මූල්‍ය අර්බුදය ඉතා ඉහළ මට්ටමකට පත්වී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව බංකොලොත් වීමේ අනතුරක් ඇති බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
මේ වනවිට වෙළඳ අනුග්‍රාහකයින්ගෙන් ඔවුන්ගේ නියෝජිතයන් මගින් ලබන අප්‍රේල් මාසය දක්වා අත්තිකාරම් ලබා ගෙන ඇති බව ද අනාවරණය වේ.
රූපවාහිනී සංස්ථාවට වැඩිම දැන්වීම් ආදායම් ලැබෙනුයේ දෙසැම්බර් මස උත්සව සමයේ සහ අප්‍රේල් උත්සව සමයේදී වුවත්, මෙම උත්සව සමයේදී විශාල වශයෙන් ආදායම් බිඳවැටී ඇත.
මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කරගෙන යනු ලබන නීති විරෝධී අසීමිත ප්‍රචාරණය නිසා නව ආදායම් මාර්ග සියල්ල මේ උත්සව සමයේ ඇණ හිට ඇති බවත් පෞද්ගලික රූපවාහිනී නාලිකා වෙත එම ආදායම් ගලා යන බවත් ඉහත ආරංචිමාර්ග වලින් වැඩිදුරටත් අනාවරණය වේ.
වර්ෂ අවසාන බෝනස් ලබා දීම පවා මේ වනවිට සිදු කර නැත. සාමාන්‍යයෙන් දෙසැම්බර් 10 සහ 20 අතරතුර බෝනස් මුදල් ලබා දීම සිදු කරයි. සේවක වැටුප් ගෙවා ගැනීමද බැංකු අයිරාවකින් කරගෙන යන තත්වයට එය බංකොලොත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී රුපවාහිනි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ඉහත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ලබන සඳුදා සියලු සේවකයින්ට බෝනස් ලබාදෙන බවයි.
රුපවාහිනි සංස්ථාවට අලුතින් රුපියල් මිලියන 150කට වැඩි ඉංජිනේරු උපකරණ මිලදී ගැනීමට සිදුවීම නිසා තාවකාලික මුල්‍ය අර්බුදයක් මතුවූ බවද ඔහු සඳහන් කළේය.