ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන අද දින අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොළඹ මහ නගර සභා පිටියේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ නගර සභාව සමග එක්ව පවත්වන මුලපිරුමක් වන ‘ඇය සුරැකි ගමනක ද ?’ මහජන ස්ථාපනය නැරඹුවේ ය.
![]() |
රිට්සු නකේන් හා අගමැතිතුමා |
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේදී හිංසනයට ගොදුරු වූ කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ සත්‍ය කතා මෙම ශ්‍රව්‍ය දෘෂ්‍ය ස්ථාපනයේදී ඉදිරිපත් කරනු ලැබේ. ප්‍රදර්ශනය ආරම්භ කළ දින සිට සිය ගණන් ජනයා එය නැරඹීමට හා අන්තර් ක්‍රියාකාරී සැසිවලට එක් වූ හ. ඒ අතර බස් රියදුරන්, කොන්දොස්තරවරුන්, පාසල් සිසුන් මෙන් ම පොදු ජනයා ද වූ හ.
![]() |
අගමැතිතුමා ප්‍රදර්ශනය නරඹමින් |
ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් කොළඹ නගර ශාලාව මත ප්‍රක්ෂේපණය කරන ලද විශේෂ වීඩියෝ දර්ශනයක් ද දියත් කළේ ය. එම වීඩියෝවේ අරමුණ වූයේ පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසනය පිළිබඳ හඬ අවදි කිරීමට, මැදිහත් වීමට සහ වෙනස නිර්මාණය කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීමට ජනතාව දිරිමත් කිරීමයි.
![]() |
නගර සභා ගොඩනැගිල්ලේ ප්‍රක්ෂේපණය කළ විශේෂ වීඩියෝ දර්ශනය |
සබැඳි පුවත්
Post a Comment