කොලොම්බියාව: ගංවතුරෙන් සහ කඳු නාය යාම් වලින් 11 දෙනෙක් මරුට

l කිෂානි වැලිවිටිගොඩ 

මේ දින වල කොලොම්බියාවේ පවතින අධික වැසි හේතුවෙන් ගංගා වල ඇති ජල මට්ටම ඉහළ යාම නිසා ඇති වී තිබෙන ගං වතුර සහ කඳු නාය යාම් වලින් පුද්ගලයන් 11 දෙනෙකු මරු මුවට පත් වී ඇති අතර තවත් 4 දෙනෙකු අතුරුදහන් ඇති වී බවට විදෙස් පුවත් එජෙන්සි වලට වාර්තා වේ. කල්ඩාස් හි නිවාස දෙකක් යට කරමින් සිදු වූ කඳු නාය යාමෙන් පසු සහන සේවකයන් විසින් තරුණයන් 4 දෙනෙකු ඇතුළුව 9 දෙනෙකුගේ මළසිරුරු සොයා ගෙන තිබේ.


උතුරු මැග්ඩලෙනා හි ගංගා වල ජලය පිටාර ගැලීම හේතුවෙන් නිවාස 2 ක් යට වී පුද්ගලයන් දෙදෙනෙකු මරු මුවට පත් වී ඇති අතර පාලමක් විනාශ වී තිබෙන බවට වාර්තා වේ. කොලොම්බියාවේ වර්ෂා සාමය සැප්තැම්බර් මාසයෙන් ආරම්භ වන අතර මේ දක්වා පුද්ගලයන් 159 ක් පමණ මරණයට පත් වී ඇති අතර 878,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වී තිබේ.