විශ්ව මෝහන් භාත් හා පණ්ඩිත් සුභෙන් චැටර්ජිගේ ප්‍රසංගයක් මෙරටදී




ඉන්දියාවේ 71 වන ජනරජ දිනය සැමරීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් "Divine Quartet” (දිව්‍යමය චතුර් මියැසිය) නමින් විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් සංවිධානය කර ඇත. මෙම ප්‍රසංගය 2020 ජනවාරි 25 වන සෙනසුරාදා සවස 6.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH)  පැවැත්වේ.

"Divine Quartet" ප්‍රසංගය සඳහා ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයින් සහභාගී වේ.  ග්‍රැමි සම්මානලාභි, ප්‍රවීණ මෝහන් වීණා වාදන ශිල්පී පණ්ඩිත් විශ්ව මෝහන් භාත් හා ග්‍රැමි සම්මාන සඳහා නිර්දේශ වී ඇති ප්‍රවීණ තබ්ලා වාදන ශිල්පී පණ්ඩිත් සුභෙන් චැටර්ජි සමඟ  ශ්‍රී සාලිල් භාත් සහ ශ්‍රී සම්බිත් චැටර්ජි යන ප්‍රවීණ ශිල්පීන් මෙම ප්‍රසංගය සඳහා සහභාගී වනු ඇත. 



පණ්ඩිත් විශ්ව මෝහන් භාත් භාරත් රත්න පණ්ඩිත් රවී ශංකර්ගේ ප්‍රමුඛතම ගෝලයෙකු වන අතර එම විශිෂ්ට සංගීතඥයන්ගේ සම්භවය මෝගල් අධිරාජ්‍යයා වූ අක්බාර්ගේ (ක්‍රි.ව. 1502 - ක්‍රි.ව. 1605 )  හා ස්වාමි හරිදාස්ගේ නවරත්නයන්ගෙන් කෙනෙකු වූ සංගීතඥ තන්සෙන් තෙක් දිව යයි. එතුමා බටහිර හවායි ගිටාරය පෙරදිග සංගීත භාණ්ඩ වන සිතාරයේ, සරෝදයේ සහ වීණාවේ ශිල්පීය ක්‍රම සමඟ මුසු කිරීම සම්බන්ධයෙන් නම්දරා ඇති අතර නවතම සංගීත භාණ්ඩයක්ද නිර්මාණය කර ඇත. එම නව සංගීත භාණ්ඩය ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ ‘මෝහන් වීණා’ ලෙසිනි.


පණ්ඩිත සුභෙන් චැටර්ජි ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ තබ්ලා වාදකයෙකි. ඔහු 2002 වර්ෂයේදී "Artistry" ඇල්බමය සඳහා ග්‍රැමී සම්මානයකට නිර්දේශ වී ඇත.


මෙම ප්‍රසංගය නොමිලේ පවත්වනු ලැබේ. ප්‍රවේශ පත්‍ර සීමිත ප්‍රමාණයක් ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයෙන්  (ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය) ලබා ගත හැක. ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා කරුණාකර ඔබගේ ජාතික හැඳුනුම්පත් / විදේශ ගමන් බලපත්‍ර රැගෙන එන්න. වැඩි විස්තර ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ලබා ගත හැක. 
දු.ක. 2684698, විද්‍යුත් තැපෑල iccrcolombo2@gmail.com.