The Most/Recent Articles

Showing posts with label යුද්ධය. Show all posts
Showing posts with label යුද්ධය. Show all posts

''ආණ්ඩුවේ එක් නියෝජිතයෙකුවත් යුධ අපරාධ වලට අභිචෝදනා ලබා තිබෙනවාද ?'' - අකිල් කුමාරස්වාමි

අකිල් කුමාරස්වාමිගේ පළමු කෙටි කතා එකතුව වන Half Gods කෘතිය ඉන්දීය HarperCollins සමාගම දායකත්වයෙන් ප්‍රකාශයට පත්කර ඇත. ඉන්දීය, දමිළ පවුලකට දාව ව ඉපදුණු අකිල් මේ වනවිට ඇමරිකාවේ දිවි ගෙවන අතර එකිනෙකට සම්බන්ධව ලියැවුණු කෙටිකතා මේ කෘතියේ දිගහැරේ. ලාංකික දමිළ පවුලක කතාවක් ද මෙහි සටහන් වී තිබීම විශේෂත්වයකි. මෙහි පළවන්නේ Half Gods කෘතිය සම්බන්ධයෙන් ඇය ශ්‍රී ලංකා ගාර්ඩියන් සමග පළකල අදහස්ය. (Half Gods කෘතිය මිලදී ගැනීමට පිවිසෙන්න).


 

ඔබේ Half Gods කෘතියෙන් වසර 30 කට ආසන්න කාලයක් පුරා ලංකාවේ දියත් වුණු යුද්ධය ගැන කියැවෙන බවත්, ලංකාවේ යුද්ධය ගැන නොදන්නා අයට එය එක්තරා අන්දමේ ඉතිහාස පාඩමක් වූ බවත් The New Yorker සටහන් කර තිබෙනවා. ඔබ මේ ඵෙතිහාසික කරුණු මතුකළේ කොහොමද ?


 

යුද්ධය නිසා විවිධ අත්දැකීම් වලට මුහුණදෙන්න වුණු මෙහි ජීවත්වෙන චරිත හරහා ඉතිහාසය එළිදරව් කිරීමට මා කටයුතු කළා. නමුත්, ඉතිහාසය එළිදරව් කරන අතරතුරදීම හැමදේම එලෙසින්ම ග්‍රහණය කරගෙන ඉදිරිපත් කරන්න හැකිවුණේ නැහැ. 1983 දී ලංකාවේ දමිළ පිරිස් සමූල ඝාතනය වූ අන්දමින්ම 1937 දී ඩොමීනිකන් ජනරජයේදී හයිටි පිරිස් සමූල ඝාතනයට ලක්වූ බව සඳහන් කළා.


 

නිදහස් දවසේ හැන්දෑවේ ඇතිවුණු සිද්ධියක් පදනම් කරගෙන කතාවක් නිර්මාණය කිරීම හරහා ජාතිකත්වය ගැන අධිරාජ්‍යවාදී මතය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද යන්න මට කතාබහ කරන්නට හැකියි. මේ කෘතිය ඉතිහාස පාඩමක් කිරීමේ වුවමනාවක් මට තිබුණේ නැති වුණත් මෙහි ගොඩනැගූ චරිත වල පුද්ගලිකත්වයට දේශපාලනය බලපා තිබෙනවා. මා ඉතිහාසය ගැන පැහැදිලි කිරීම් සිදුකරන්න කිසිදින උත්සහ නොකළත් කතාවේ ආඛ්‍යානයට ස්වභාවයෙන්ම බලපෑ දේවල් බෙදාහදා ගෙන තිබෙනවා.


 

Half Gods කෘතිය ‘අනන්‍යතා‘ අරගලය සම්බන්ධයෙන් ලියැවුණු කෘතියක් බව ඔබ මීට පෙර සඳහන් කර තිබෙනවා. අද අපි ජීවත්වෙන්නේ විශ්ව ගම්මානයක, මේ සන්දර්භය ඇතුළේ ‘අනන්‍යතාව‘ යන්න කොයිතරම් වැදගත් වෙනවද ? 


 

අනන්‍යතාව කියන්නේ අප, අප ගැනම කියන කතාවක් වුණත් එය අපේ පාලනයෙන් ගිලිහුණු දැවැන්ත ආඛ්‍යානයක් ලෙසත් ස්ථාපිත වී තිබෙනවා. මේ ‘අනන්‍යතාව‘ කෙතරම් වියවුල් ද ? , අපවිත්‍ර ද ? යන්න හොයා බලන්න මට වුවමනා වුණා. ‘ශ්‍රී ලාංකිකයෙකු‘ යැයි පැවසීමේ අරුත මොකක්ද ?, අද වනතෙක් ඇතිවී තිබෙන ජාතිවාදී අර්බුද හා ප්‍රචණ්ඩත්වය ගැන සලකා බැලුවොත් මේ යෙදුම බොහොම පිරිපුන් එකක් විය හැකියි.


 

දමිළයෙකු වීම නිසා රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වුණා නම් ඔබ, ඔබව ලාංකිකයෙකු විදියට ආමන්ත්‍රණය කරගන්නවාද ? නැත්නම්, මේ රටට කියන සිංහල නම වෙනුවට ‘ඊළාම්‘ කියන දමිළ නම කියනවද ?. ආසියාවේ තිබුණු දැවැන්තම පුස්තකාල වලින් එකක් වුණු යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කරද්දී දමිළ පිරිසට දැනුණේ මොකක්ද ?. දස දහස් ගාණක් දමිළ සිවිල්වැසියෝ රජයේ ආරක්ෂක අංශ වලින් ඝාතනය කරද්දි මොකද වුණේ ? මේවට වගවෙන්නේ නැද්ද ?. පුරවැසියන්ගේ අයිතීන් නොදී  ඉඳිද්දී, අප - අපව හඳුනාගන්නේ කොහොමද ?  මේ නිසා අපට අහන්න වෙන්නේ මොනවගේ කතාද ?


 


Half Gods කෘතිය රචනා කරද්දි මෙරට යුද්ධය ගැන ලියැවුණු පොත පත, ලිපි ලේඛන ආදිය කියවා මේ හා සම්බන්ධ පර්යේෂණයක නියැළුණාද ? රැකවරණ පතා ඇමරිකාවට සරණාගතයින් විදියට පැමිණි, යුද්ධයේ ගොදුරු බවට පත්වූවන්  මුණගැහිලා තියෙනවද ?


 

මං දමිළ පිරිස් ගැන දැනගත්තේ යුද්ධය හේතුවෙනුයි. යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධිය මං ඉපදෙන්න පෙර ඇතිවූ සිද්ධියක් වුණත් 1983 දී ඇතිවුණු ප්‍රචණ්ඩ කාල පරිච්ඡේදයේදී රැකවරණ පතා පැමිණුනු සරණාගත පවුල් වලින් ඒ ගැන අහලා දැනගත්ත මතකය තියෙනවා. උතුරු - නැගෙනහිර සම්බන්ධව පැතිරුණු පුවත් විකල්ප මාධ්‍යයන් තුළ හුවමාරු වුණා. රජය මගින්ම ප්‍රචණ්ඩ ක්‍රියා පතුරුවන විට රාජ්‍ය මාධ්‍ය මගින් ලබාදෙන තොරතුරු විශ්වාස කරන්න පුළුවන්ද ?.


 

පුළුල් දැක්මක් ඇතිව පුවත් වාර්තා නොකරමින් හා සමහර කණ්ඩායම් ගැන නිසි දැනුමක් නැතිව යුද්ධය ගැන විවිධ මාධ්‍ය හා කණ්ඩායම් වාර්තා කළේ කොහොමද යන්න  ඉන්දියානු දමිළ හා ලාංකීය දමිළ ප්‍රජාව මිශ්‍ර සමාජයක් තුළ හැදී වැඩෙද්දි මට මනාව දැනගන්න ලැබුණා.


 

භාෂාවට අනුගතවී තිබෙන බල ව්‍යුහයන් සම්බන්ධයෙන් මං දැඩි උනන්දුවක් දක්වනවා. උදාහරණයක් විදියට සරණාගතයින් අතරින් බොහෝ දෙනෙකු දමිළ කියන කාරණේ වසන් කරමින් ‘ශ්‍රී ලාංකීය සරණාගතයින්‘ යන යෙදුම භාවිත කිරීම තුළ පවා මේ බල ව්‍යුහය ගැන තේරුම්ගන්න හැකියි.


 

පර්යේෂණ සම්බන්ධයෙන් කතා කළොත්, තේ වත්තක් පදනම් කරගෙන නිදහස් දවසේ හැන්දෑවේ වුණු සිද්ධියක් ගැන ලියැවුණු කතාවක් මෙහි තිබෙනවා. මගේ සීයා මැලේසියාවේ රබර් වත්තක වැඩකරපු කම්කරුවෙකු වුණත් තේ වගාව ගැන ලියැවුණු නිශ්චිත තොරතුරු සොයා බලන්න සිද්ධ වුණා.


 

විශේෂයෙන්ම, ඔබ යුද්ධයෙන් විනාශ වී ගිය ගම්මාන, විශ්වවිද්‍යාල හා තේ වතු ආශ්‍රිතව ගත වෙන ලංකාවේ ජීවිත ගැන ලියද්දි මුහුණදෙන්න සිද්ධ වුණේ මොනවගේ අභියෝග වලට ද  ?


 

කිසි දවසක දෑසින් දැක නැති තැන් ගැන ලියද්දි දුෂ්කරතා වලට වගේම අභියෝග වලටත් මුහුණදෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම හැබෑවට අත්විඳ නැති පරිකල්පනයට පමණක් හසුවුණු ප්‍රචණ්ඩත්වය ගැන රචනා කරන්නේ කොහොමද යන්නත් තරමක අභියෝගයක් වෙනවා.


 

යුද්ධය ගැන ලියද්දී ඕනෑම දෙයක් පරිකල්පනය කරන දෑ නියත වශයෙන්ම ප්‍රයෝජනවත් බව ඉරාක ලේඛකයෙකු වෙන හසාන් බ්ලාසිම් වරෙක පවසා තිබෙනවා. ලේඛකයා ඉදිරිපත් කරන දැක්ම පාඨකයා තුළ අනුනාද දෙනවාදැයි යන්න ගැන හැමවිටම ගැටළුවක් පවතිනවා.


 

ඔබ කෙදිනක හෝ යුද්ධය අත්විඳ තිබෙනවාද ? ලංකාවට ඇවිත් තිබෙනවාද ?


 

මං කවදාවත් ලංකාවට ඇවිත් නැති වුණත් මේ අරගලය ගැන වැටහීමක් මගේ කුඩා වියේදී ඉඳන්ම පැවතුණා.


 

යුද්ධයෙන් වසර ගාණක් ගතවී ගිහිං අද අපි ජීවත්වෙන්නේ 2018 වසරේදී වුණත් තාමත් සමාජය සංහිඳියා මාවතට ගමන් කරන්න රජය විවිධ උත්සහයන් දරනවා. (අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, හානිපූරණ කාර්යාලය වැනි ආයතන). මේ කෘතියේදී මෙවැනි ආයතන බොහොම නිර්දය විවේචනයන්ට ලක්කර තිබෙන බව ඔබේ කෘතිය ගැන ලියැවුණු විචාර කීපයක් කියවද්දි මා දුටුවා. මේ ආයතන හුදෙක් මාධ්‍ය අවධානය ලබාගන්න පමණක් ස්ථාපිත කළ ඒවා බවත් එහි සඳහන් කර තිබුණා. ලේඛිකාවක් විදියට මේ ආයතන විවේචනය කරන්න නිර්භය වුණේ කොහොමද ?


 

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයට ගියපු මිනිස්සු කී දෙනෙක් නැවත ඇවිල්ලා තියෙනවද ? ආණ්ඩුව නියෝජනය එක් අයෙකු වත් යුධ අපරාධ සම්බන්ධයෙන් අභිචෝදනා ලබා තිබෙනවාද ?. මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කිරීමට පෙර පැවති මැතිවරණයේදී සංහිඳියාව හා වගවීම ගැන ප්‍රතිඥා දුන්නා. සිරිසේනගේ ආණ්ඩුව මේ ප්‍රතිඥා වලට පයින් ගැහුවා, දැන් මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට නම්කර තිබෙනවා, ඒ ප්‍රතිඥා වල එකඟතාව අතිශය කටුක විදියට පළුදු වී තිබෙන බවත් උතුරු - නැගෙනහිර ජීවත් වෙන දමිළ පිරිස් බොහොම දුෂ්කර ඉරණමකට මුහුණ පා ඇති බවත් මින් අදහස් වෙනවා.


 

අතුරුදහන් වුණු තමන්ගේ ආදරණීයයන් නැවත එනතුරු බලා හිඳිමින්, ඔවුන්ට සිද්ධ වුණේ මොකක්දැයි දැනගන්න, මව්වරුන් අවුරුද්දකටත් අධික කාලයක් තිස්සේ තවමත් විරෝධතා දියත් කරනවා.


 

උතුරු-නැගෙනහිර සිද්ධ වෙන දේවල් ගැන වාර්තා කරන්න, සටහන් තබන්න මාධ්‍යවේදීන් වගේම සමාජ ක්‍රියාකාරීන් පවා තමන්ගේ ජීවිත පරදුවට තබන පසුබිමක් තුළ ආණ්ඩුව විචේචනය කරන්න මට ඒ තරම් ධෛර්යයක් වුවමනා වුණේ නැහැ.


 

මිලිටරීකරණය වුණු උතුරු - නැගෙනහිර ප්‍රදේශ වල ජීවත් වෙන දමිළ ජාතිකයින්ගේ ජීවිත, රාජපක්ෂගේ නායක්වයෙන් යුතුව උතුරේ ජනයා ඝාතනයට ලක්කරමින් පහරදෙන්න අණකරපු 2009 දී පටන්ම අනතුරේ වැටුණා.   


 


ලේඛිකාවක් විදියට ඔබේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අරමුණ මොකක්ද ?


 

ලේඛනය තුළින් ලෝකය හසුරුවන්න උත්සහ ගත්තත් ඒ වෙනුවෙන්ම වූ විශේෂ අභිප්‍රායකින් යුතුව පොතක් ලියන්නට පිවිසෙන්නේ නැහැ.


 

මගේ කෘති හරහා මිනිස් අත්දැකීම් වල තිබෙන සත්‍යතාව පරිකල්පනීය මගකින් දනවන්න උත්සහ ගන්නවා. නිර්මාණයකට පාඨකයින් දක්වන ප්‍රතිචාරය කොහොමද කියන එක මට පාලනය කරන්න බැහැ. නමුත්, නිර්මාණය හරහා කියලා තියෙන්නේ මොනවද යන්න අවබෝධ කරගෙන ලෝකය දිහා වෙනස් එළියකින් බලන්න ඔවුන්ට හැකිවෙන බව මගේ විශ්වාසයයි.


 

 

ලංකාවේ ජීවත්වෙන පාඨකයින්ට කිවයුතු විශේෂ යමක් තිබෙනවාද ?


 

මේ සම්මුඛ සාකච්ඡාව සිංහල හා ඉංග්‍රීසි බසින් පමණක් පළවන නිසා  මං පාඨකයින්ගේ විමසන්න කැමතියි මෙහි කොටස්කරුවෝ වෙන්නේ කවුද කියලා.


 

දමිළ බසින් කියවන පාඨකයින්ට මෙය කියවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම් ඉන් අදහස් වෙන්නේ මොකක්ද ?. දශක ගණනාවක් තිස්සේ දමිළ ජනතාව සංහාරයට ලක්කිරීම හා ඔවුන්ට මුහුණදෙන්නට සිදුවී තිබෙන තත්ත්වය අතිශය මතභේදකාරී වී තිබෙන්නේ ඇයි ?


 

උතුරු - නැගෙනහිර ප්‍රදේශ අඛණ්ඩ මිලිටරිකරණයත් සමග දමිළ මව්වරුන් පාරවල් වලට බැහැලා අතුරුදහන් වී ගිය තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා, අතීතයේ සිද්ධ වුණු අපරාධ වලට හෝ උතුරු - නැගෙනහිර ප්‍රදේශ වල සිද්ධ වෙන ප්‍රචණ්ඩ ක්‍රියා වල වරද භාරගන්නේ නැත්නම් සංහිඳියා මාවතක් පවතින්නේ කොහොමද ?


 

 

 

සාකච්ඡාව - වින්ධ්‍යා ගම්ලත්


 

 

 

සබැඳි පුවත් 

 

 

ලාංකීය පවුලක් පදනම් කරගෙන ලියැවුණු කෙටි කතා එකතුව ජනගත වේ 

 

 

අපට සංක්‍රාන්තික යුක්තිය වුවමනා ඇයි ?

සංක්‍රාන්තික යුක්තිය අපට අවශ්‍ය ඇයි ?


වසර තිහක් වූ කුරිරු යුද්ධය නිසා බියෙන් ඇළලී ගිය සමයෙන් පසුව, අප සැමගේ උද්ගත වූ වේදනාවන් සුවපත් කිරීම උදෙසා අප විසින් ස්වේච්ඡාවෙන්ම තෝරාගත් සුවපත් කිරීමේ ක්‍රියාවලිය වන්නේ සංක්‍රාන්තික යුක්තියයි.  කෘරතර යුද්ධයේ බලපෑම් කිසිදු එක් ජන වර්ගයකට, ආගමකට, සමයකට හෝ ප්‍රදේශයකට සීමා කල නොහැක.  සෑම ආගමික හා වාර්ගික කණ්ඩායමක් විසින්ම යුද්ධයේ වේදනාව අත්විඳි බවත්, ඔවුන්ගේ හදවත් හි නොමැකෙන කැළැල් ඉතිරි කළ බවත් අවිවාදයෙන් තොරව පිළිගත යුතු සත්‍යයකි. මෙකී තත්ත්වයක් හමුවේ, සංක්‍රාන්තික යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය, එක් ප්‍රජාවකට පමණක් සීමා නොවන, එතෙක් වුවද මුළු මහත් ශ්‍රී ලාංකේය පුරවැසියන්ටම පොදු වූ සුවපත් වීමේ ක්‍රියාවලියකින් සමන්විත වේ.


 

සංක්‍රාන්තික යුක්තිය යනු දුක්ඛිත අතීතය සහ නින්දිත උරුමය තුලින් මිදීමට පහසුකම් සලසන ක්‍රියාවලියකි. එක්සත් ජාතීන්ගේ, සංක්‍රාන්තික යුක්තිය සඳහා විශේෂ වාර්තාකරු පැබ්ලෝ ඩි ග්‍රේෆ් දක්වා ඇති ආකාරයට, සංක්‍රාන්තික යුක්තිය යනු, “ජාතික හා දේශීය මට්ටම් වලින් සමාජ සංහිඳයාව, ජාතිය - ගොඩනැංවීම, හිමිකාරීත්වය සහ අන්තර්ගතභාවය සහතික කිරීම පිණිස, අර්බුද යලි යලිත් ඇතිවීම සහ අනාගතයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් වලක්වමින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමයි”.


සංක්‍රාන්තික යුක්තිය යනු කුමක්ද ?


සත්‍යය, යුක්තිය, හානිපුර්ණය,  සහ එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීම සඳහා වගකීම් දැරීම ලෙස සංක්‍රාන්තික යුක්තිය කොටස් හතරකින් සන්නද්ධ වේ. එනමුත් මෙකී සිව් ස්ථම්භයන් පැහැදිලි රේඛාවකින් එකිනෙක වෙන්කළ නොහැක. තවද, එම සිව් ස්ථම්භයන්හි ස්වභාවය, ලක්ෂණ, වාසි හා අවාසි වෙන් වෙන් වශයෙන් දැක්විය නොහැකි වන අතර ඒවා එකිනෙකට ඈඳී පවතී. එක් ක්‍රියාවලියක ක්‍රියාත්මකභාවය සහ සාර්ථකත්වය අනෙක් යාන්ත්‍රණය මත රැඳී පවතී. නිදසුනක් ලෙස, යම් පුද්ගලයකුට යුක්තිය ලැබුණු පසුව, ඔහුට අනාගතයේදී ද එවැනිම අයුක්තියකට ලක් වීමට සිදු වෙතැයි බිය වන්නට සිදු වන්නේ නම්, යුක්තියෙහි අර්ථයක් නොමැති වනවා මෙන්ම, යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයද අසාර්ථක වේ. යුක්තිය අර්ථවත් වන්නේ යම් පුද්ගලයකුට යුක්තිය ලැබීමෙන් අනතුරුව යලිත් එබඳු අකටයුත්තක් ඇති නොවේය යන සහතිකය ලැබෙන්නේ නම් පමණි. පෙර සදහන් කල ආකාරයෙන්, සංක්‍රාන්තික යුක්තියෙහි ප්‍රධානතම කාරණාවන් දෙකක් වන, සත්‍යය සහ හානිපුර්ණය යන සාධක අතර පවත්නා සබඳතා මෙම ලිපිය මගින් ගවේෂණය කෙරේ.


 

මෙතෙක් කාලයක් අතුරුදන්වූවන් ගේ ඥාතීන්ගේ හඬට සංවේදී වෙමින් ඔවුන්ගේ අඳෝනාවන්ට සවන් යොමු කිරීමෙන් පසක් කරගෙන ඇති සත්‍යය වන්නේ - මිනිසුන්ට සිය ආදරණීයයන් මියයාම අපහසුවෙන් හෝ පිළිගත හැකි වන නමුදු සිය ආදරණීයයන්ට කුමක් වූවා ද? - කොතැනක සිටින්නේ ද? යන ප්‍රශ්න වලට පිළිතුරු නොමැති වීම දරාගත නොහැකි බවයි. යුද්ධයෙන් සිය ආදරණීයයන් මියගිය සෑම පුද්ගලයකුටම සත්‍යය දැන ගැනීමට හිමිකමක් පවතී. සත්‍යයට පවත්නා හිමිකම, අන්තර්ජාතික වශයෙන් පිළිගත් මූලික මිනිස් අයිතිවාසිකමකි. බලහත්කාරයෙන් අතුරුදන් කරවීමට එරෙහිව සියලුම පුද්ගලයන් රැක ගැනීම සඳහා වන අන්තර්ජාතික සම්මුතියෙහි (ICPPED) 24 වන කොටසට අනුව මෙසේ පැවසේ:


 

“පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ තත්ත්වයන්හි සත්‍යය පිළිබඳව දැනගැනීමටත්, විමර්ශනයන් හි ප්‍රගතිය සහ ප්‍රතිඵල පිළිබඳව දැන ගැනීමටත්, එමෙන්ම අතුරුදන් වූවන් ගේ ඉරණම කුමක්ද යන්න දැන ගැනීමටත් එම බලහත්කාරයෙන් අතුරුදන් වූ පුද්ගලයන් හට ඍජු සම්බන්ධයක් පවත්නා සෑම පුද්ගලයකුටම හිමිකම් පවතී. මේ සඳහා සෑම රාජ්‍ය පාර්ශ්වයක්ම  සුදුසු පියවර ගත යුතුය.”


 

ශ්‍රී ලංකාව විසින් ICPPED සම්මුතිය 2015 දෙසැම්බර් මස 10 වන දින අත්සන් තබන ලද අතර 2016 මැයි මස 25 වන දින එය සනාථ කරන ලද්දේ ICPPED සම්මුතිය ක්‍රියාත්මක කරමින් නේවාසික නීති සම්පාදනයක් සිදු කිරීමේ පොරොන්දුව පෙරදැරි කරගෙනයි. ඊට අනුගාමීව, පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකාව විසින් නීති පද්ධතියක් ද සම්පාදනය කරන ලදී. මේවා සැලකිල්ලට ගත් විට, ශ්‍රී ලංකා රජය විසින් (GoSL) එහි පුරවැසියන් වන වින්දිතයින් හට අතුරුදන් වූවන් පිළිබඳ සත්‍යය දැන ගැනීමට ඇති අයිතියට ගරු කිරීමට කැමැත්ත දක්වන බව පැහැදිලි වේ.


 

සංක්‍රාන්තික යුක්තිය යටතේ සිදුකෙරෙන්නේ මොනවද ? 


සංක්‍රාන්තික යුක්තිය යටතේ ඇති සත්‍යය නම් සාධකය විසින් ව්‍යසනයට පත් වූවන්ට පිළිතුරක් ලබා දෙන අතර, තවද එය, පෙර පැවති අඳුරු අතීතයෙහි තත්ත්වයන් පිළිබඳ සමාජය දැනුවත් කරයි. සත්‍යය පැවසීම තුලින් සංහිඳියා ක්‍රියාවලියට පහසුකම් සැලසිය හැකි වේ. මෙකී සත්‍යයේ ස්වභාවය හේතු කොට ගෙන, යථාවත් කිරීමට වඩාත් සමීප සබඳතා ඇති කරන අතර, එය වින්දිතයින් වෙත හානිපුර්ණය ලබා දීමට ද පහසුකම් සලසයි. හානිපුර්ණය යනු මූල්‍යමය වන්දි ගෙවීම් පමණක් ම වන බවට ජනතාව අතර වැරදි වැටහීමක් ස්ථාපිතව ඇත. එහෙත් හානිපුරණය එයට වඩා පුළුල් ස්වභාවයක් ගනී. සත්‍ය වශයෙන්ම හානිපූර්ණය තුළ වන්දි ලබා දීම, පුනරුත්තාපනය, ප්‍රතිස්ථාපනය, සංතෘප්තිය සහ නැවත මෙවැනි තත්ත්වයන් ඇති නොවන බවට ලබාදෙන වගකීම යන ප්‍රධාන සාධක පහක් අන්තර්ගත වේ.


සත්‍යය පැවසීමේ ක්‍රියාවලිය හරහා අවම වශයෙන් සිය ආදරණීයයන්ට කුමක් සිදුවූවාද යන්න පිළිබඳව දැනගැනීමට හැකිවීමෙන් වින්දිතයින්ට සත්‍ය දැනගනීමත් එතුළින් පවත්නා තත්ත්වය පිළිබඳ තෘප්තිමත්භාවයට පැමිණීමට හැකියාවත් ලැබේ. තවද, සත්‍ය දැන ගැනීම හරහා, අතුරුදන් වීම් හේතුවෙන් අගතියට පත් වූවන්ට වන්දි ගෙවීම සඳහා ඉඩ සැලසේ. සත්‍ය පැවසීමේ ක්‍රියාවලිය හරහා අනාවරණය කෙරෙන අතීත අපචාරයන් හි සාක්ෂි හේතුවෙන්, අනාගත ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පවතින පද්ධතියෙහි ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමට සහායක් ලබා දෙනු ඇත. එබැවින්, සත්‍ය මගින් හානිපුර්ණයෙහි සාධක වලට ශක්‍යතාව ඇති කරයි. සත්‍ය සහ හානිපුර්ණය යනු සංහිඳියාවෙහි අති වැදගත්කමකින් යුත් සාධකයන්ය. මන්ද යත් එක් අතෙකින් එමඟින් වින්දිතයන් සඳහා පිළිතුරු ලබා දෙමින් ඔවුන්ට සිය ජීවිත යථාවත් කර ගැනීමට සහාය ලබා දෙන අතර අනෙක් අතට මෙම සාධක දෙක මගින් පද්ධතිමය දූෂිතයන් සඳහා මං සලසන මූලික ව්‍යුහය වෙනස් කිරීමට මග හෙළිකරයි. සංහිඳියාවේ ඉලක්ක සපුරාලනු වස් සත්‍ය සහ හානිපුර්ණය අත්‍යන්ත වැදගත්කමකින් යුක්ත වන්නා වූ මෙවලම් ද්විත්වයක් බැව් ඉහත කරුණු මත ඉතාමත් පැහැදිලිය.


සුලෝචනා රාජපක්ෂ