මෙරට හා ඉන්දියාව අතර ආර්ථික සබඳතා තර වේ



ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව ඉන්දීය හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවන්හි දී වැඩි අවධානයක් යොමු කෙරිණි. 

දෙරට අතර අනාගත ආර්ථික අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳව ද ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ රනිල් වික්‍රමසිංහ  අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි. දෙරටේ ද්විපාර්ශවික සබඳතාවන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.

ගෝලීය ත්‍රස්තවාදය හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳවද මේ සාකච්ඡාවන් හි දී අවධාරණය කෙරිණ.

සාකච්ඡා සඳහා වැඩි කාලයක් වෙන් කර ගැනීමේ අරමුණ ඇතිව අග්‍රාමාත්‍යවරුන් දෙපල අතර සාකච්ඡා වාර පැවැත්වුණේ වාහනයෙන් ගමන් කරන අතරතුර වීමද විශේෂයකි.