‘‘අවසන් ප්‍රතිඵලය කියන්න පැය 6 ක් ගතවේවි‘‘ - මහින්ද දේශප්‍රිය


අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට අවම වශයෙන් පැය 6ක පමණ වත් කාලයක් ගතවේයැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද (17) උදෑසන පැවති මාධ්‍ය හමුව අමතමින් අවධාරණය කර සිටියේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

‘‘සමහරවිට එම වේලාව ඊට වඩා වැඩිවීමට පුළුවන්. මෙම ප්‍රමාදයට හේතුව ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීම පමණක් නොව රත්නපුරය, කෑගල්ල හා බදුල්ල දිසත්‍රික් වලට ඊයේ පස්වරුවේ ඇදවැටුණු මහා වර්ෂාවත් 
ඊට හේතුවක්. මේ තත්ත්වය යටතේ අපි බලාපොරොත්තු වෙනවා අද දින පස්වරු 3 ත් 4ත් අතර වේලාවක තරඟ කළ අපේක්ෂකයින් කැඳවා අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවේවි කියා. නමුත්, එය නිශ්චිතවම කියන්න බැහැ.‘‘ යන්නයි. 


නිල ඡන්ද ප්‍රතිඵල අහන්න එක්වෙන්න,