ඝාතනයට ගෝඨාබය සහ මහින්ද රාජපක්ෂ ඍජුව වග කිව යුතුයි
එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ දුමින්ද සිල්වා නොහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුඩු දුමින්ද මහතාගේ පාතාල සාමාජිකයින් පිරිසක් විසින් ජනාධිපති උපදේශක හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාව අද පස්වරුවේ වෙඩි තබා ඝාතනය කොට තිබේ.
මුල්ලේරියාව, සිරිමාවෝ බණ්ඩාරනායක පුස්තකාලය අසළදී මෙම වෙඩි තැබීම සිදු වී ඇත.
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ කොටිකාවත්ත කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා මෙවර සන්ධානයේ එම ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ නිවසට දුමින්ද සිල්වාගේ පාතාල මැරයින් පිරිසක් පැමිණ තර්ජනය කරන බවට දැන ගන්නට ලැබීමත් සමඟ පේ‍්‍රමචන්ද්‍ර මහතා වහාම එම ස්ථානයට එන අතරතුරදී දුමින්ද සිල්වා සහ ඔහුගේ පාතාල සාමාජිකයන් මුහුණට මුහුණ හමු වී තිබේ.
එහිදී ඇති වූ බහින් බස් වීමේදී කුඩු දුමින්ද මන්ත්‍රීවරයාගේ නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වී ඇති ඔහුගේ පාතාල සාමාජිකයන් හා පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් පරීක්ෂකවරයා භාරත මහතාට හා ඔහුගේ ආධාරකරුවන්ට වෙඩි තැබීමට සූදානම්ව තිබේ.
එම අවස්ථාවේදී භාරත ලක්ෂ්මන් මහතා සමග සිටි පිරිස එතැනින් පැන යාමට උත්සාහ දරා ඇති අතර, පැන යාමට ඉඩ නොදී වෙඩි තබන ලෙස කුඩු දුමින්ද මන්ත්‍රී වරයා තම ආධාරකරුවන්ට නියෝග කර ඇත. එම අවස්ථාවේදී කුඩු දුමින්ද මහතාගේ පාතාල සාමාජිකයෙකු භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා පසුපස එළවා ගොස් ඔහුට වෙඩි පහර 07ක් තබා ඇත.
එහිදී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, අනතුරුව ඔහුගේ ආධාරකරුවන්ද කුඩු දුමින්ද මන්ත්‍රීවරයාටත් ඔහුගේ පාතාල සාමාජිකයන්ටත් පෙරළා වෙඩි තබා තිබේ.
දෙපිරිස අතර ඇති වූ මෙම වෙඩි හුවමාරුවේදී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද මිය ගොස් ඇති අතර, තුවාල ලැබූ කුඩු දුමින්ද මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු ද ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.
කුඩු දුමින්ද මන්ත්‍රීවරයා රෝහලට ඇතුළත් කළ වහාම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ දුමින්ද මන්ත්‍රීවරයාව කෙසේ හෝ බේරා දෙන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා තිබේ.
කුඩු දුමින්ද මහතාගේ තත්ත්වය ද තරමක් අසාධ්‍ය බව අප කළ විමසීමේදී රෝහල් ප්‍රකාශකයෙකු පැවසූ අතර, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ අත්අඩංගුවට පත්වීමෙන් ගැලවීම සඳහා දුමින්ද මන්ත්‍රීවරයා රෝහල් ගත වී සිටින බවයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී ඔහුට පක්ෂපාතීව සිටිමින් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග ප්‍රසිද්ධියේ ගැටුම් ඇති කර ගත් පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සිටි එකම මන්ත්‍රීවරයා භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමටද පේ‍්‍රමචන්ද්‍ර මහතා සුවිශාල කාර්යභාරයක් ඉටු කළද ජනාධිපතිවරයා ඔහුට පිරිනමනු ලැබුවේ කිසිවක් කළ නොහැකි වෘත්තීය සමිති උපදේශන තනතුරක් පමණි. අනතුරුව එවකට බොල්ල ආසනයේ ශ්‍රීලනිප සංවිධායකව සිටි පේ‍්‍රමචන්ද්‍ර මහතා එම තනතුරෙන් ඉවත් කොට එජාපයෙන් පැමිණි තිලංග සුමතිපාල මහතාට බොරැල්ල ආසන සංවිධායක ධූරය ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
ජනාධිපතිවරයා ඔහුව බොරැල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කරනු ලැබුවේ කොලොන්නාව ආසනයේ සංවිධායකධූරය ලබා දෙන බවට පොරොන්දු වෙමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකාව ලෙස සිටියදී පේ‍්‍රමචන්ද්‍ර මහතා එම පක්ෂයේ සංවිධායකයා ලෙස කටයුතු කළේය.
කෙසේ වුවද ජනාධිපතිවරයා සුපුරුදු පරිදි පේ‍්‍රමචන්ද්‍ර මහතාට දුන් පොරොන්දුව කඩ කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රිලනිපයට එක්වූ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට කොලොන්නාව ආසනයේ ශ්‍රිලනිප සංවිධායකධූරය පිරිනමනු ලැබීය. මෙම තත්ත්වය යටතේ පේ‍්‍රමචන්ද්‍ර මහතාට පක්ෂව සිටි කොලොන්නාව ආසනයේ ඔහුගේ ආධාරකරුවන්ට කුඩු දුමින්ද මන්ත්‍රීවරයාගෙන් හා ඔහුගේ පාතාල සාමාජිකයින්ගෙන් දිගින් දිගටම මරණීය තර්ජන එල්ල විය.
එම අවස්ථාවන්හිදී පවා ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා කුඩු දුමින්ද මන්ත්‍රීවරයාට පක්ෂපාතීව තීන්දු තීරණ ගැනීම නිසා පේ‍්‍රමචන්ද්‍ර මහතා බලවත්සේ කණස්සල්ලට පත්ව සිටි බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත වැඩිදුරටත් පැවසීය.
දුමින්ද හා භාරත අතර කලක සිට පවතින මෙම ගැටුම් හේතුවෙන් ඔවුන් දෙදෙනාට පක්ෂපාතීත්වය දැක්වූ පාතාල සාමාජිකයින් කිහිප දෙනෙකු ද පසුගිය වකවානුවේ ජිවිතක්ෂයට පත් විය.
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය වී ඇති බව සැලවූ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම රෝහල වෙත ගොස් සිටි අතර, මොවුන් සියලූ දෙනාම පාහේ මෙම ඝාතනයට ජනාධිපතිවරයා මුළුමනින්ම වගකිව යුතු බව මාධ්‍යවේදීන් හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ.
-LankaNewsWeb
-LankaNewsWeb
භාරත විසින් පැවැත් වූ තීරණාත්මක කතාව
Post a Comment