විශ්ව ඉන්ද්‍රජිත්
2002 ඔක්තෝබර් 1 සහ 3 දීපු නඩු තීන්දුවෙ හැටියට, විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය තියෙන්නෙ මේ රටේ මහජනතාවටයි. ජනාධිපති සහ පාර්ලිමේන්තුව ඒවා සඳහා කාලෙන් කාලෙට පත්වෙන භාරකරුවන් පමණයි.
ඒ අධිකරණ තීන්දුවට අනුව:
(1). transfer of powers from one organ to another (organs are: legislative, executive, judiciary), or
(2). relinquish of power from an organ, or
(3). remove a power from an organ is a violation of articles 3 and 4 of the constitution.
ඒ කියන්නෙ එක් ආයතනයකට (විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය) තියන බලයක් තවත් ආයතනයකට පැවරීම හෝ, අයින් කිරීම හෝ අතහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 3 හා 4 වගන්ති වලට පටහැනියි. ඒක නිසා එහෙම දෙයක් කරනවනම් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍යමයි.
ජනාධිපතිවරයට අවුරුද්දකට පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්කම විධායකය සතු බලයක්. අවුරුද්දකට වඩා ඒ සීමාව දීර්ඝ කරනවනම් කෙසේද කල යුත්තෙ කියල ඒ නඩු තීරණයෙදි සඳහන් වුනා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලා, පාර්ලිමේන්තු කාලයෙන් අඩක් වන අවුරුදු 3ක් (මොකද ඒ කාලෙදි පාර්ලිමෙන්තුව පත්වුනෙ අවුරුදු 6කට) දක්වා ඔය කාල සීමාව දීර්ඝ කලොත් ඒක ව්‍යවස්ථාවෙ 3 හා 4 වගන්ති උල්ලංගනය කිරීමක් වෙන්නෙ නෑ, නමුත් ඊට වඩා වැඩියෙන් දීර්ඝ කරනවනම් ජනමත විචාරනයකින් අනුමත විය යුතුයි කියල. දැන් පාර්ලිමේන්තු කාලය අවුරුදු 5ක් වන නිසා, උපරිම ලෙස ඕක දීර්ඝ කරන්න පුලුවන් වන්නෙ අවුරුදු 2 හමාරකට පමනයි.
ජනමත විචාරණයකින් තොරව ඊට වඩා දීර්ඝ කළහොත් සිදුවෙන්නෙ:
- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටත් පටහැනියි
- ව්‍යවස්ථාවෙ 3 හා 4 වගන්තිත් උල්ලංගනය කිරීමක්
- ජනතාව සතු විධායක බලය අහිමි කිරීමක්.
70 (1) පිළිගතහොත් වෙන්නෙ ඔය උල්ලංගනය කිරීම් සිදුවෙන එක.
හැබැයි ඒ වෙනුවට, 33(2) පිළිගතහොත්, ඔය කිසිම උල්ලංගනය කිරීමක් වෙන්නෙත් නෑ. ඒ කියන්නෙ:
- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටත් එකඟයි
- ව්‍යවස්ථාවෙ 3 හා 4 වගන්ති වලටත් එකඟයි
- ජනතාව සතු විධායක බලයට පටහැනි ක්‍රියාවක් වෙන්නෙත් නෑ.
ඒක නිසා අපි අධිරණයෙන් ඇසිය යුත්තෙ, 33(2) පිළිගන්න්න බැරිනම්, ඉහත කී දේවල් උල්ලංගනය නොවෙන ලෙස ව්‍යවස්ථාවෙ කුමන වගන්තිය යටතෙද කටයුතු කළ යුත්තෙ කියල අපිට පෙන්නන්න කියන එකයි.
ඒක 70(1) වෙන්න බෑ, මොකද 70(1) ඔය ඔක්කොම උල්ලංහනය කරනව.
Post a Comment