''පිිටි මිලේ කිසිම වෙනසක් නෑ'' - මංගල


තිරිඟු පිටි මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට 8.50 කින් වැඩිකර ඇති බවත් මේ නිසා බේකරි නිෂ්පාදනවල මිල ද අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දමන බවට බේකරි හිමියන්ගේ සංගමය පවසන බවට පැතිර යන පුවත් අසත්‍ය බවත් ජීවන වියදම් කමිටුවේ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතියකින් තොරව මෙය සිදුකළ නොහැකි බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. 








පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ ගැන අද (15) නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් සඳහා රු. 87. 00 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවත් මේ මිලට වඩා වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කිරීම නීතියට පටහැනි බවයි.