තුර්කි විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සෙදාත් ඕනාල් අද (10) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවිය. එම හමුවේ දී, ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේදීත්, ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගැනීමේදීත් තුර්කිය ශ්‍රී ලංකාව සමග කටයුතු කරන බව වික්‍රමසිංහට දැනුම් දෙන මෙන් තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගාන් සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඉල්ලා සිටි බව ඕනාල් අවධාරණය කළේය.
දෙරට අතර ආර්ථික, බුද්ධි අංශ සහ හමුදාමය සහයෝගීතාව තර කර ගැනීමට එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කැමැත්ත පළ කළේය.
තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක, වෙළඳ, ආයෝජන හා සංචාරක යන ක්ෂේත්‍රවල ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝක පර්යාය තුළ රටක නීති පද්ධතිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.


Post a Comment