''දැකල පුරුදු කෙනෙක්'' බලන්න පමා නොවන්න


මලිත් හෑගොඩගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන ‘දැකල පුරුදු කෙනෙක්‘ මේ දිනවල තිරගත වේ. සමාධි ලක්සිරි, බිමල් ජයකොඩි හා ජගත් මනුවර්ණ මෙහි ප්‍රධාන චරිත නිරූපණයේ යෙදේ. 
  
බූපති නලින් වික්‍රමගේ තිර රචනයක් වන මෙහි කැමරාකරණය එම්.ඩී. මහින්දපාලගෙන් වන අතර සංගීත අධ්‍යක්ෂණය රුවන් වල්පොල ගෙන් වන අතර නිෂ්පාදනය ලාල් හෑගොඩ ගෙනි. 


මලිත් සිය සිනමා කෘතිය දින කීපයකට පමණක් මෙරටදී තිරගත වීම ගැන අදහස් දක්වමින් පවසන්නේ, 
  

‘‘මම 2013 මෙය නිම කළේ. ඉන්පසු ලෝක මංගල දැක්ම සඳහා කැනඩාවේ මොන්ට්‍රියෙල් ලෝක සිනමා උලෙළ 2014 යනවා. එහිදී රන්මුදුන සම්මානය නිර්දේශ වුණා. ඒවගේම යුරෝපියානු මංගල දැක්ම 2014 ලන්ඩන් සිනමා උලෙළ එංගලන්තය, රන් හනුමා සම්මානය නිර්දේශිත ජෝග්ජා නෙට්පැක් ආසියානු සිනමා උලෙළ ඉන්දුනීසියාව 2015, හොඳම ප්‍රථම චිත්‍රපටය සඳහා ජූරියේ සම්මානය යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ 2016, දෙරණ සිනමා සම්මාන උලෙළේ මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂ සඳහා ජූරියේ සම්මානය 2016, සරසවිය සම්මාන උලෙළේ 2018 වසරේ මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයාට හිමි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය පිරිනැමුණා. 

ඉතින් 2014 සිට මම උත්සාහ කළා මෙයට ප්‍රධාන මුදාහැරීමක් ලබා ගන්න. ඒත් අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා තවත් පරණ නොවී මේ අවස්ථාව ගන්න මම තීරණය කළා. මොකද බොහෝ දෙනකුගේ විශාල ශ්‍රමයක් මේ පිටුපස තිබෙනවා. එය අයාලේ යන්න දෙන්න බෑ. මොකද මෙය විශාල පිරිවැයක් දැරිය යුතු කෘතියක් සහෝදරත්වය මත ඉතා අඩු පිරිවැයකට කරගන්න හැකි වුණ නිසා. ඉතින් රීගල්, ලිඩෝ ඇතුළු සීඊඑල් සිනමා ශාලා, ඇමටි ලයිට්, මැක්සලයිට්, නිව් ඉම්පීරියල් කුරුණෑගල ආදී රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවල 4.15ට පමණක් ප්‍රදර්ශනය කෙරෙනවා. සමහර චිත්‍රපට මේ ආකාරයෙන් මුදා හැරියත් ජනතා ආකර්ෂණය මත වැඩි කාලයක් ප්‍රදර්ශනය කරන්න ශාලා හිමියන් තීරණය කළ නිසා ඒ අවස්ථාව ලබා ගන්න එකඟතාව තිබෙනවා. එය ඉතින් ප්‍රේක්ෂකයා වගේම චිත්‍රපටය මත තීරණය වන්නක්.‘‘ බවයි. 

‘‘දැකල පුරුදු කෙනෙක්‘‘ තිරගත වන සිනමා ශාලාවන්