l කිෂානි වැලිවිටිගොඩ
ජෝර්දානයේ පාලනය ගෙන යන දෙවෙනි අබ්දුල්ලා රජුගේ අනුරූපයකට ගිනි තැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දහ අට හැවිරිදි වියේ පසු වන උදෙයි අබු ඉස්සා නමැති ජෝර්දාන් ජාතික තරුණ ක්‍රියාකාරිකයෙකුට රජුට නිග්‍රහ කිරීමේ වරදට අධිකරණයේදී වරදකරු වූ බැවින් වසර දෙකක සිර දඬුවම් නියම කෙරුණු බවට විදෙස් පුවත් එජෙන්සි මගින් වාර්තා වේ.
මෙම මාසයේ ආරම්භයේ දී දකුණු අම්මාන් හි පිහිටි නගර සභා බිත්තියේ සවි කර තිබු දෙවෙනි අබ්දුල්ලා රජුගේ අනුරූපය සහිත පුවරුව ඉරා දමා එයට ගිනි තබා තිබේ. වරදකරු වූ ජෝර්දාන් ජාතික තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ නගර සභා සේවකයෙකුගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් ඒ ගැන කළකිරිමට පත් වී එම සේවකයාගේ ජීවිතයෙන් වන්දි ගෙවීම සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කෝපාවිෂ්ට වී සිටි බවයි.
අබු ඉස්සා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා විසින් සමාව ඉල්ලා රජු වෙත ලිපියක් යැව්වද රජු විසින් තවමත් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවද වාර්තා වේ.
