පොදු අපේක්‍ෂකයා ජාතික අපේක්‍ෂාවකි. කාගේවත් හතුරෙක් නොවේ

මැණික් හෙට්ටිකපුගේට පිළිතුරකි

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි

සැබෑ පොදු අපේක්‍ෂකයා කවුද යනුවෙන් ලිපියක් පසුගිය 18 වෙනි දින ඉරිදා ලංකාදිප පත‍්‍රයේ පළවිය. පුරවැසි මතවාද නම් ශීර්ෂය යටතේ පළවූ එම ලියා තිබුණේ මැණික් හෙට්ටිකපුගේ විසිනි. ඒ ලිපිය ආරම්භ වන්නේ ලේඛකයාට ජ්‍යොතිර්වේදියෙකු කී අනාවැකියකිනි. උපන් වේලාව අනුව මැණික් හෙට්ටිකපුගේ දේශපාලන හතුරන්ගෙන් පරෙස්සම් විය යුතුව ඇත. මැණික් හෙට්ටිකපුගේ බියවි ඇත්තේ සම්මතයක්ව ඇති පොදු අපේක්‍ෂකයාටය.  මැණික් හෙට්ටිකපුගේ යනු ප‍්‍රකට නමක් නොවේ. එහෙත් පොදු අපේක්‍ෂකයා සිය දේශපාලන හතුරා නම් මේ කියන මැණික් හෙට්ටිකපුගේ මර්වින් සිල්වාටත් වඩා බලවතෙකු විය යුතුය. දේශපාලන සත්වයෙකු වන එකී මැණික් හෙට්ටිකපුගේ කුරා කුහුඹුවෙක් නම් විය නොහැකිය. මැණික් හෙට්ටිකපුගේ යනු උප්පැන්නයක් නැති හොර බලපත‍්‍රයකින් කාගේදෝ අගුවක රැුකෙන අලි පැටියෙක් සිටින්නෙකි.

මැණික් හෙට්ටිකපුගේ  අනාවැකියක් හරහා රටේ ගැඹුරු දේශපාලන සංවාදයක් තුට්ටුවට දමා ඇත. මේ කියන ආකාරයට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පාඩුව මැණික් හෙට්ටිකපුගේටත් ගන සැරට දැනෙනවා වාගේය.   එහෙත් මහින්ද චින්තනයේ 84 වන පිටුවේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ යටතේ දැක්වෙන ප‍්‍රකාශය මෙසේය. ‘‘විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප‍්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට්ටමින් පාර්ලිමේන්තුවට වගකියන ලෙසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන්නෙමි.’’ මහින්ද රාජපක්ෂ මේ ප‍්‍රකාශය කොට වසර 10 කට ආසන්න ය. ඒ ගැන මැණික් හෙට්ටිකපුගේ නොදන්නා ගානය. එසේ විය හැකිය. හේතුව මැණික් හෙට්ටිකපුගේ යනු  මහින්ද චින්තනය නො කියවූ පසු කලෙක අල්ලා කූඩු කළ කේ.පී, වැනි කෙනෙකි. හෝ ‘‘මහ රජානෙනි....’’ ගීතය ගායනා කළ සහේලිගේ ජාතියේ    ගැහැනු ළමයෙකි. එහෙම කියන්නේ මැණික් හෙට්ටිකපුගේ යන නමෙන් ස්තී‍්‍ර පුරුෂ භාවය හෝ ප‍්‍රකාශ නොවන නිසාය.

රටට හානිකර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මහින්ද රාජපක්ෂත් දුන් පොරොන්දුවක් හෙයිනි. පොදු අපේක්‍ෂකයා හරහා කරන්නට හදන්නෙත් එයමය. විධායක ජනාධිපති ක‍්‍රමය රටේ පවත්නා නීතියට හානිකරය.  සදාචාරයට හානිකරය.  සාරධර්මවලට හානිකරය. ජන ජිවිතයට හානිකරය. ජනතා සහජීවනයට හානිකරය. සම්මත දේශපාලනය විනයකි. මේ සිය`ථ ජාතික ව්‍යසන  පොදු අපේක්‍ෂකයා දිනවා අවසන් කළ හැකිය. ආණ්ඩුවේ කොටස්කාර පැරණි වමේ පක්‍ෂ නායකයන්ද පොදු අපේක්‍ෂක  ප‍්‍රවනතාව  සුබවාදිව දකිති.  මේ වනවිට පොදු අපේක්‍ෂකයා යනු වර්තමාන අර්බුදයට පවත්නා විසඳුමය යන්න ජාති ආගම් කුල දේශපාලන සීමා ඉක්මවා ගිය ජාතික අපේක්‍ෂාවකි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොදු අපේක්‍ෂක උවමනාවට එරෙහි වන්නෝ අතලෙස්සකි. එයින් ප‍්‍රමුඛයා මහින්ද රාජපක්‍ෂය. ඊට හේතු දෙකකි. පළමුවැන්න  ඔහු වර්තමාන ජනාධීපති සහ අනන්ත වාරයක් තරග කළ හැකි සුදුසුකම අතැතිව සිටින නිසාය. දෙවැන්න විධායක ජනාධීපතිකම අහෝසි කළොත්  ඕනෑම වරදක් කළ හැකි බලය සහිත තනතුර මහින්ද රාජපක්‍ෂට අහිමි වන නිසාය. ඊළ`ගට රනිල් වික‍්‍රමසිංහය. සමහරක් හිතවතුන් රනිල් ජනාධීපති වනු දැක්මට කැමති විය හැකිය. එහෙත් එය යථාර්ථය නොවේ. තෙවන සහ සිව්වන චරිත දෙක සරත් පොන්සේකා සහ සජිත් පේ්‍්‍රමදාසය. ඒ දෙදෙනාම පොදු අපේක්‍ෂකයා නම් මම්ව වේයයි දැනටම කියා හමාරය.

මැණික් හෙට්ටිකපුගේට අනුව මාදු`ථවාවේ සෝබිත හිමියෝ පොදු අපේක්‍ෂක අපේක්‍ෂාව අත්හල බව කියා හිත සනසා ගනියි. ඊළ`ගට චන්ද‍්‍රිකා ගැන කියයි. කබිර් හෂීම් රනිල් ගැන කී බවක් ද ඒ ලිපියේ දැක්වේ. එජාප සභාපති සහ නායකත්ව මණ්ඩල සාමාජිකයෙකු හැටියට කබීර් හසිම් එවැනි ප‍්‍රකාශයක් කිරීම කාටදෝ කාඬේ යාමකි. රටේ ජන මතය අවුල් කරන එන්ජී ඕ කෝනන්ගියෙක් විග්නේෂ්වරම් පටලවා ඇත. සාම තවලම් කාරයෙක් නිර්මාල් දේවසිරි නම් කර ඇත. එසේම මැණික් හෙට්ටිකපුගේ මාදු`ථවාවේ සෝබිත හාමුදුරුවන්ගෙන් පටන් ගන්නා පොදු අපේක්‍ෂක ලැයිස්තුවට අමෙරිකානු තානාපතිනි මිචෙල් ජේ සීසන්ගේ නමද ඇතුල් කරයි. මිචෙල් ජේ සීසන් පොදු අපේක්‍ෂාකාව වීමට ඇති සුදුසුකම ගෝල්පෙස්හි කුණු එකතු කිරිමය. සමහර පාසල්වල පොත් බෙදාදිමය. මෙවැනි දේ සහිත මැණික් හෙට්ටිකපුගේ ලියමන අවසානය තෙක් කියවූ විට ලංකාවේ ජනාධීපතිකමට ඉතිරි වන්නේ මහින්ද රාජපක්‍ෂ පමණකි. පත්තරයක් හරහා ඒ මතය රටට කියන්නට සහ ඒ ලිපිය පළ කරන්නට  පත‍්‍රයක ඇති අයිතියට අපි ගරු කරමු. පොදු අපේක්‍ෂකයෙකුගේ අවශ්‍යතාවය විශ්වාස කරන පුරවැසියෙකු එහි කාලීන වැදගත්කම දකින්නේ මෙසේය.

මැණික් හෙට්ටිකපුගේ රටේ පොදු අපේක්‍ෂක අපේක්‍ෂාවට හිනා වෙයි. ඔහු හිනා වෙනනේ මහින්ද රාජපක්‍ෂ රකින්නටය. අර  එන්ජී ඕ කාර කෝනන්ගියා විග්නේෂ්වරම්ද සාම තවලම්කාරයා නිර්මාල් දේවසිරිද නම් කරන්නේද පොදු අපේක්‍ෂක අපේක්‍ෂාව දිය කර මහින්ද රාජපක්‍ෂ සමග විධායක ජනාධීපති ක‍්‍රමය රකින්නටය. එහෙත් කිසිවෙකු කලබල විය යුතු නැත. විධායක ජනාධීපති ක‍්‍රමය නැති කළාට මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනය නැති වෙන්නේ නැත. කිසිවෙකු බේසමේ වතුර ළමයා සමග විසි කරන්නේ නැත. එහෙත් විධායක ජනාධිපති තනතුර නිසා රට නා ගත් ප‍්‍රමාණය  හොඳටම ඇතිය. විධායක ජනාධීපති ක‍්‍රමය නැති කළාට රට හෝ මහින්ද රාජපක්‍ෂ නැති නොවේ. නැති වන්නේ  රටේ ඉහවහ ගිය ¥ෂණය, සොරකම, අසාධාරණ පාලනය ආදි දේ පමණකි.  රටේ යහ පාලනය ඇති කිරීම මහින්ද රාජපක්‍ෂ රැුකීමට වඩා සදාචාර සම්පන්න කි‍්‍රයාවකි.

මැණික් හෙට්ටිකපුගේ කියන්නේ මහින්ද රාජපක්‍ෂ පක්‍ෂ 18කින් සමන්විත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකකම හා  ජනාධිපති ධුරය ආදි සුදුසුකම් දරති. ඒ අනුව සන්ධානයේ නායකයාට වඩා වෙනත් කිසිවෙකු පොදු අපේක්‍ෂකයා වීමට සුදුසු නැත. එහෙත් ආණ්ඩුවේ හවුල්කාර සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ පවා විධායක ජනාධීපති ක‍්‍රමය නැති කරන පොදු අපේක්‍ෂක අපේක්‍ෂාව අගය කරති. ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ නාඩගම මේ ර`ගපාන්නේ මහින්ද රාජපක්‍ෂ වෙනුවෙනි. ඔහුට අනුව ගෙවුන සිව් වසර තුල රටේ ආර්ථිකය විනාස වි ඇත. සිය`ථ ජයග‍්‍රහණ පී. බී. ජයසුන්දර සොරාගෙන ඇත. කිසිදු කර්මාන්තයක් ආරම්භ කර නැත. හැදෙන්නේ පාරවල් පමණකි. ඒ ගැහිල්ලටය. වීරවංශ න්‍යයා අනුව වගකිව යුත්තා මහින්ද නොවේ. පී. බී. ජයසුන්දරය. විධායක ජනාධීපති ක‍්‍රමය නිසා පී. බී. ජයසුන්දර  පාලනය කරන්නට කැබිනට් එකටවත් බැරිය. පාර්ලිමේන්තුවටත් බැරිය. සියල්ල ඇත්තේ විධායක ජනාධීපති හස්තයට ගුලිවෙලාය. ඒ අනුව දැන් විධායක ජනාධීපති පී. බී. ජයසුන්දර මිස මහින්ද රාජපක්‍ෂ නොවේ. පී. බී. ජයසුන්දර කියන්නේ කන්තෝරුවක පියන් කමට හෝ නුසුදුසු ¥ෂීතතයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධීකරණය වරක් තීන්දු කළ ක`ථ චරිතයකි. ඔහුගේ ජම්පරය ගලවා නාවා සෝදා ගෙනා කිසිවෙකු හෝ මේ රටේ තනතුරක් දැරිමටද සුදුසු නැත. එය මහා ව්‍යසනයකි.  ඒ මහා අපරාධය විධායක ජනාධීපති ක‍්‍රමයේ දෝෂයකි. සකල විපක්‍ෂය සිවිල් ආගමික සංවිධාන මේ රොද බැඳ සූදානම් වන්නේ ඒ විපරිත සාපරාධී අති බිහිසුණු සාපලත් පාලන ක‍්‍රමය අහෝසි කිරිමටය.

පප‍්‍රභාකරන් මරා යුද්ධය දිනු  මහින්ද රාජපක්‍ෂ පී. බී. ජයසුන්දරට පරාද වී ඇත. ඒ නිසා මහින්ද  ශක්තිමක් පාලකයෙක් නොවේ. ( ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකි බව ලක්‍ෂමන්  කිරිඇල්ල කිවේ මෙය දැනගෙනද?* මේ විග‍්‍රහය රනිල් වික‍්‍රමසිංහගේ හෝ කරු ජයසුරියගේ  නොවේ ප‍්‍රබල කැබිනට් අමාත්‍ය  විමල් වීරවංශගේය. ආණ්ඩුවේ හවුල්කාර විමල් වීරවංශටද  ඒ තත්වය දරාගත නොහැකිව ඇත. පී. බී. ජයසුන්දර කි‍්‍රයා කරන්නේ මුදල් අනුමත කරන්නේ ඔහු වෙනුවෙන් පෙනි සිටින එස්.බි. දිසානායක වැනි ඇමතිවරුන්ට පමණි. ඒ කියන්නේ අද රටේ විධායක ජනාධීපති මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ අද නිකම්ම් නිකම් රූකඩයකි. ආණ්ඩුව කරන්නේ  බැසිල් හෝ ගොඨාභය නොවේ. පී. බී. ජයසුන්දරය. අප මැණික් හෙට්ටිගේට මෙසේ කියමු. යුද්ධය දිනු රාජපක්‍ෂ අද නැත. ඔහු දිනාදුන් රට යළි දේශීය සහ විදේශීය බලවේග හමුවේ සිරවි ඇත. යුද්ධය දිනුවාට දෙමල ජාතිකයන් දිනාගෙන නැත.

කැබිතිගොල්ලෑවේ අමානුෂික බස් බෝම්බය ගැන මැණික් හෙට්ටිගේ සිහිපත් කරයි. එදා සිය දරුවාගේ මළ සිරුර අතින් ගත් වසන්ත නම් තරුණ පියා මහින්ද චින්තනය කියන්නේ මේකද සර් කියා රටට ඇසෙන්නට විලාප දෙනු රටම බලා සිටියේය. එමොහොතේ රාජ්‍ය නායකයාගේ හදවත කඩා වැටුණු තමා දුටු බව මැණික් හෙට්ටිගේ කියයි. එදා එනම් 2006-06-15 දින වසන්ත නම් තරුණ පියා මහින්ද රාජපක්‍ෂගෙන් ඇසු ප‍්‍රශ්නය එනම් මහින්ද චින්තනය කියන්නේ මේකද සර් කියා අද විමසන්නේ කවුද? විමල් විරවංශය. පාඨලි චම්පික රණවකය. අතුරලියේ රතන හිමිය. මත්තල හම්බන්තොටදී පහර කෑ එජාප මන්තී‍්‍රන් අද විමසන්නේත් කැබිතිගොල්ලෑවේ වසන්තගේ ප‍්‍රශ්නයයි. මහින්ද චින්තනය කියන්නේ මේකද සර් කියාය. 

2010 ජනාධිපති මැතිවරණයේදී යුද්ධය දිනා ගත් මහින්දට හම්බන්තොටින් ඡුන්ද 226887ක් ලැබිණ. 2014 මහින්දට හම්බන්තොටින් ලැබී ඇත්තේ 174687කි. ගෙවුන සිව් වසර තුල මහින්දගෙන් ඈත්වූ  ගිරුවා පත්තුවේ 52200 දෙනා අසන්නේත් මහින්ද චින්තනය කියන්නේ මේකද සර් කියා නොවේද? මැණික් හෙට්ටිගේ සිහිපත් කළ කැබිතිගොල්ලෑවේ වසන්තගේ අර අනුවේදී ප‍්‍රශ්නය මහින්ද චින්තනයට ලියැවුණ පරිශිෂ්ඨය නොවේද?

මැණික් හෙට්ටිගේ කියන්නේ  රනිල් වික‍්‍රමසිංහ උතුරු නැගෙනහිර කොටින්ට ලියා දෙන්ට ගියා කියාය. නැත. එය සත්‍ය නම් ප‍්‍රභාකරන්  කිසි  විටෙකත් මහින්දගේ වාසියට උතුරේ ඡුන්ද වලක්වන්න කි‍්‍රයා කරයිද? ප‍්‍රභාකරන් මහින්ද වෙනුුවෙන් 2005-11-17 දින යාපනේ ජනතාව ඡුන්ද පොළට යාමෙන් වැලැක්වීය. එය ටිරාන් අලස් සහ ශී‍්‍රපති සූරියාරච්චි දෙදෙනාම පිළිගෙන ඇත. ප‍්‍රභාකරන් නොතැකූ එක් ද්‍රවිඪයෙක් කිලිනොච්චියේ ඡුන්ද පොලකට ගොස්  අලිියාට කතිරය ගැසීය. එය ඒ මධ්‍යස්ථානට වැටුණ එකම ඡුන්දයයි. පසුවදා ඒ ඡුන්දදායකයාගේ දකුණත කපා දැමූ බව වාර්තා විය. ඒ අනුව 2005 ජනාධිපති මැතිවරණය ජන සම්මතයට නිගාවකි. අශිලාචාර සංසිද්ධියකි. පිළිකුල් ගනුදෙනුවකි. තුච්ඡු ප‍්‍රතිපලයකි. 2005දී ප‍්‍රභාකරන් අවහිර කළ යාපනේ ඡුන්්ද ප‍්‍රමාණය 693414කි. 2005දී  මහින්ද ගත් වැඩි ඡුන්ද ප‍්‍රමාණය 180786කි. මහින්ද ගත් වැඩි ඡුන්ද ප‍්‍රමානය මෙන් තුන් ගුණයක් ඡුන්ද  ප‍්‍රභාකරන් විසින් වළකන ලදි. මේ අනුව රනිල් උතුරු නැගෙනහිර කොටින්ට ලියා දෙන්ට ගියා යයි යමෙකු විශ්වාස කරයිද? සිද්ධ වුණේ ප‍්‍රභාකරන් ඉල්ලා සිටි අන්තර්පාලනය රනිල් ප‍්‍රතික්‍ෂෙප කිරීමය. ඒ ආරංචිය මහින්ද කළමනාකරණය කිරිමය.

රනිල්ට බෑ කීවේ 2001දී ගත් ඡුන්ද 4086026ක ප‍්‍රමාණය 2004දී 3781826 තෙක්  අඩුවුන නිසාය. දෙවසරක් රට පාලනය කළ රනිල්ට 2004දී ලැබුවේ ඡුන්ද 3504200කි. එහෙත්  රනිල් වික‍්‍රමසිංහ 2005දී ප‍්‍රභාකරන් මහින්දට කඬේ යද්දීත් උතුරේ ඡුන්ද නැතිව 2001ට වඩා වැඩි ඡුන්ද 1202166ක් ලැබීය. මේ කියන්නේ 2005 වන විටක් නායකයෙක් ලෙස රටේ බහුතරය විශ්වාස කළ නායකයා රනිල් මිස මහින්ද නොවන බවය. මහින්ද චරිතයක් වුනේ රනිල් පරාද කළ නිසා නොවේ. මහින්ද 2005දී පළමුව නැගිට්ටේ ප‍්‍රභාකරන්ගේ උදව්වෙනි. දෙවනුව 2010දී දිනුවේ ප‍්‍රභාකරන් මරාදැමූ නිසාය. හෙවත් යුධ ජයග‍්‍රහණය නිසාය. යුධ ජයග‍්‍රහණය කිරීමේ සකල ගෞරවය මු`ථ ජාතියම මහින්ද රාජපක්‍ෂට පුද කරනවාය. එහි කතා දෙකක් නැත. එහෙත් රටේ විධායක ජනාධිපති තනතුර විමල් වීරවංශට අනුව අද පාවිච්චි කරන්නේ මහින්ද රාජපක්‍ෂ නොවේ. පී.බී.ජයසුන්දර විසිනි. විමල් වීරවංශ හදිසියේ අවදිව මේ කෑ ගසා විමසන්නේත් කැබිතිගොල්ලෑවේ වසන්ත ඇසූ ප‍්‍රශ්නයමයි. මහින්ද චින්තනය කියන්නේ මේකද සර් කියාය. 

හම්බන්තොටදී පිස්තෝලය ගෙන දිව ආ පුරවැසියා එව්වේ  මහින්ද රාජපක්‍ෂ නොවේ. විමල් විරවංශට අනුව නම් පී.බී.ජයසුන්දර විය යුතුය. රටේ ආර්ථික බලවතා පී.බී.ජයසුන්දර බව කීම විධායක ජනාධීපති ක‍්‍රමයේ බරපතල දෝෂයකි. ජයසුන්දර කරන කිසිවක් කැබිනට් එකට ප‍්‍රශ්න කරන්න බැරිය.  පාර්ලිමේන්තුවට ප‍්‍රශ්න කරන්න බැරිය. එජාප මන්තී‍්‍රන් මත්තල හම්බන්තොට ගියේ පාර්ලිමේන්තුවේ උත්තර නොදෙන නිසාය. ඒ  ව්‍යාපෘති පරීක්‍ෂා කරන්නට නොදී  එජාප මන්තී‍්‍රන්ට පහර දී එළවා ගත්තේ ඒ නිසාය. එහි සකල වගකීම විමල්ට අනුව මහින්ද රාජපක්‍ෂ නොව පී.බී.ජයසුන්දර දැරිය යුතුවේ. ජයසුන්දරලා මේ රට තවත් රට විනාස කිරීමට පෙර විධායක ජනාධීපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇත. එහෙත් මැණික් හෙට්ටිගේට තවමත් මහින්ද රාජපක්‍ෂ අසහාය නායකයාය. ඔහුට හෝ ඇයට එහෙම හිත්තන අයිතිය ඇත. කට වහගනින් යයි මහින්ද විමල් වීරවංශට කියන තෙක් පී.බී.ජයසුන්දරව කම්බස් කළ හැකිය. එහෙත් එරෙහි මත තම පත්තරයේ පළ කළ ලසන්ත අද ජිවතුුන් අතර, නැත. ඊයේ පෙරේදාත් සජිත් පේ‍්‍රමදාසලා දුලාංජලීගේ හොර සල්ලි ගැන කී තවත් මාධ්‍ය වේදියෙකු ගෙදර යැවීය. මේවා වෙන්නේ විධායක ජනාධීපති ක‍්‍රමය නිසාය. රට සිරකළ  ඒ උගුල ගලවා විසි කිරීමේ උප මාරුව පොදු අපේක්‍ෂක අපේක්‍ෂාව පමණකි. අර පිස්තෝල කාරයා හෙට හම්බන්තොට පොලට පැන්නොත්... කඩල විකුණන මොනර පිල් විකුණන බඩ ඉ`ගුරු විකුණන දුප්පත් වෙළෙන්දන් මර බියෙන් දිවයනු ඇත. ඒ මන්තී‍්‍රන්ද බිය වැද්¥ ඔහු තවම නිදැල්ලේ නිසාය. ඒ ජනතාව කෑ ගසා විමසන්නේත් කැබිතිගොල්ලෑවේ වසන්ත ඇසූ ප‍්‍රශ්නයයි. මහින්ද චින්තනය කියන්නේ මේකද සර් කියාය.   අමාත්‍ය මර්වින් සිල්වාගේ පුතාට පහර දුන් සුපිරි දාමරිකයන් අදටත් නිදැල්ලේය. ඒ කියන්නේ විධායක ජනාධීපති ක‍්‍රමය නිසා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු පවා අනාරක්‍ෂිත බවය. 2001 දෙසැම්බර් නත්තල් දවසේ බි‍්‍රතාන්‍ය ජාතික සංචාරකයෙකු තංගල්ලේදී ඝාතනය කර  රුසියානු පෙම්වතිය සමූහ ¥ෂණයට ලක් විය.  මේ සිද්ධියේ ප‍්‍රමුඛ චුදිතයා තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ ය. අකුරැුස්ස ප‍්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල්ට 13 හැවිරිදි පාසල් දැරියක ¥ෂණය කිරීම ගැන නඩු පැවරි ඇත. සාරුව සුනිල්ගේ  සුවිශේෂ සාදයක් ගැන රටම දනී, ඒ සාදයට රජයේ කැබිනට් ඇමතිවරුත් පැමිණි බව කියති.  ඒ සාරුව සුනිල් ප‍්‍රභූ වරයෙකු නිසාය. සාරුව සුනිල්ගේ  සාදයේ අරමුණ අඩු වයස් දැරියන් 200ක් අපහරණයට ලක් කිරීමේ සතුට බෙදා ගැනීම ය. අපරාධ කර සතුටු සාද පවත්වන රටක ජන ජීවිතය සුරක්‍ෂිතද? මෙහිදී රටේ ජීවත්වන 13 හැවිරිදි දැරියන් කැබිතිගොල්ලෑවේ වසන්ත ඇසූ ප‍්‍රශ්නයම යළි මෙසේ අසති. මහින්ද චින්තනය කියන්නේ මේකද සර්?.  

කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි නඩු අංක බී19/2010 වාර්තාවෙන් කියන්නේ මන්ද මානසික තරුණියක ¥ෂණය කිරිමකි. නඩුවට ගොනු කළ  අංක 221/2010 දරණ අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් එකී ස්ත‍්‍රී ¥ෂණය මෙන්ම ඊට ගොදුරුවූ තැනැත්තිය මන්ද මානසික තරුණියක් ලෙසද තහවුරු කර තිබිණ. එකී අතවරයට පසුව ඇය බිහිකළ දරුවාගේ පියා නඩුවේ එක් චුදිතයෙකු බව ඞීඑන්ඒ වාර්තාවෙන් හෙළිවේ. ඒ නඩුවේ සැකකරුවන් කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නඩු නො අසා සියළු චෝදනා වලින් නිදහස් කර හමාරය. ඒ නීනිපති උපදෙස් අනුව ය. මෙය සත්‍ය නම් මු`ථ රටේම මිනිසුන් ඇසිය යුත්තේ එකම ප‍්‍රශ්නයකි. කැබිතිගොල්ලෑවේ වසන්ත මෙයින් අට වසර කට පෙර ඇසූ ප‍්‍රශ්නයමය. එනම් මහින්ද චින්තනය කියන්නේ මේකද සර් කියාය. 

මැණික් හෙට්ටිගේ මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් සිය ලිපියේ විවිධ නායකයන් යටතේ රට අයාලේ ගිය බව කියයි. රටක් පාලනය කිරීමේදි විවිධ දුර්වලතා ඇතිවන බව කියයි. සියල්ල සැබෑය. ඒ හිලව්වට පිස්තෝල ගෙන පාරේ යාම, නඩු නොවිමසා ¥ෂිතයන් නිදොස් කොට නිදහස් කළ හැකිද? එහෙම කිරීමත් රට අයාලේ යාමක් නොවේද? අධිවේගි මාර්ග හැදුවාට රට අයාලේ යාම නවතීද? පොදු අපේක්‍ෂකයෙකු අවශ්‍යව ඇත්තේ අයාලේ යන, රටේ නිතියට පිටින් යන  ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහාය.

සැබෑවටම රටේ නිතියක් ඇත. අභය භූමියකට පැන කැලේ කපා ගෙවල් හදන ඇමතිවරයාට ඒ නීතිය වලංගු නැත. සමහර ඇමතිවරු හම්බන්තොට පිස්තෝලයා වාගේය. ප‍්‍රසිද්ධියේ නීති කඩති. විල්පත්තුවේ කැලේ කපා ගෙවල් හදන්නට ඉඩ දෙන ආණ්ඩුව, බොදුබල සේනාව කැලේට යවා කැරළි ගස්වති.  යටි අදහස කුමක්ද? ජාතින් දෙකක හොඳහිත වෙන වෙනම දිනා ගැනීමය. බොදුබල සේනා විරෝධයකදී පෙරළා පහරදීමක් සිදුවිනි නම් ගුටි කන්නේ භික්‍ෂූන්ය. එසේ වුනොත් රටේ  අන්තවාදීන් ඓතිහාසික සිංහල මුස්ලිම් අරගලයේ සියවස (1915-2015* යළි සිහි කරනු නිසැකය.  මීට පිළියම රටේ නිතියට පිටින් යන  ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමය. රටේ සාධාරණ පුරවැසියා මෙහිදී අසන්නේ කැබිතිගොල්ලෑවේ වසන්තගේ ප‍්‍රශ්නයයි. මහින්ද චින්තනය කියන්නේ මේකද සර් කියාය. 

මහින්ද රාජපක්‍ෂ ජනාධීපතිතුමා යුද්ධය දිනාගත් බව සැබෑය. පාරවල් තැනූ බව, වරාය තැනූ  බව, ගුවන් තොටු ගුවන් පාලම් තැනූ බව සැබෑය. එහෙත් රටේ නීතිය සාධාරණත්වය රට තුල ස්ථාපිත කළේ නැත. ජන ජීවිතය අනාරක්‍ෂිතය. සාමාන්‍ය ජන ජීවිතය මතු නොව සාමය රකින පොලිස් නිලධාරින් පවා අනාරක්‍ෂිතය. භික්‍ෂුන් වහන්සේ අනාරක්‍ෂිතය. දරුවන් දැරියන්, ගැහැනුන් මිනිසුන් අනාරක්‍ෂිතය.  මෙරටට පැමිණෙන විදේශික සංචාරකයන් අනාරක්‍ෂිතය. දේශපාලනඥයන් අපරාධ කර සතුටු සාද පවත්වන රටක ජන ජීවිතය සුරක්‍ෂිතවේද? නැත. පොදු අපේක්‍ෂකයෙකු අවශ්‍යව ඇත්තේ දුර්දාන්ත ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහාය. කටුනායකදී සේවක අර්ථසාධක ගැට`ථවක් නිසාත්,  හලාවත ධීවරයන් ඉන්ධන සහනාධාර ඉල්ලාත්  රතුපස්වල මිනිස්සු පානීය ජලය ඉල්ලාත් වීදි බැස්සාහ. මේ තුන් තැනම එනම් කටුනායක, හලාවත, රතුපස්වල ඉතිහාස ගත වන්නේ රාජපක්‍ෂ පාලනය වීදි බැසි ජනතාවට වෙඩි තැබූ නිසාය. අදටත් නඩු නැත. ඒ මැරුම් කෑ අයගේ ඤාතීන් අසන්නේ කැබිතිගොල්ලෑවේ වසන්තගේ ප‍්‍රශ්නයමයි. මහින්ද චින්තනය කියන්නේ මේකද සර් කියාය.

මැණික් හෙට්ටිගේ මහතානෙනි, හෝ මැතිනියනි. ඔබ කියන්නේ කාසි උඩ දමා තෝරන තරමට පොදු අපේක්‍ෂකයන්  ඉදිරිපත්ව ඇති බවය. සැබෑය. අකුරැුස්සේ එකෙකු අතින්  අඩු වයස් දැරියන් 200ක් අපයෝජනයවී ඇත. කුලියාපිටියේ ¥ෂණයවී දරුවෙක් ලද මන්ද බුද්ධික තරුණියගේ නඩුව ඇසෙන්නේ නැත. හැකිනම් මේ සැම දෙනාම බද්ධ වෛරයෙන් පොදු අපේක්‍ෂකත්වය ඉල්ලා සිටිනු ඇත. ඒ සඳහා ඇෆ්ගන්හී මෙන් මලාලි ජොයාලා බිහිවිය යුතු නැත. දැනටම කෝටියක් දෙනා පෙළගැසි හමාරය. රටේ ප‍්‍රශ්න බොහෝය. රටෙන් බාගයක් ප‍්‍රශ්නය තේරුම් ගෙන ඇත. ඔබ අසන්නේ සැබෑ පොදු අපේක්‍ෂකයා කවුද කියාය.? ඔහු සෝබිත හාමුදුරුවන් විය හැකිය. චන්ද්‍රීකා විය හැකිය. කරු ජයසුරිය විය හැකිය. ඒ කාටත් පැවරෙන්නේ කෙටි කලක් තුල විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කිරීමේ මෙහෙවර පමණකි. ඒ හරහා  යහ පාලනයක් රටේ ස්ථාපිත කිරිමය. ඒ වැඬේ කවුරු කලත් මහින්ද රාජපක්‍ෂට නම් කළ නො හැකිය. ඒ මහින්ද චින්තනයේ විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කරන බව ලියා තිබුණත් එසේ නොකළ නිසාය. පොදු අපේක්‍ෂකයා අවශ්‍යයයි කියනා හැම දෙනාම අසන්නේ කැබිතිගොල්ලෑවේ වසන්තගේ ප‍්‍රශ්නයයි.  මහින්ද චින්තනය කියන්නේ මේකද සර් කියාය.