ඉදිරි ජනාධිපතිවරණය සඳහා ලංගම තුල නීති විරෝධී ලෙස එක් පක්ෂයකට පමණක් පක්ෂග්රාහී ලෙස මැතිවරණ ප්රචාරක කටයුතු කරමින් ලංගම සේවකයින්ට බලපෑම් කිරීමටත් ලංගම සේවකයින් ලවා බලහත්කාරයෙන් තැපැල් ඡන්ද සඳහා ලියාපදිංචි කිරීමටත් එරෙහිවත් සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමය මගින් අද (18) දින මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව පැමිණිල්ලක් කරන ලදී.
මෙහිදී එම සංගමයේ ප්රධාන ලේකම් සේපාල ලියනගේ සහෝදරයා අදහස් දක්වමින් පැවසූයේ මේ වන විට ආණ්ඩුව විසින් ලංගම ගණිකා මඩමක තත්වයට ඇද වට්ටවා ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්රචාරක වැඩ කරන ආයතනයක් බවට ලංගමය පත් කර ඇති බවත් වහා මෙම තත්වය නැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කිරීමට පියවර ගත යුතු බවත්ය.