‘‘පචවාහිනියකට හිරේ ඉන්න මනුස්සයෙක් නිදහස් කරගන්න තියෙනවා‘‘ - සජිත්


මෙරට තුළ සමහර මාධ්‍ය තමන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අසත්‍ය පතුරන බවත් ව්‍යාජ පුවත් පතුරුවන එවැනි මාධ්‍ය නාලිකා වලට තමන්ගේම න්‍යාය පත්‍රය ඇති බවත් ඊයේ (4) දින මින්නේරියේදී දේශපාලන රැළියක් ආමන්ත්‍රණය කළ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, 

‘‘අපේ රටේ පචවාහිනී කීපයක් දැන් කියනවලු සජිත් ප්‍රේමදාස කොන්දේසි වලට යටත් වුණා කියලා. මම එකක් කියන්න කැමතියි, මම කිසිම කෙනෙකුගේ කොන්දේසි වලට යටත් වෙන්නේ නෑ. කොන්දේසි වලට යටත් වෙන්න සිද්ධ වුණොත් මං ගෙදර යනවා. මම කොන්ද කෙළින් තියාගෙන දේශපාලනය කරන පුද්ගලයෙක්. මම ඔය එක එකාගේ කොන්දේසි වලට යටත් වෙන්නේ නෑ. 

මට අපේක්ෂකත්වය දෙන්න එනකොටත් මට කොන්දේසි දාන්න ආවා. නමුත්, මං කිව්වා තියාගන්නෙයි කියලා අපේක්ෂකත්වය. නමුත්,  මට දෙන්න සිද්ධ වුණා. කවුරු මොන පචයක්, මේ පචවාහිනී වලින් කිව්වත්, සජිත් ප්‍රේමදාස මේ රට පාවලා දෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි මේ රට වෙනුවෙන් මියගිය මගේ පියාගේ ආත්මය පාවලා දෙන්නෑ. 

පචවාහිනී වලට තියෙනවා පෞද්ගලික න්‍යාය පත්‍රයක් විසඳගන්න. පචවාහිනීයකට වුවමනාවක් තියෙනවා ජනාධිපති ලව්වා හිරගෙදර ඉන්න මනුස්සයෙක්ව එළියට ගන්න‘‘ යනුවෙන් පැවසුවේය. 







වීඩියෝව ‘සියරට‘ පිටුවෙන් උපුටාගත්තකි