හර්ෂි සි. පෙරේරා
මම සරත්චන්ද්‍ර හපුගොඩ. වයස අවුරුදු 40 යයි. අවිවාහක. පදිංචිය ගල්පොත්තවත්ත, බද්දේගම නගරය, බද්දේගම ගාල්ල. රැකියාව කුලී වැඩ. බද්දේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. සුළු තුවාල කිරීමකට බද්දේගම උසාවිය අච්චු කරා. ගාල්ල බන්දනාගාරයේ දවස් 04ක් හිටියා. බුස්සේ මාස 08ක් හිටියා. 2013.03. 01 නිදහස් වුනා. ගාල්ලේ නාන්නවත් වතුර නැහැ. අපේ ඇග උඩ තව එකෙක් ඇවිත් නිදා ගන්නවා. බුස්සේ තත්වය තව හොදයි. ගාල්ලේ 190 ක් ඉන්න පුළුවන් වටුවේ 300ක් විතර හිටියා. බුස්සේ කෑම ගාල්ලට වඩා හොදයි. මට නම් තැන් දෙකේදීම පාරක්වත් ගැහුවේ නැහැ. හැබැයි රැදවියන්ට ගල්ලෙත් ගහනවා. බුස්සේදීත් ගහනවා. තැන් දෙකේදීම ලේ හැලෙන්න ගහනවා. බුස්සේ අලුතින් ආපු ලොකු මහත්තයා (වැලිකඩ ඉදන් ආපු) කිවුවා නඩුකාරයා අච්චුවක් දීලා එවලා තියෙන්නේ ඒ නිසා බන්දනාගාර නිලදාරීන් ගහන්න අවශ්‍ය නැහැ කියා. ගල්ලෙත් බුස්සේත් පුස්තකාල පහසුකම් තියෙනවා දැක්කේ නැහැ. පත්තරයක්වත් බලන්න තිබුනේ නැහැ. ජේලර්ලා නම් පත්තර බලනවා දැක්කා. මට කතා කරන කොට ගොතයක් තියෙනවා. ඉස්සර සුළු මානසික අබාදයකිනුත් පෙලුනා.