පසුගියදා (නොවැම්බර් 4) ලබා දුන් ඓතිහාසික තීරණයක් තුලින්, 2015 හා 2016 යන වර්ෂයන් හි අගමැතිවරයා ලෙස ගරු රනිල් වික්රමසිංහ මහතා ලබා දුන් වත්කම් හා බැරකම් ප්රකාශනය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) පිලිබඳ පනත යටතේ ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) ආයතනයට ලබා දෙන ලෙස RTI කොමිසම ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කළේය. කොමිසම විසින් මෙම තීන්දුව ලබාදුන්නේ 2017 වර්ෂයේ පෙබරවාරි මස 3 දින RTI පනත ක්රියාත්මක වීමත් සමග TISL ආයතනය ඉදිරිපත් කළ තොරතුරු ඇයදුමක් ප්රකාරවයි.
RTI පනත යටතේ මෙම වත්කම් ප්රකාශනය ලබා ගැනීම තුලින් එය ප්රසිද්ධියට පත් කිරීමට TISL ආයතනයට හැකියාව ඇත. මෙම ප්රකාශනය පෞද්ගලික තොරතුරු වන බවට කළ තර්කය ප්රතික්ෂේප කරමින්, තුන්වන පාර්ශ්වයන්ට අදාළ තොරතුරු ඉවත් කර එම වත්කම් ප්රකාශනය නිකුත් කළ හැකි බව RTI කොමිසම තම තීන්දුවේ සඳහන් කළේය.
එමෙන්ම, පොදු ධනය තමන්ගේ පෞද්ගලික භුක්තිය සඳහා එක්රැස් කිරීමට තැත් කරන පුද්ගලයින්ව එසේ කිරීමෙන් වැළැක්වීමට හා දූෂණය වැළැක්වීම සඳහා RTI පනත බලවත් මෙවලමක් වන බව RTI කොමිසම පෙන්වා දුන්නේය.
TISLආයතනය මෙම තීන්දුව සතුටින් පිළිගන්නා අතර, නීති විරෝධීව ධනය රැස් කිරීමේ චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීමට හා දූෂණය මැඩලීමේ මෙවලමක් ලෙස දේශපාලඥයින්ගේ වත්කම් ප්රකාශන භාවිතා කළ හැකි බව TISL ආයතනයේ ස්ථාවරයයි.
TISL ආයතනය විසින් මුල් අවස්ථාවේදී ඉදිරිපත් කළ RTI අයදුම්පත්රය තුලින් 2015 හා 2016 වර්ෂයන් සඳහා අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ වත්කම් ප්රකාශනයද ඉල්ලා සිටි අතර, RTI කොමිසම පෙන්වා දුන්නේ වත්කම් හා බැරකම් ප්රකාශන පිලිබඳ පනත යටතේ, ජනාධිපති ධූරය සඳහන් කර නොමැති බවයි. එසේවුවද, විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීම සඳහා රාජ්ය නායකයින් සිය කැමැත්තෙන්ම වත්කම් ප්රකාශන ප්රසිද්ධියට පත්කිරීමේ ප්රවනතාවයක් පවතින බව RTI කොමිසම පෙන්වා දුන්නේය. ජනාධිපතිතුමාගේ වත්කම් ප්රකාශනයද ප්රසිද්ධියට පත්කිරීම තුලින් RTI පනත තුලින් බලාපොරොත්තු වූ යහපාලනයේ හා වගවීමේ සංස්කෘතිය පෝෂණය කළ හැකි බැවින් මෙම නීතිමය පුරප්පාඩුව විසඳන ලෙස RTI කොමිසම නිර්දේශ කළේය.
RTI කොමිසමේ තීන්දුව අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව ජනාධිපති ලේකම් කාර්යාලයට පවතින නමුත්, එවැනි පියවරක් ගැනීම තුලින් තම ඡන්දයෙන් පත් කල නියෝජිතයින්ගේ වත්කම් ප්රකාශන ලබා ගැනීමට ජනතාව සතු අයිතිය, වගවීම හා විනිවිදභාවය යන සංකල්පයන් ප්රවර්ධනය කිරීමට ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති ප්රතිඥා, උල්ලංඝනය වේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ TISL ආයතනයේ විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසුවේ, “මෙම ඓතිහාසික තීන්දුව තොරතුරු දැනගැනීමේ අයිතිය හා දේශපාලඥයින්ගේ වත්කම් ප්රකාශන ජනතා අතට පත් කිරීම සඳහා ගෙන යන අරගලය විසින් අත්කර ගත් දැවැන්ත ජයග්රහණයක්. RTI කොමිසමේ තීන්දුවට යටත්ව ජනාධිපති කාර්යාලය එම වත්කම් ප්රකාශනය ලබා දෙනු ඇතැයි අප අපේක්ෂා කරන අතර, එසේ ලැබුණු විගස එය ජනතා අතට පත් කිරීම සඳහා අප ක්රියා කරන බව සඳහන් කළ යුතුය". යන්නයි.
Home වත්කම් රනිල්ගේ වත්කම් හා බැරකම් ප්රකාශනය ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වෙත
රනිල්ගේ වත්කම් හා බැරකම් ප්රකාශනය ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වෙත
By azad • December 06, 2018 • ට්රාන්ස්පේරන්සි දේශපාලන වත්කම් • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment