''මහින්ද රාජපක්ෂ ලංකාවේ ආධ්‍යාත්මික නායකයායි'' - බැසිල්


ලංකාවේ ආධ්‍යාත්මික නායකයා මහින්ද රාජපක්ෂ බව බැසිල් රාජපක්ෂ පසුගියදා (13) 'ද හින්දු' පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය. සමස්ත ලාංකිකයින්ගෙන් අප විමසන්නේ බැසිල් රාජපක්ෂ ජාත්‍යන්තර හමුවේ පවසා ඇති අන්දමින් සැබැවින්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ලංකාවේ ආධ්‍යාත්මික නායකයාද ? යන්නයි. 

මෙම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ දමිළ ඡන්ද පදනම අතිශයින්ම වැදගත් බව පිළිගත් අතර   ‘දමිළ ජනතාවට සිදුවූ දේ අමතක කළ නොහැකියි . නමුත්,   ප්‍රජාවන් දෙකේම ජනතාව ‘එකිනෙකාට සමාව දිය යුතුයි' යනුවෙන් පවසා තිබේ. 

ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් ලබාදීම කෙරෙහි ද බැසිල් රාජපක්ෂ  සිය අවධානය යොමුකර තිබේ. 

‘අපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි ජනතාවට තීරණය කිරීමට ඉඩදිය යුතුයි. පක්ෂය උපරිම බලය බෙදා හැරීමට කැපවී සිටිනවා’ යනුවෙන් ඔහු මෙහිදී පවසා තිබෙන අතර මෙය දමිළ ඡන්ද පදනමට හුරුපුරුදු නමුත්, කිසි කලෙක ඉටු නොවූ පොරොන්දුවක් ද වේ. 

‘අපේ අපේක්ෂකයා හෝ ජනාධිපති කවුරුන් වුණත්, අපේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානියා නැතිනම් අගමැති ලෙස කටයුතු කරාවි. ඉතිං මේ විධි විධානයන් අපිට හොඳින් ගැළපෙනවා. ඔහු අපේ නායකයා. ඔහු අපේ රටේ ආධ්‍යාත්මික නායකයා’ යනුවෙන් අවසන් වශයෙන් පවසා තිබේ.