ලිංගික අතවර වලට චෝදනා එල්ල වී සිටි සුප්‍රසිද්ධ රංගන ශිල්පී බිල් කොස්බි හට වසර තුනකින් ගෙවී යන පරිදි වසර 10 ක සිරදඬුවම් නියම කිරීමට පෙනිසිල්වේනියා හි අධිකරණය ඊයේ (25) තීන්දු කළේය. නොරිස්ටවුන් හි මොන්ටිගෝමරි උසාවියේ දී මේ තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණු අතර කොස්බි විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ද විනිසුරු ස්ටීවන් ඕ නීල් ප්‍රතික්ෂේප කර ඇත. කොස්බි විකෘති ලිංගික ආශාවන් වලින් යුක්ත අයෙකු බවත් ඔහුගේ නම ලිංගික අපරාධ සිදුකරන අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු බව ද මෙම නඩු තීන්දුවේදී ප්‍රකාශයට පත්විය.
නඩු තීන්දුව ලබාදුන් විනිසුරු ස්ටීවන් පසුව ප්‍රකාශ කර තිබෙන්නේ ‘මෙය අතිශය බරපතල අපරාධයක්‘ බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට අවස්ථාව ලබාදුන්නද එම අවස්ථාවේදී ඔහු කිසිවක් නොපැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොස්බිට නඩු තීන්දුව ලබාදෙන ලද අවස්ථාවේදී ඔහුට එරෙහිව චෝදනා ගොනුකළ ඇන්ඩ්‍රියා කිසිදු ප්‍රකාශයක් සිදු නොකළත් ඇය, ස්ටීවන් ඕ නීල් විනිසුරුවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙන්නේ, ‘‘ගරු විනිසුරුතුමනි, මා මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී හමාරයි. ජූරිය මෙන්ම බිල් කොස්බි මහතා ද මගේ චෝදනාව ගැන දැනුවත් වී සිටියි. දැන් මා ඔබෙන් විමසන්නේ මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි‘‘ යන්නයි.
කවුද මේ කොස්බි ?
බිල් කොස්බි අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වූයේ Cosby Show වැඩසටහන හරහාය. 1980 දශකයේදී අතිශය ජනප්‍රියත්වයට පත්වූ මේ වැඩසටහනේදි අප්‍රිකානු - ඇමරිකානු සම්භවයක් ඇති බෘෘක්ලින්හි දිවි ගෙවන පියෙකුගේ චරිතය කොස්බි නිරූපණය කළේය. මේ චරිතය නිසාවෙන්ම ‘ඇමරිකාවේ පියා‘ යන අන්වර්ථ නාමයෙන් ඔහුව හැඳින්විණි.
[caption id="attachment_21157" align="alignright" width="300"]
සිය රංගනය වෙනුවෙන් සම්මාන ගණනාවකින් පිදුම් ලැබීමට කොස්බි සමත්වූවේය. ඒ අතරින් 1985, 1986 The Cosby Show වෙනුවෙන් ඔහු ලබාගත් ගෝල්ඩන් ග්ලොබ් සම්මානය සුවිශේෂය. 2014 දී ඇමරිකන් කොමඩි සම්මානය ලබාගත් ඔහු ග්‍රැමී සම්මානලාභියෙකු ද වේ. මේ වනවිට 81 හැවිරිදි වියේ පසුවන කොස්බි දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. කොස්බිගේ එකම පුතු මේ වනවිට ජීවතුන් අතර නැති අතර රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවක් වන කැමිලා කොස්බි ඔහුගේ බිරිඳ වේ.
කොස්බි හා ඇන්ඩ්‍රියා
ටෙම්පල් සරසවියේ ක්‍රීඩා උපදේශිකාවක් ලෙස කටයුතු කළ ඇන්ඩ්‍රියා 2017 ජූනි මසදී අනාවරණය කළේ සිය මිත්‍රයෙකු වී සිටි කොස්බි 2004 වසරේදී තමන්ට පෙත්තක් ලබාදී අතවර කළ බවයි. මේ දෙදෙනා මිතුරන් ලෙස වසර දෙකක කාලයක් ඇසුරු කර තිබුණි. කොස්බි, ඇන්ඩ්‍රියා හට අතවර සිදුකර තිබෙන්නේ එල්කින්ස් පාර්ක් හි පිහිටි ඔහුගේ නිවහනේදී ය.
අප්‍රේල් මාසයේදී යළි විමසන ලද නඩු විභාගයේදී අනාවරණය වූවේ කොස්බි විසින් ඇන්ඩ්‍රියා කොන්ස්ටන්ඩ්ව අපයෝජනයට ලක්කර ඇති බව හා මත්ද්‍රව්‍ය පොවා ඇති බවත්ය. අපයෝජනයට ලක්වන අවස්ථාවේදී ඇන්ඩ්‍රියා 29 හැවිරිදි වියේ පසුවූ අතර කොස්බි 45 හැවිරිදි වියේ පසුවූවේය.
[caption id="attachment_21156" align="alignleft" width="300"]
කොස්බි කළ අතවරයෙන් තම ජීවිතයට සිදුවූ බලපෑම ගැන අනාවරණය කළ ඇන්ඩ්‍රියා National Post පුවත්පතට පවසා තිබුණේ, ‘මේ සිද්ධියෙන් පසුව මගේ ජීවිතයට වුණු බලපෑම ගැන හැබෑවටම අවබෝධ කරගන්න වුවමනා නම් මීට කලින් මා ගෙවු ජීවිතය ගැනත් දැනසිටිය යුතුමයි
මේ සිද්ධිය ඇත්තටම වුණාද නැද්ද යන්න ගැන අවබෝධයක් නැති වුණත් ඉන් ඇතිකළ වේදනාව මහ හඬින් රැව්දෙන්න ගත්තා. ලැජ්ජාව වැඩි වැඩියෙන් දැනෙන්න ගත්තා. මා ගැනම ඇතිවූ සැකය හා වියවුල වැඩි වැඩියෙන් දැනෙන් පටන් ගත්තා. අනෙක් සියලු දෙනා මෙන්ම මට මා පවා විශ්වාස කරන්නට නොහැකි වුණා.
බිල් කොස්බි මගේ ලස්සන, සෞඛ්‍යසම්පන්න තරුණ ආත්මය තලා පෙළා දැම්මා. ඔහු මගේ ජීවය වගේම මම මා කෙරෙහි හා අනෙක් අය කෙරෙහි තැබූ විශ්වාසය බිඳහෙළුවා. ජීවිතය දිහා ආපහු හැරී බලනවා වෙනුවට මා දැන් ඉදිරිය දෙස බලනවා. මගේ ජීවීතයේ දෙවැනි අවස්ථාවක් ලබාගන්න ඕන‘ යන්නයි.
කොස්බිව හිරගෙට නියම කරන අවස්ථාවේ ළඟින් සිටියේ කවුද ?
තීන්දුව ලබාදෙන අවස්ථාවේදී කොස්බිගේ බිරිඳ, පවුලේ කිසිවෙකු හෝ ඔහුට සහය දක්වන කිසිදු රංගන ශිල්පියෙකු නොසිටියේය. කොස්බි විසින් මීට පෙර අපහරණය කරන ලද කාන්තාවන් කීපදෙනෙකු ඇන්ඩ්‍රියා සමීපයේ සිට ඇත. කොස්බිට අධිකරණයේ තීන්දුව ලබාදෙන අවස්ථාවේදී නිරූපණ ශිල්පිනියක වන ජැනිස් ජැක්සන් අත්පොළසන් දෙමින් සිය ප්‍රීතිය පළකල බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ තීන්දුව සම්බන්ධයෙන් කොස්බිගේ පාර්ශ්වයෙන් අදහස් දැක්වූ ඇන්ඩෘ වයට් පවසන්නේ, ‘මෙය අතිශය වර්ගවාදී මෙන්ම ස්ත්‍රී, පුරුෂභාවය නිසා වෙනස් සැලකුම් ලැබූ තීන්දුවක් බව‘ යි.
තවත් කාන්තාවන් 60 දෙනෙකු කොස්බිට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා ගොනු කර තිබුණද ඒ සම්බන්ධව සිදුකෙරෙන නඩු වලට මේ වනවිට සීමා පැනවී ඇත. තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා ගොනුකරන බව පවසමින් කොස්බි මේ පිරිසට එරෙහිව අපහාස චෝදනා ගොනුකර ඇත.
2015 දී කොස්බිව පළමුවරට අත්අඩංගුවට ගනු ලැබූ අතර #MeToo ව්‍යාපාරය හරහා පළමුවරට දඬුවම් ලැබූ පුද්ගලයා කොස්බි බව පැවසේ.
People, CBS හා BBC ඇසුරිනි
සටහන - වින්ධ්‍යා ගම්ලත්
Post a Comment