබුණු නිසා, ඒ අනුපාතිකය බරපතල පීඩනයට ලක්විය. එවිට ආණ්ඩුව කෙළේ (රුපියලේ අගය පහළට දමමින්) රුපියල ‘බාල්දු’ කිරීමයි.


එහෙත් 1966 වන විට මේ ප‍්‍රශ්නය උග‍්‍ර විය. බරපතල විය. එවිට, රුපියල බාල්දු කරනවා වෙනුවට ලංකාව කෙළේ, ‘ද්විත්ව විනිමය අනුපාතික ක‍්‍රමයකට’ මාරු වීමයි. ඒ ක‍්‍රමයට අනුව, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම නිල විනිමය අනුපාතිකය යටතේ සිදු කෙරුණි. අනිත් සියලූ ආනයනයන් සඳහා නිල විනිමය අනුපාතිකයට වඩා සියයට 65 ක අධි-මිලක් පනවනු ලැබුණි. එය හැඳින්වුණේ, ‘විදේශ විනිමය හිමිකම් සහතික පත් ක‍්‍රමය’ වශයෙනි. ඇත්තෙන්ම ගතහොත් එය, විදේශ විනිමය භාවිත කරන්නන් සඳහා සියයට 65 ක බද්දක් පැනවීමට සමාන ය.



1970


අපේ රටට කෙරෙන ආනයනවලින් වැඩි කොටසක් අයත් වුණේ මේ ගණයටයි. එබැවින් එය ආණ්ඩුවට ඉතා ලාභදායී ක‍්‍රමයක් විය. එනිසාම, මෙය ආණ්ඩුවේ ‘විදේශ විනිමය කළුකඩ ජාවාරමක්’ වශයෙන් විපක්ෂයේ සිටියදී විවේචනය කළ ආචාර්ය එන්. එම්. පෙරේරා 1970 බලයට පත්ව මුදල් ඇමති වීමෙන් පසුව පවා එය අවලංගු කර දැමීමක් ගැන සිතුවේ නැත.


 

1977


මෙය, රුපියල අර්ධ වශයෙන් බාල්දු කිරීමක් වශයෙන් හැඳින්විය හැක. මේ අර්ධ-බාල්දුව 1977 දක්වා පැවතියේය. ඉන් පසු බලයට පත් ආණ්ඩුව ඒ ක‍්‍රමය අහෝසි කොට නම්‍යශීලී විනිමය අනුපාතික ක‍්‍රමයක් හඳුන්වා දුනි. ඒ ක‍්‍රමය යටතේ ඩොලරයේ අගය රුපියල් 15.56 දක්වා ඉහළ ගිය අතර, එය කලින් පැවති ‘විදේශ විනිමය සහතික පත් ක‍්‍රමය’ සමග සසඳද්දී, රුපියල සියයට 7 කින් බාල්දු කිරීමකි.


මේ අලූතින් ස්ථාපිත කර ගත් නම්‍යශීලි විනිමය අනුපාතික ක‍්‍රමය යටතේ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තීන්දු වුණේ විනිමය වෙළඳපොළ බලවේගවලට අනුව ය. ඒ අනුව, කලින් පාවිච්චි කළ ‘බාල්දු කිරීම’ වෙනුවට මේ අලූත් ක‍්‍රමය යටතේ රුපියලේ අගය පහළ වැටීම, රුපියල ‘අවප‍්‍රමාණ’ වීම වශයෙන් හඳුන්වන්නට පටන් ගත්තේය. ඒ විදිහටම, රුපියලේ  ඕනෑම අගය වැඩි වීමක් හැඳින්වුණේ කලින් ක‍්‍රමය යටතේ මෙන් ‘පිළිඇගැයුමක්’ වශයෙන් නොව, ‘අගය වැඩි වීමක්’ වශයෙනි.


දේශපාලඥයන්ගේ ‘හරි-වැරදි කියා ගැනීමේ’ සෙල්ලම


එදා පටන් අප ලබා ඇති අත්දැකීම වන්නේ ලංකාවේ රුපියල එක දිගටම අවප‍්‍රමාණ වීමයි. රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම ගැන ආණ්ඩුවට බැන වැදීම හැම විපක්ෂයකම සිරිත වී තිබේ. එසේම මුදලේ අවාසනාවන්ත තත්වය පිළිබඳ වරද බාහිර බලවේග මත පැටවීම හැම ආණ්ඩුවකම සිරිත වී තිබේ. කෙසේ වෙතත්, රුපියල එක දිගටම අවප‍්‍රමාණ වීමට බලපාන මූලික දෝෂ ඉවත් කිරීම සඳහා කිසි ආණ්ඩුවක් නිසි පියවර නොගෙන ඇති තත්වය තුළ, රුපියල එක දිගටම ගමන් කොට ඇත්තේ අවාසනාවන්ත ලෙස අවප‍්‍රමාණ වීමේ තනි දිසාවටම පමණි. ඒ අනුව, දේශපාලන බලය මාරු වී ඇති අද දිනයේ, අර කියන ‘හරි-වැරදි කියා ගැනීමේ සෙල්ලම’ පැති මාරු කරගෙන දැන් කරගෙන යනු ලැබේ.



1995 සිට 2018 සැප්තැම්බර් මැද භාගය දක්වා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමක් පළමු වැනි රූප සටහනින් පෙන්වා දෙයි. අතරින්පතර උස් පහත් වීම ඇතත්, එය එක දිගටම පහළ යාමක් බව පෙනේ. එබැවින් විනිමය වෙළඳපොල තුළ එක දිගටම මේ ආකාරයෙන් රුපියල අවප‍්‍රමාණ වීමේ හේතු හඳුනා ගැනීම වැදගත් ය.


ජංගම ගිණුමේ හිඟයක් ඇති වීම වළක්වා ගැනීම


රටක් තමන්ගේ මුදල් ඒකකයේ වටිනාකම් ස්ථාවරව පවත්වා ගැනීමට කැමැත්තේ නම් ඒ සඳහා ඇත්තේ එක ක‍්‍රමයක් පමණි. එනම්, තමන්ගේ රටවැසියන් විසින්ම ඉල්ලා සිටින ඩොලර් ප‍්‍රමාණයට ප‍්‍රමාණවත් තරමින් ඩොලර් ප‍්‍රමාණයක් උපයා ගැනීම ය. රටක් විදේශ විනිමය උපයා ගන්නේ, තමන්ගේ භාණ්ඩ හා සේවා (සංචාරක සේවා ඇතුළු) විදේශයන්ට විකිණීමෙනි. ඒවා අපනයන වශයෙන් හැඳින්වෙයි. ඊට අමතරව, විකිණීමක් නොවන තවත් ආදායමක් ද ඊට එක් කෙරේ. එනම්, පිටරට සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් රටට එවන ආදායම් ය.


අනිත් අතට, ශ‍්‍රී ලාංකිකයන්ම විදේශ විනිමය ඉල්ලා සිටිනු ලැබේ. ඒ, භාණ්ඩ ආනයනය කිරීමට සහ විදේශයන්හි සේවාවන් මිල දී ගැනීමට ය. එසේම, විදේශයන්ගෙන් ලබා ගත් ණය සහ පොලී ගෙවා දැමීමටත්, ආයෝජනවල ලාභ පිටරට යැවීමටත්, ඔවුහූ විදේශ විනිමය ඉල්ලා සිටිති. ශ‍්‍රී ලාංකිකයන් විසින් විදේශිකයන්ට දෙනු ලබන තෑගි ද මීට ඇතුළත් කළ යුතුය.


මේ ගනුදෙනු සියල්ල එක ගිණුමකට ගත් විට එය ‘ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම’ වශයෙන් හැඳින්වෙයි. එම ගිණුම තුළ, මුලින් කී කොටස් බැර වශයෙනුත්, දෙවැනුව කී කොටස් හර වශයෙනුත් වර්ග කෙරේ. රටක මුදල් ඒකකයක වටිනාකම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සාධකය වන්නේ, මේ ජංගම ගිණුම තුලනය කර ගැනීමයි. යම් වසරක එහි හිඟයක් වෙතොත්, වෙනත් වසරක අතිරික්තයකින් එය පියවා ගත යුතුය. මේ ගිණුම තුළ එක දිගටම අතිරික්තයක් පැවතුණොත් එහි අදහස වන්නේ අවශ්‍ය කරනවාට වඩා විදේශ විනිමය ප‍්‍රමාණයක් එම රට උපයනවා ය යන්නයි.


ඒ අතිරික්තයන් වෙනත් රටවලට ණයට නොදුන්නොත් එම රටේ මුදලේ අගය එක දිගටම ඉහළ යා හැකිය. එසේම, එක දිගටම හිඟයක් තිබුණොත් එම හිඟය පියවා ගැනීම සඳහා වෙනත් රටවලින් ණය අරගෙන මුදලේ අගය තාවකාලිකව ස්ථාවර කර ගත හැකිය. එහෙත් එයින් සිදුවනු ඇත්තේ ක‍්‍රම ක‍්‍රමයෙන් ණය ප‍්‍රමාණය වැඩි වී රට ණය උගුලක සිර වීම ය. එයින් රෝගය තවත් උත්සන්න කෙරේ. ඉන් පසු සිදුවන්නේ, එම මුදලේ අගය එක දිගටම අවප‍්‍රමාණ වීමේ තනි දිසාවේ ගමන් මගකට වැටීමයි.


ජංගම ගිණුම පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අසතුටුදායක අතීතය


1977 සිට ශ‍්‍රී ලංකාව එක දිගටම මුහුණදුන්නේ ඉහත සඳහන් තත්වයටයි. එනම් ජංගම ගිණුමේ හිඟයක් එක දිගටම පැවති බව ය. අද වන විට එම හිඟය, දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් 2 % ක් පමණක් වුව ද, 1980 මුල් භාගය වන විට එය 16 % ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මේ කියන ජංගම ගිණුමේ හිඟය ඉහළ යන විට කුලප්පු වන ආණ්ඩුව, විදේශ විනිමය තත්වයන්ට අදාළ ප‍්‍රතිසංස්කරණ ගැන මහත් උනන්දුවෙන් කතා කරන්ට පටන් ගනී. එහෙත් එම අවදානම සුළුවෙන් හෝ අඩු වන විට එතෙක් තිබූ භයානක අවදානම අමතක කොට අර ප‍්‍රතිසංස්කරණ කතා පැත්තකින් දමයි.


2012-2017 කාලය තුළ මේ ජංගම ගිණුමේ හිඟය රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 3 ක සාමාන්‍ය වාර්ෂික අගයක් ගත්තේය. එහි අදහස වන්නේ, එක දිගටම අවප‍්‍රමාණ වීමේ තෙරපුම යටතේ රුපියල තිබී ඇති බවයි. මීට කලින් පැවති ආණ්ඩුව කෙළේ, පිටරටින් ණයට ගෙන මේ තෙරපුම ලිහිල් කිරීමයි. එය හරියට, පිළිකා රෝගියෙකුගේ වේදනාව නැති කිරීම සඳහා වේදනා නාශකයක් දීම වැනි ය. එය, රෝගය සුව කිරීමේ පිළියමක් නොවේ. එයින් සිදුවන්නේ, රෝගයට අහන නිසි බෙහෙතක් නැතිව රෝගය තවත් උත්සන්න වීමයි. දවසක පිළිකාව ලියලා ගොස් කිසි බෙහෙතක් අහන්නේ නැති තත්ත්වයට පත්ව රෝගියා මියයයි.


අලුත් ආණ්ඩුවේ අකර්මණ්‍යතාව


අලූත් ආණ්ඩුව 2015 බලයට පත්වන විට මේ තත්වය දැනගෙන සිටියේය. එහෙත් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයත්, මුදල් ඇමතිවරයාත් හැසිරුණේ රටේ ආර්ථික අර්බුදයක් නැති ගානට ය. 2015 අප්‍රේල් මාසයේ නව ආණ්ඩුව යටතේ ප‍්‍රකාශයට පත්කළ ‘2014 මහ බැංකු වාර්ෂික වාර්තාව’ තුළ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ ස්ථාවර භාවය ගැන කතා කොට තිබුණේ, අර්බුදය පිළිබඳ ගානක් නැති ගානට ය. ඊටත් වඩා, (ඩොලරය හැරුණු කොට) සාමාන්‍ය වශයෙන් වෙනත් විදේශ මුදල් ඉදිරියේ රුපියල යම් අගයක් ඒ කාලයේ අත්කරගෙන තිබුණු නිසා ඒ පිළිබඳ සැලකිල්ල තවත් අඩු විය.



 

නාමික සහ මූර්ත ඵලදායී විනිමය අනුපාතික


ලංකාව ගනුදෙනු කරන වෙනත් විදේශ මුදල් ඉදිරියේ රුපියලේ අගය තුළ ඇති වන මේ වෙනස ගණනය කිරීම සඳහා මහ බැංකුව විනිමය අනුපාතික දර්ශක දෙකක් පාවිච්චි කරයි. එකක්, රුපියලේ නාමික අගය දැක්වීමට ය. අනික, රුපියලේ සැබෑ අගය හෙවත් මූර්ත අගය දැක්වීමට ය. ඉහත ඡේදයක සඳහන් කළ පරිදි, 2014 වසරේ දී, මේ දර්ශක දෙකේම (රුපියලේ) අගය ඉහළ ගොස් ඇත. එහි අර්ථය වන්නේ කුමක් ද ? අපනයන සම්බන්ධයෙන් රුපියලට තිබූ තරගකාරී වාසිය අඩු වන බව ය. (අපනයනකරුවාට එක ඩොලරයක් සඳහා දැන් ලැබෙන්නේ අඩු රුපියල් ප‍්‍රමාණයකි). අනිත් අතට, ආනයන සඳහා වැඩි වාසියක් ලැබෙන බව ය. (ආනයනකරුවා කලින් වියදම් කළ ඩොලරය සඳහා දැන් ගෙවන්නේ අඩු රුපියල් ප‍්‍රමාණයකි). මෙය රෝගයකි. මන්ද යත්, එයින් අපනයන මර්දනය කෙරෙන අතර ආනයන වර්ධනය කෙරෙන බැවිනි. දීර්ඝ කාලීන වශයෙන් රුපියල අවප‍්‍රමාණ වීමේ ප‍්‍රධාන හේතුව එයයි.



විදේශ විනිමය හිඟය, ණය ගැනීමෙන් පියවා ගැනීම


2010 සිට 2018 ජුලි දක්වා, ශ‍්‍රී ලංකාවේ මූර්ත ඵලදායී විනිමය අනුපාතිකය සහ නාමික ඵලදායී විනිමය අනුපාතිකය පැවති තත්වය 2 වැනි රූප සටහනින් පෙන්නුම් කෙරේ. 2012 ජනවාරි දක්වා, මේ විනිමය දර්ශක දෙකම එකිනෙකට අනුරූප ගමනක යෙදී ඇති බව එයින් දැක්වෙයි. එසේ වෙතත්, 2012 පටන් මූර්ත ඵලදායී විනිමය අනුපාතිකය එක දිගටම වටිනාකමින් ඉහළ ගොස් ඇති අතර, නාමික ඵලදායී විනිමය අනුපාතිකය හැම විටකම තිබී ඇත්තේ 100 ට පහළින් බව එයින් දැක්වේ.


රුපියලේ මූර්ත වටිනාකම ඉහළ යන විට ශ‍්‍රී ලංකාවේ අපනයනවලින් ලැබෙමින් තිබෙන තරගකාරී වාසිය අඩු වී ගොස්, ආනයන සඳහා වන වාසි වැඩි වීම නිසා, ඇත්තෙන්ම සිදුවන්නේ, රටේ විදේශ වෙළඳ ශේෂයේ හිඟය වැඩි වීමයි. ඒ අනුව, 2012 දී ඩොලර් බිලියන 9.4 ක් වූ අපේ වෙළඳ ශේෂයේ හිඟය 2018 වන විට ඩොලර් බිලියන 11 දක්වා වැඩි විය. වෙළඳ ශේෂයේ ඇති වන මේ හිඟය පියවා ගැනීමට සිදුවන්නේ පිටරට සේවයේ යෙදෙන ශ‍්‍රී ලාංකිකයන් එවන මුදල්වලිනි. එහෙත් එම ආදායම කෙමෙන් වැඩි නොවී ඩොලර් බිලියන 7 ක සීමාවේ පමණක් රැුඳීම නිසා ජංගම ගිණුමේ ඩොලර් බිලියන 3 පමණ හිඟයක් ඇති විය. එය පියවා ගත හැකි වුණේ විදේශයන්ගෙන් ණය ගැනීමෙනි. මේ මුළු කාලය තිස්සේම ශ‍්‍රී ලංකාව අනුගමනය කොට ඇත්තේ ඒ ක‍්‍රියා පිළිවෙතයි. එහි අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ, ගෙවා ගත නොහැකි ණය කන්දරාවක් ගොඩ ගැසීම ය.


උදාහරණයක් වශයෙන් ගතහොත්, ඉදිරි මාස 12 කාලය තුළ ණය වාරික සහ ඒවා සඳහා වන පොලිය ගෙවීම සඳහා ඩොලර් බිලියන 6.2 ක් පමණ අවශ්‍ය කෙරේ. තත්වය එසේ තිබියදී, ශ‍්‍රී ලංකාව සතුව ඇති විදේශ මුදල් සංචිතය වන්නේ ඩොලර් බිලියන 7.7 ක් පමණි. රුපියල අවප‍්‍රමාණ වීම නතර කර ගැනීම සඳහා අප මේ මුදල් වියදම් කළොත් අපට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් සංචිතයක් පමණි. මේ තත්වය තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුවට බරපතල තීරණයක් ගැනීමට සිදුවෙයි: ඉතිරිව ඇති ඩොලර් බිලියන 1.5 ත් වැය කළ පසු ශ‍්‍රී ලංකාවේ රුපියලට කුමක් වේද ?


මේ අබග්ගයෙන් ශ්‍රී ලංකාව පාඩමක් උගත යුතුය


මේ අර්බුදයට මුහුණදුන් රටවල්වල අත්දැකීම ඉතා නීරස ය. උදාහරණයක් වශයෙන්, 1997 ආසියානු මූල්‍ය අර්බුදය ඇති වීමට ටිකකට පෙරාතුව මා ලියා ඇති ‘‘මහ බැංකු ව්‍යාපාරය: අභියෝග සහ අපේක්ෂා’’ නැමැති කෘතියේ 191 වැනි පිටුවේ තායිලන්තයේ මහ බැංකුවේ අත්දැකීම විස්තර කොට ඇත. ඩොලරයට සාපේක්ෂව තායි මුදල් ඒකකයේ වටිනාකම බාත් 25 ක්ව තිබියදී ඇති වූ පීඩනය හමුවේ තායි මුදලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් බිලිනය 25 ක සංචිතයක් තායි ආණ්ඩුව නාස්ති කර ගත්තේය. ඉන් පසු, තමන් සතු සියලූ විදේශ මුදල් සංචිත අවසන් වීමෙන් පසු සිය මුදල් ඒකකයට නිදහසේ අවප‍්‍රමාණ වීම සඳහා ඉඩ හැරීමට එම රටට සිදුවිය. අවසානයේ ඒ මුදලේ වටිනාකම ඩොලරයට තායි බාත් 50 ක් බවට පහළ බැස්සේය.




 

රට සතුව තිබූ වටිනා විදේශ මුදල් සංචිතය නාස්ති කර ගැනීම සම්බන්ධයෙන් පසුව එරට මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව නඩු පවරන ලදි. ඊට වැරදිකරු වූ ඔහුට තායිලන්ත ඉතිහාසයේ විශාලතම දඩය වන ඩොලර් බිලියන 4.6 ක දඬුවමකට යටත් වන්ට සිදුවිය. මෙයින් කියැවෙන්නේ, වෙළඳ පොළ බලවේග සියල්ල විසින් යම් රටක මුදල් ඒකකය අවප‍්‍රමාණ වීමට තල්ලූ කරනු ලැබීමේදී එය වළක්වා ගැනීම සඳහා රටේ විදේශ මුදල් සංචිතය නාස්ති කර ගැනීම මොන තරම් අවදානම්කාරී ද යන්නයි.


යක්ෂයාගේ විකල්පයක් අභියස


‘වෙළඳ පොළෙන් එල්ල වන පීඩනය වැඩි නම්,  මොන තරම් විදේශ සංචිත වියදම් කළත් ගැලවීමක් නැත‘


ෆ්‍රෙඩරික් ෆෝර්සිත්ගේ ප‍්‍රකට නවකතාවක් වන ‘‘යක්ෂයාගේ විකල්පය’’ නැමැති කෘතියේ සඳහන් වන්නේ එවැනි තේරීමකි. කෙනෙකු ඉදිරියේ ඇත්තේ යක්ෂයාගේ තේරීමක් නම් මොන දේ කළත් ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන්නේය. මෙය, වර්තමාන මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඔහුගේ මෑතක දේශනයක දී අගේට පැහැදිළි කොට තිබුණි.


ඔහු මෑත අතීතයේ අසාර්ථක උත්සාහයන් දෙකක් එහිදී උදාහරණයට ගෙන තිබුණි. 2011/2012 කාලයේ, එවක මහ බැංකු පරිපාලනය, රුපියල ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන් අපේ විදේශ මුදල් සංචිතයේ තිබූ මුදලින් ඩොලර් බිලියන 4.2 ක් වියදම් කොට තිබුණි. එහෙත් ඒ වෑයම අසාර්ථක වූ අතර රුපියලේ අගය සියයට 13.5 කින් අවප‍්‍රමාණ විය. ඒ ආකාරයන්ම 2015 දී මේ ආණ්ඩුව යටතේත් රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් බිලියන 1.2 ක් වැය කොට තිබේ. එහෙත් රුපියල සියයට 9 කින් අවප‍්‍රමාණ වී ඇත.


ශ‍්‍රී ලංකාව තවම සිටින්නේ ඒ අනතුරුදායක තත්වයේ ය. ණයට ගත් මුදල්වලින් බොහෝ කොට සමන්විත වන අපේ විදේශ මුදල් සංචිතයෙන් තවත් විශාල මුදලක්, අවශ්‍ය නම්, මේ සඳහා වියදම් කළ හැකිය. හැබැයි එවිට සිදුවන්නේ විදේශ ණය ගෙවීම් පැහැර හැරීමටයි. එසේ වීත්, රුපියලේ අවප‍්‍රමාණ වීම නතර නොවනු ඇත. මන්ද යත්, එසේ වියදම් කිරීමට ගොස් විදේශ මුදල් සංචිතයත් යම් අවස්ථාවක අවසන් වන බැවිනි. කොයි පැත්තෙන් බැලූවත්, විදේශ වෙළඳපොල අංශයේ පවතින මූලික දෝෂ විසඳා ගැනීමට අපොහොසත් වන තාක් කල් ශ‍්‍රී ලංකාව මේ ප‍්‍රශ්නයෙන් බැටකනු ඇත.


මෙය, ඇත්තෙන්ම ශ‍්‍රී ලංකාව ඉදිරියේ ඇති යක්ෂයාගේ විකල්පයකි.


 

 

 

(2018 සැප්තැම්බර් 25 වැනි දා ‘ඩේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ ‘‘රුපියලේ ඉරණම: මහ බැංකුව ‘යක්ෂයාගේ විකල්පයට’ මැදිව’’ නමැති ලිපියේ සිංහල පරිවර්තනය -  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


(මෙහි දෙවැනි කොටස ඉදිරියේදී බලාපොරොත්තු වන්න)


 

 

සබැඳි ලිපි 

අගය අවප්‍රමාණ වීමේ තනි - දිසාවේ පාරක දිවෙන රුපියලේ දුක්බර දෛවය 

 

රුපියල රැකගන්න ගියොත් ආර්ථිකය විනාශ මුඛයට යාවිද ?

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මේ දිනවල සුවිශේෂී අවධානයට ලක්වන කරුණක් වී ඇත. මේ ගැන නිවේදනයක් නිකුත් කරන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විමසන්නේ, ඩොලර් සංවිත මුදාහැරීම මගින් පමණක් රුපියල ගොඩගත නොහැකි බවයි. මේ ඔහු අද (21) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගත්තකි. 


ඩොලර් සංචිත මුදාහැරීම මගින් පමණක් රුපියල ගොඩ ගත නොහැකිය

''රජයේ අමාත්‍යවරුන් කියන්නේ මහ බැංකුව සිය ඩොලර් සංචිත වෙළෙදපොලට නිකුත් කරමින් රුපියල ගොඩ ගන්නට තමන් කටයුතු නොකරන බවයි.  නමුත්, සැප්තැම්බර් 20 දා රජයේ අමාත්‍යවරුන් එවැනි ප්‍ර‍කාශ සිදු කරන විටත් මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් වෙළෙදපොලට මුදා හැර තිබුණි.


මෙයින් දිස්වන්නේ  රුපියලේ අර්බුදය සැගවීමට ගොස් ආණ්ඩුව තවදුරටත් ආර්ථික අර්බුදයේ ගිලෙමින් ඇති සෙයකි


2018 වසර ආරම්භයේ දී මහ බැංකුව සතු ඩොලර් සංචිත ප්‍ර‍මාණය බිලියන 8 ක් වූ අතර පසුගිය මාස 8 තුල එය ඩොලර් මිලියන 500 කින් ඉහළ ගියේය.  2018 අගෝස්තු 31 දිනට මහ බැංකුවේ සංචිතය වත්කම ඩොලර් මිලියන 8,590.87 කි.  එයින් ඩොලර් මිලියන 768.69 ක් (වහා විකුණා දැමිය නොහැකි) රත්තරං සංචිතය වේ.  සරළව කිව හොත් වෙළෙදපොලට අතහැර දැමිය හැකි මහ බැංකුවේ රටේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 7.9 ක් පමණ විය.


පසුගිය දින කිහිපය තුළ, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍ර‍මාණය වීම අවම කර ගැනීම  සදහා ශ්‍රී ලංකා මහ බැංකුව දිනකට ඩොලර් මිලියන 25 -30 අතර ප්‍ර‍මාණයක් වෙළෙදපොළ වෙත පොම්ප කරනු ලැබීය.  ඒ අනුව, සැප්. 20 දිනය අවසන් වන විට මුදා හරිනු ලැබූ මුදල ඩොලර් මිලියන 450 කි. නමුත්, සැප්. 20 වන විට මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 8% කින් අවප්‍ර‍මාණය වී තිබේ. සැප්තැම්බර් 21 දින උදේ 9 ට කොමර්ෂල් බැංකුවේ ඩොලරයක විකුණුම් අගය රු. 172 ක් විය.


මහ බැංකුව සතුව ඇති පරිහරණය කළ හැකි ( සංචිත විදේශ මුදල් (Free Reserve) ඩොලර් බිලියන 7.2 න් 2018 වසර අවසානයේ ණය වාරික ගෙවීම සදහා තවත් ඩොලර් බිලියන 6.4 ක් අවශ්‍යය. ඒ අනුව, ඉතිරිය ඩොලර් බිලියන 0.8 කි.


වීඩියෝ පටයක් නිකුත් කරමින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ ණය වාරිකය ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍ර‍මාණය මහ බැංකුව විසින් දිගටම පවත්වාගෙන යනු ඇති බවයි.  එයින් කියවෙන්නේ, රජයට රුපියල අවප්‍ර‍මාණයවීම වැලැක්වීම සදහා වෙළෙදපොළට අතහැරිය හැකි ඩොලර් බිලියනයකට මඳක් අඩු සංචිතයක් පමණක් ඉතිරිව ඇති බවයි. නැතිනම්, රජය ණය වාරික ගෙවීම ගැන නොකතා සිය සංචිත වෙළෙදපොළට දැමිය යුතුය.


සැප්තැම්බර් 21 දින ඩොලර් මිලියන 50 ක් පොම්පකොට රුපියලේ අගය තවදුරටත් පහත වැටීම (එනම් 170 සීමාවේ තබාගැනීම) සිදු කිරීමෙන් පසුව ඉදිරි සති කිහිපයේ දී, තවදුරටත් ඩොලරයේ අගය පාලනය කිරීමට අතහැර දැමිය හැකි මුදල ඩොලර් මිලියන 800  - 1000 ක් අතර ප්‍ර‍මාණයකි.


එසේ නොවේ නම්,  ණය ගෙවීම පසෙකට දමා ඉතිරි සංචිත මුදලට අත ගැසිය යුතුය. රජය විද්‍යාත්මක නොවන, ඩොලර් සංචිතය වෙළෙදපොලට මුදාහැරීමේ දේශපාලන තීරණයට එලැබීමට ඇති ඉඩ වැඩිය.  ‘‘රුපියල දැඩි පාලනයකට යටත් කිරීම‘‘ යන තාක්ෂණික යෙදුම ලබන සතියේ කරළියට පැමිණෙනු ඇත.


එහි ප්‍ර‍තිඑලය කුමක් විය හැකිද?

ඩොලරට සාපේක්ෂව රුපියල අවප්‍ර‍මාණයවීමේ මෙවැනිම තත්වයක් 2012 හා 2015 දී ද ඇති විය.  මහින්ද රාජපක්ෂ රජය, මහා භාණ්ඩාගාරය සතු ඩොලර් බිලියන 4 ක් 2012 දී වෙළෙදපොල වෙත පොම්ප කළ නමුත්, රුපියලේ අවප්‍ර‍මාණය වීම 13% ක් විය. එය රට තුල දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති කළේය.


වත්මන් රජය යටතේ මහ බැංකු මංකොල්ලයෙන් පසුව, 2015 දී ද මෙවැනිම තත්වයක් උදාවිය.  මහ බැංකුවේ නිලධාරීන්ගේ දැඩි විරෝධය මත හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර‍න් ඩොලර් මිලියන 3 ක මුදල් සංචිත 2015 අගෝස්තු මහා මැතිවරණයට පෙර වෙළෙදපොලට අතහරිනු ලැබූ නමුත්, එදා ද, 9% කින් රුපියල අවප්‍ර‍මාණයවීය. වෙනත් වචනයකින් කිවහොත් 2015 පාර්ලිමේන්තු ඡන්දයට පෙර ද, රජය කෘත්‍රිම ලෙස රුපියලේ අගය අවප්‍රමාණය වීම වළක්වා ගැනීමට ගොස් ඩොලර් මිලියන 3 ක් විනාශ කර ගත්තේය. රජය නැවත වාරයක් සුදානම් වන්නේ ඒ මාවතේ යාමට බව නම් ඉතා පැහැදිලිය.''