චීනයේ විදේශ ආයෝජන නීතියේ විනිවිදභාවය ඉහළට


විදේශ ආ‍යෝජන නීතියෙන් චීනයේ අධි විවෘතභාවය ඉහළ මට්ටමකට යොමු කිරීමට අපේක්ෂා කෙරේ. චීන විදේශ ආයෝජන නීති කෙටුම්පත ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයට ඉදිරිපත් කර තිබේ. ලෝකයේ දෙවැනි විශාල ආර්ථික ඒකකය වශයෙනුත් විශාලතම වෙළඳ ‍භාණ්ඩ ගනුදෙනු රට වශයෙනුත් දෙවැනි සේවා වෙළඳ රට වශයෙනුත් චීනය විදේශ ආයෝජන නීති කෙටුම්පත සම්පාදනය කරන විට විවෘතභාවය හා විනිවිද බව පිළිබිඹු කරමින් තම රටේ සත්‍ය තත්ත්වය මත පදනම්ව ජාත්‍යන්තර විධිවිධාන හා සම්බන්ධ කර දෙස් විදෙස් ආ‍යෝජන සාධාරණ සේ අගය කරයි.  


විදේශ ආයෝජන ව්‍යාපාරයන් චීන වෙළඳපොළට ප්‍රවේශ වෙමින් පවතින අදියරේ ම චීනයේ දේශීය ව්‍යාපරයන් මෙන් ජාතික සැලකීම ලබා දෙන බවත් විශේෂ ක්ෂේත්‍ර වලින් හැර දෙස් විදෙස් ආ‍යෝජන ව්‍යාපාරයන්ට සමාන සැලකීම් ලබා දෙන බවත් මෙම නීති කෙටුම්පතේ සඳහන් වෙයි.

මෙම වසරේ ගෝලීය ආර්ථික අස්ථාවර සාධකයන් නොකඩවාම ව්‍යාප්ත කිරීමේ වාතාවරණයේ චීනය දේශපාලන හා සමාජ ස්ථාවරත්වයක් තහවුරු කර ගැනීමට සමත් වී තිබේ. වෙළඳ පොළ ස්ථාවර මෙන්ම මනා ලෙස ක්‍රියාත්මක කිරීමට ද චීනයට හැකි වෙයි. ඉදිරියේදීත් විදේශ ආයෝජන නීතිය හරහා අධි ගුණයෙන් යුත් විවෘතභාවය ඉහළ මට්ටමකට යොමු කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.