| මෛත්‍රීපාල සිරිසේන
පළමුව ඔබ සැමට මෛතී‍්‍රය රජයන සමාජයක් හෙට දිනයේ උදා වේවායි ප්‍රාර්ථනා කරමි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස මා දැරූ වගකිවයුතු ඇමති ධුර හා මා ඉදිරියේ පෙන්වනු ලැබූ අගමැති ධුරය ආදී සියල්ල පසෙක ලා මාගේ සහ මගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත අවදානම ද නොතකා, එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ මගේ උදාර මව්බිමටත්, සමස්ත ජනතාවටත් අත්ව ඇති ඛේදජනක ඉරණමින් ඔවුන් ගලවා ගනු පිණිසය.
එහි දී, මාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් කැප වූ, දේශමාමක, සදාචාරවත් සමාජයක් පතන සියලූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාටත්, ශීලාචාර සමාජයක් වෙනුවෙන් කැප වූ හින්දු, ඉස්ලාම්, කිතුණු පූජකතුමන්ලා සහ ආගමික නායකයින්ටත් මගේ නමස්කාර පූර්වක ගෞරවය පිරිනමමි. එමෙන්ම, සිය පක්ෂ, ලාංඡුන, පාට අමතක කර එකම ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් එක් වූ විපක්ෂ නායකතුමා ඇතුළු සියලූ පක්ෂවල නායක කාරකාදීන්ට හා පක්ෂ සාමාජිකයන්ට මාගේ ගෞරවණීය ප්‍රණාමය පිරිනමමි. තවද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවුල්කාමයෙන් ගලවා ගැනීම සඳහා මා සමඟ එක්වූ සහෘදයින් සියලූ දෙනාට ද මගේ ප්‍රණාමය පිරිනමමි.
සිය ජීවිතය මේ රටේ දුක් විඳින ගොවි, කම්කරු, ධීවර ජනයාගේ සුබසෙත වෙනුවෙන් ද නීති, වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී ආදී වෘත්තීය ප්‍රජාවගේ අභිලාෂයන් වෙනුවෙන් ද කාන්තාවන්, දරුවන්, වැඩිහිටියන් හා විශේෂ අවශ්‍යතා ඇත්තන් වෙනුවෙන් ද මතු පරපුර වෙනුවෙන් ද පරිසරය සුරැුකීම වෙනුවෙන් ද කැප වූ සියලූ සමාජ කි‍්‍රයාකාරීන් හා ස්වේච්ඡුා සංවිධාන මා වෙත පළ කළ සහෝදරත්වයේ දෑත පිළිබඳ මගේ මිත්‍රශීලී සුහදතාව ද දක්වා සිටින්නෙමි.
සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින් කියවන්න;