රාජ්‍ය තන්ත්‍රය ද පිරිහී ඇති බවත් එය ජයගැනීමට අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ යුද ජයග්‍රහණයෙන් පසු ගෙන ආ යුතුව තිබුණු බවත් ඉන් පසුව බලයට පත්වූ ආණ්ඩු වලින් බරපතල අන්දමේ ව්‍යුහමය විපර්යාස සිදුනොවූ බවත් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා සමාජ විප්ලවයක් ගැන හීන දකින බවත් එය හොඳ හීනයක් බවත් අද (31) දිනයේදී මහනුවර ක්වීන්ස් හෝටලයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට එක්වෙමින් අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,
මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන කියන්නේ නෑ
ඇත්තටම ම දේශපාලන පක්ෂයක කෙනෙක් නෙමෙයි. මම ‘පුනරුදය’ කියන ව්‍යාපාරයක් තුල මහජන ආකල්ප වෙනස් කිරීම සඳහා වැඩකරන කණ්ඩායමක සාමාජිකයෙක් විතරයි. ඉතිං මම එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවී මේ වගේ වැදගත් අවස්ථාවක් මට ලබාදීම ගැන මම මේ උත්සවයේ සංවිධායක මහතුන්ටත්, මුදල් ඇමති මංගල සමරවීර හා හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන්ටත් මගේ ස්තුතිය පිරිනමනවා.
ඇත්තටම, මා මෙතෙන්ට කතා කරන්න ආවේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන නෙමෙයි. මට පෙනෙන වැදගත් කාරණා කීපයක් ගැන. අපිට නිදහස ලැබිලා අවුරුදු 71ක් වෙනවා. නමුත්, තාමත් අපිට ජාතිය ගොඩනගාගැනීමට හැකිවෙලා නැහැ. එය ඛේදජනක කතාවක්. ලංකාවේ දැන් පවතින අර්බුදය ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම තුළ ඇතිවී තිබෙන අර්බුදයක් හැටියට සලකන්න පුළුවන්.
ලංකාවේ වර්ග, කුල, ආගම් භේද අර්බුද වලට බලපා තිබෙනවා
ඒ වගේ ම ඒ අර්බුදය කෙරෙහි, වර්ගය, කුලය, ආගම කියන සාධක බරපතල ලෙස බලපාලා තියෙනවා. නිදහසින් පසු පාස්කු ඉරිදා ඇතිවූ පහරදීම දක්වා ලංකාවේ ඇතිවූ සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රචණ්ඩ ගැටුම් කෙරෙහි මේ වර්ග, කුල ආගම් භේද අර්බුදය බලපාලා තියෙනවා. නූතන ජාතිය ගොඩනගාගැනීමට අපි අසමත්වීම නිසා අපි අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් එක දිගට ලේ මත පීනන ජාතියක් බවට පත්වෙලා හිටියා. ඒ ගැටුම් වලින් අපි කාටත් හානි සිදුවුණා. රටට, රටේ මිනිස්සුන්ට, රටේ දේපළ වලට විශාල හානියක් ඇතිකරා.
මේ ප්‍රචණ්ඩ ගැටුම් වලදී කැරලිකරුවන්ට වගේම කැරලි මර්දනය කරන අයටත් උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජය මත මුදාහරින්න සිදුවුණා. ඒ කෘෘරත්වයෙන් තාමත් අපි අපේ ආකල්ප, එහෙම නැත්නම් මිනිසුන් වශයෙන් අපේ ගුණ ධර්ම මේ සෑමදෙයක් කෙරෙහිම ඉතාම බරපතල ලෙස බලපාලා තියෙනවා ඒවා අද දක්වා අපි අතර පවතිනවා.
ගැටුම් නිසා වැඩිම දේශපාලන නායකයෝ පිරිසක් ඝාතනය වුණේ ලංකාවේ
අපේ රටේ මිනිස්සු විශාල පිරිසක් මේ කැරලි කෝලාහල වලින් විනාශ වුණා පමණක් නෙමෙයි, මේ වගේ ප්‍රචණ්ඩ ගැටුම් පැවති රටවල් සමග සැසඳුවම වැඩිම දේශපාලන නායකයින් පිරිසක් මේ ගැටුම් නිසා මරණයට පත්වෙලා තියෙන්නේ ලංකාවේ. එක් අංක එක. අනික් රටවල් වල මේ විදියට බුරුතු පිටින් දේශපාලන නායකයෝ ඝාතනයට ලක්වුණේ නැහැ. රටේ ඇතිවූ මේ ප්‍රචණ්ඩ ගැටුම් සමාජය කෙරෙහි විනාශකාරී ලෙස බලපෑවා පමණක් නොවෙයි මිනිස්සු නොවන රාජ්‍ය කෙරෙහිත් බලපෑවා. සමාජය අවුල් කිරීමට හේතුවුණා පමණක් නොවෙයි රටේ ආර්ථික ක්‍රමයත් බරපතල ලෙස අවුල් කිරීමට හේතුවුණා.
බොහෝ දේවල් විනාශ වුණා. විනාශ නොවූ හැමදෙයක්ම විකෘති වුණා
ඇත්තටම, බොහෝ දේවල් විනාශ වුණා. විනාශ නොවූ හැමදෙයක්ම විකෘති වුණා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පියා, ජවිපෙ තරුණ කැරැල්ල අවසන් වීමෙන් පස්සේ, ඇයි මේ තරුණ කැරැල්ලට හේතුව, ඇයි මේ කැරලි ගැහුවේ කියලා හොයා බලන්න විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළා. ඇත්තටම, ඒ විශේෂ ජනාධිපති කොමිසම ගැඹුරු ලෙස කරුණු සොයා බැලීමක යෙදුණා. මොකක්ද මේකට බලපාපු හේතුව කියලා. ඒගොල්ලෝ අවධාරණය කරපු එක හේතුවක් තමයි සිංහල කැරලි කෙරෙහි පමණක් නෙමෙයි උතුරේ ඇතිවූදෙමළ තරුණ කැරලි කෙරෙහි වර්ගය, කුලය කියන සාධක බරපතල ලෙස බලපාලා තියෙනවා.
ඒ වගේම ඒ ජනාධිපති කොමිසම ඉතාමත් අවුල් සහගත තත්ත්වය හොඳින් විග්‍රහ කළා පමණක් නෙමෙයි, සමාජයට කවර විදියේ පරිහානියක් ද ඇතිවෙලා තියෙන්නේ, ඒ නිසා රාජ්‍යයේ කවර විදියේ පරිහානියක් ද ඇතිවෙලා තියෙන්නේ කියන එක ඉතාම තියුණු ලෙස කරපු විග්‍රහයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම ඒ විසඳුම් සමහරක් දේවල්, ඒ නිර්දේශ කරලා තියෙන අදටත් වලංගුයි කියලයි මං හිතන්නේ. ඒවගේම ඉතාමත්ව වැදගත් විදියට සමහර දේවල විශ්ලේෂණය කරලා තිබුණා.

රණසිංහ ප්‍රේමදාස නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කරන්න උත්සහ කළා
අපේ පාසල් ක්‍රමය ගැන. අපේ අධ්‍යාපන ක්‍රමය ගැන. ඒවා කොයි විදියට විකෘති වෙලා තියෙනවද ?, ඒවා හදාගත යුත්තේ කොයිවිදියටද කියලා. ඇත්ත වශයෙන්ම, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මේ නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කරන්න උත්සහ කළා. අකුරටම. නමුත්, එතුමාගේ මරණයෙන්, එතුමාගේ ඝාතනයෙන් පස්සේ ඒ සියළු නිර්දේශත් ඒ සියළු දේවලුත් මරණයට පත්වුණා. මේක එතුමාගේ කමිෂන් සභාවන් සම්බන්ධයෙන් පමණක් නෙමෙයි. ලංකාවේ දේවල් හොයන්න පත්කරලා තියෙන කමිෂන් සභා සංඛ්‍යාව අතිවිශාලයි.
ලංකාව ප්‍රතිසංස්කරණ වලට බය රටක්
ඒවා ඇත්තටම මහ වියදමක් දරලා කමිෂන් සභා පත්කරත් කවදාකවත් ඒවා සැලකිල්ලට අරගෙන වෙනස්කම් වලට යන්න සමත්වුණේ නැහැ. ලංකාව ප්‍රතිසංස්කරණ වලට භය රටක්. සමහර දේවල් බැලුවම, වරදක් වුණාම ඒ වරද කල්ගැහෙන්න ඉඩනොදී ඉක්මනින් නිවැරදි කරගැනීම අවශ්‍ය වෙනවා. ඒත් අවාසනාවකට ලංකාව දිගින් දිගටම ඒවරද පැහැවන්න ඉඩ ඇරලා, කුණු වන්න ඉඩ ඇරලා, ගල් වෙන්න දෙන රටක් හැටියට සලකන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ලංකාව නැවත ගොඩනැගිය යුතු තත්ත්වයක තිබුණේ, තාමත් සමාජ ක්‍රමයේ තියෙන අවුල ඉතා බිහිසුණු මට්ටමක තියෙන්නේ'' යන්නයි.

මෙහිදී ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, සජිත් ප්‍රේමදාස දකින හීනයට පාර්ලිමේන්තුවට සීමා නොවූ මේ සමස්ත ක්‍රමය දෙස ආපසු හැරී බලන ක්‍රමයක්, මහජන ක්‍රියාකාරීත්වයට ඉඩ දෙන ව්‍යවස්ථා සම්පාදනය, සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ අංග, හඬක් නැති අයට හඬක් ලබාදිය යුතු බවත්, පොදුවේ හිතන ජනතාවක් බිහිවෙන තාක් රට ගොඩනැගිය නොහැකි බවත් මහජන ව්‍යවස්ථාවක් සම්පාදනය වූ දිනට සැබෑ විප්ලවයක් ඇතිවෙන බවත් මේ තත්ත්වයන් ජයගැනීමට අවුරුදු 71ක් පුරාවට අත්හැර සිටි ලාංකේය ජාතියක් ගොඩනැගීමේ කර්තව්‍යයට යා යුතු බවත්ය.
Post a Comment