විග්නේශ්වරන් GO AHEAD

හර්ෂි සි. පෙරේරා
අපි ඔබට ගෞරව කරමු. ඒය රටේ ජනාධිපතිට නොදෙන දෙයකි. මක්නිසාද ඔබ ලේ තැවරුණු නායකයකු සමග හවුලේ ඉන්දියාවට ගොස් එරට අරට අගමැති පදවි ප්‍රාප්ති උත්සවයට සහබාගි නොවීමට තීරණය කිරීම ගැනයි. බොහෝ දේ කණපිට පෙරලුනු රටක ජනතාවට ඔබ ලබාදී ඇත්තේ හොද ආදර්ශයකි. ඉදිරියටම යන්න. ඔබට ලේ වැගිරීමට අකමැති යුද අපරාධ වලට සාදාරන යුක්තියක් අපේක්ෂා කරන සිංහල දෙමල මුස්ලිම් ජනයාගේ සහයෝගය ලැබෙනු ඇත.
“මෝදිගේ උත්සවයට යන්න විග්නේෂ් බැහැ කියයි
අනුර බාලසූරිය සහ දිනසේන රතුගමගේ
ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ නව අගමැති ලෙස දිවුරුම් දීමේ නිල උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගිවීමට තීරණය කර ඇත.
නව අගමැති වශයෙන් තමන් දිවුරුම් දීමේ අවස්‌ථාවට එක්‌වන්නැයි නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ද ආරාධනා කළේය.
නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය නව අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන අවස්‌ථාවට තමන් සමඟ එක්‌වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උතුරු පළාතේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතාට ද ඇරයුම් කර ඇතත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කර ඇත.
ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දිවුරුම් දීමේ උත්සවය ලබන 26 වැනිදා නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්වෙයි.
අගමැති ධුරය භාරගන්නා ලෙස ඉන්දීය ජනාධිපතිවරයා දැනුම් දීමෙන් පසු දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන ලෙස සාර්ක්‌ කලාපීය රටවල රාජ්‍ය නායකයන්ට නරේන්ද්‍ර මෝදි මහතා ඇරැයුම් කළේය.