ඩාර්ක් නෙට් හරහා දරුවා ලිංගික සේවනයට අලෙවි කළ මව සිරගෙට

ඩාර්ක් නෙට් හරහා සිය පුතුව ලිංගිකසේවනය සඳහා අලෙවි කළ ජර්මන් කාන්තාවකට හා ඇගේ සැමියාට (දරුවාගේ බාප්පා) දකුණු ජර්මනියේ ෆ්‍රේබර්ග් අධිකරණය මගින් අද (7) දින වසර 12 ක සිරදඬුවම් නියම කෙරුණි. මීට අමතරව අදාළ දරුවාට අඛණ්ඩව ලිංගික හිංසන සිදුකළ ස්පාඤ්ඤ ජාතිකයෙකුට ද ඊයේ දින වසර 10 ක සිරදඬුවම් නියම විය.

ජර්මානු යුවළක් වන  බෙරින් ටාහා හා  ක්‍රිස්ටියන් ලයිස් යන දෙදෙනාට එරෙහිව නැගුණු ප්‍රධාන චෝදනා වූයේ ළමා අපචාරය, ළමයින් යොදාගෙන නිර්මාණය කළ කාමුක දර්ශන  බෙදාහැරීම, ගණිකා සේවනයට දරුවා යොමුකිරීම හා ලිංගික අඩන්තේට්ටම්  සිදුකිරීමය. වසර දෙකහමාරක් තිස්සේ ඩාර්ක් නෙට් හරහා දරුවාව ලිංගික සේවනයට අලෙවි කර ඇත්තේ ඔහුගේ බාප්පා  විසිනි. පසුගිය ජූනි මසදී මෙම සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම පටන්ගත් අතර එ් වනවිට දරුවාගේ වයස අවුරුදු 9 ක් විය.

අදාළ දරුවා මේ වනවිට කැපකරු මාපියන් යටතේ රැකවරණය ලබමින් සිටින අතර ඒ අතරතුර ඔහුව මනෝ වෛද්‍යවරයෙකු වෙත ද යොමුකර ඇත.

 

BBC හා The Independent 

සටහන - වින්ධ්‍යා ගම්ලත්