විධායකය අහෝසි කරන්න ජවිපෙ - ටී.එන්.ඒ සාකච්ඡා


විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සහ 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ටී.එන්.ඒ සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් අද(11) පස්වරු 2.00ට පැලවත්ත ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. 



මෙම අවස්ථාවට ටී.එන්.ඒ සංවිධානය නියෝජනය කරමින් ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, මාවයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන් සහ ඩී. සිද්ධාර්ථන් සහභාගිවූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නායක අනුර දිසානායක, ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත යන අය සහභාගි විය.