නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
මේ අතර අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න පත් කර තිබෙන අතර, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කේ.ජී අශෝකා අලවත්ත පත් කර තිබේ.
එම මහත්ම මහත්මීන් ද අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.


Post a Comment