‘‘ලසන්ත විජයරත්න සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක් අවශ්‍යයි‘‘ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය


ගාල්ල හබරාදුවේ පදිංචි  ග්‍රන්ථ රචකයෙකු වන  ලසන්ත විජයරත්නට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම කෙරෙහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දැඩි අවධානය යොමු වි තිබේ.

වාර්තාවන අන්දමට 14 වන දින පාන්දර ගාල්ල හබරාදුවේ පිහිටි ලසන්ත විජයරත්නගේ නිවසට ඇතුල් වු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මේ පහර දීම සිදු කර තිබේ. පහර කෑමට ලක්වු  ලසන්ත විජේරත්න කරාපිටිය රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඔහු කියා සිටියේ 2015 වසරේදි තමා විසින් පළ කරන ලද  ‘නාස්තිකාර සංවර්ධනය හා දුෂණය’ නැමැති කෘතිය  පිලිබඳ ප්‍රශ්න කරමින් මෙම පහරදීම සිදු කළ බවයි.  

මැතිවරණ දිනයට පැය 48 තිබිය දි මෙරට ප්‍රජාතන්ත්‍රවාදි අවකාශයට අභියෝගයක් එල්ල කළ මේ සිදුවීම පිළිබඳව පරික්ෂණ කඩිනම් කොට, ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරන ලෙසත්, අපරාධකරුවන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් වගකිව යුතු සියලු අංශ වලින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව ඉල්ලා සිටි.