කැළුම් ශිවන්ත රොඩ්රිගෝ
(ජා.හැ.අංක 770380286 V) වන මා ප්‍රධාන කර්තෘවරයා
ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මිරර් ඩොට් කොම් (www.srilankamirror.com) වෙබ් අඩවියට පිවිසීමට
මෙරට අන්තර් ජාල සේවාවන් සපයන සියළු ආයතන විසින් 12 මැයි 2014 සිට අවහිර කර තිබේ.
අදාල අවහිරතාවය සිදුකර
ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ නිර්දේශයන්ට අනුව බව අන්තර් ජාල සේවා
සපයන සාමාගම් විසින් මා හට පසුගිය දින කිහිපයේදී වාචිකව දැනුම් දුන්නේය.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ
ලියාපදිංචි වෙබ් අඩවියක් වන අප වෙබ් අඩවිය විසින් අදාල වාර්ෂික මුදල් පවා ගෙවා තිබියදී
මෙලෙස අවහිර කිරීමෙන් මාද මගේ කාර්ය මණ්ඩලයද දැඩි අපහසුතාවයට පත්වීඇත.
මේ බාධා කිරීම්
සම්බන්ධයෙන් මා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ
පැල්පිට 12 මැයි 2014 ලිපියක් යවමින්
විමසීමක් කළද ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැත.
අදාල ලිපියේ පිටපත් මා
විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන
මහත්වරුන් වෙතද යොමුකර තිබේ.
මෙවැනි තත්ත්වයක් මතුවූ
පළමු අවස්ථාව මෙය නොවේ.
2011 නොවැම්බර් 05 වැනිදා අන්තර්ජාල
පහසුකම් සපයන්නන් අප වෙබ් අඩවියට පිවිසීමේ පාලනයක් කි‍්‍රයාත්මක කළේ විදුලිසංදේශ
නියාමන කොමිසමේ නියමය පරිදියි.
නමුත්, එම නියමය අප නීත්‍යානුකූලව
අධිකරණයේදී අභියෝගයට ලක් කළ අතර, එම පිවිසීමේ පාලනය ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
2012දී ජනමාධ්‍ය හා
සන්නිවේදන අමාත්‍යංශය නිකුත් කළ නියමයන්ට අනුකූලව 'ශී‍්‍ර ලංකා මිරර්' පුවත් වෙබ් අඩවියක් වශයෙන් ලියාපදිංචිය ලබා ගත්තේය.
ඉන්පසුව 2012 ජුනි 29 වැනිදා ශ‍්‍රී ලංකා
මිරර් වෙබ් අඩවියේ කර්තෘ කැළුම් ශිවන්ත වන මා ඇතුළු ඡායාරූප ශිල්පී අජිත් සෙනෙවිරත්න, මාධ්‍යවේදීන් - ශිරන්තනී
මානවඩු, හිමාෂි කරුණාරත්න හා
තරිඳු රාජපක්ෂ යන පස්දෙනා හා එහි සේවයේ නියුතු කාර්යාල කාර්ය සහයිකා ඩබ්.ඞී. පේ‍්‍රමවතී නො: 71, තොටුපල පාර, ඇතුල්කෝට්ටේ, කෝට්ටේ යන ලිපිනයේ
පිහිටි අප කාර්යාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගැණුනි.
එසේම එම ගොඩනැගිල්ලේම
ඉහල මාලයේ පිහිටා තිබූ ශී‍්‍ර ලංකා එක්ස්
නිවුස් හි මාධ්‍ය වේදීන් වූ සුභාෂ් ජයවර්ධන හා සිද්ධික් කාරියප්පර් යන දෙදෙනාද ඒ
අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූහ.
තවද, අප කාර්යාලයේ තිබූ
පරිගණක 09ක් හා ලිපිගොනු
කිහිපයක්ද ඔවුන් රැගෙන ගියේය.
කාර්යාල කාර්ය සහයිකාව
එම දිනයේදීම මුදා හැරි අතර මාධ්‍යවේදීන් 07 දෙනා පසු දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව
පොලිස් ඇප මත මුදා හැරියේය.
මේ පිරිස අත්අඩංගුවට ගනු
ලැබුවේ දණ්ඩනීති සංග‍්‍රහයේ 115, 118 හා 120 යන වගන්තිවලට අදාළව වරදක්
කළේ යැයි පවසමිනි.
කෙසේවුවද දණ්ඩ නීති සංග‍්‍රහයේ
118 වැනි වගන්තිය 2002 අංක 12 දරණ සංශෝධන පනතේ දෙවැනි
වගන්තිය මගින් ඒවන විට අහෝසි කර තිබිනි.
මේ නඩුව අතරවාරයේදී එලෙස
අත්අඩංගුවට ගැනුන ශී‍්‍ර ලංකා මිරර් හා ශී‍්‍ර ලංකා එක්ස් නිවුස් මාධ්‍යවේදීන්ට
නැවත නොතීසියක් ලද විට අධිකරණයට පැමිණෙන ලෙසත් එතෙක් ඔවුන් මුදාහැරීමට කොළඹ අතිරේක
මහේස්ත‍්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා 2013 සැප්තැම්බර් 18 වැනිදා නියෝග කළේය.
එසේම අප කාර්යාලයේ තිබී
අත්අඩංගුවට ගන්නා ලද පරිගණක නමයේ දෘඩ තැටි කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක අංශයට
බාරදී අනෙක් කොටස් අපවෙත ලබා දෙන ලෙසට ද නියෝග කෙරුණි.
කෙසේවවුද අදාල පරිගණක
කොටස් මෙතෙක් අපවෙත ලබා නොදුන් අතර, ඒවා ලබාදීම කුමන හෝ කාරනාවක් කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්
දිනෙන් දින පැහැර හරින ලදී.
අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව විසින් අප මාධ්‍යවේදීන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන
සිදුකරන ලද කලබලය හේතුවෙන් එතෙක් අප වෙත දැන්වීම් ලබාදුන් ආයතන අදාල දැන්වීම්
ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබිනි.
එවකට අප ආයතනය
පවත්වාගෙනයාමට රුපියල් 500,000/- ක පමණ ආදායමක් දැන්වීම් වලින් තිබිනි.
එය සම්පූර්ණයෙන්ම ඇණ
හිටි අතර සිද්ධියෙන් බියට පත් අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු ද අප
ආයතනයෙන් ඉවත්ව ගියේය.
අප සිටි ස්ථානයට
හදිස්සියේ කඩා වැදුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අපරාධකාරින් ලෙස අපව
අත්අඩංගුවට ගැනීම හේතුවෙන් අපගේ ආයතනයට මෙන්ම කාර්ය මණ්ඩලයේ ගෞරවයටද විශාල හානියක්
සිදුවිය.
මේ සිද්ධියට අදාලව මා ඇතුළු සෙසු මාධ්‍යවේදීන්
විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13-1, 14-1(A) හා 14-1 (G) යන වගන්තිවලින් කියවෙන කථා කිරීම, අදහස් පල කිරීම හා ප‍්‍රකාශනයේ නිදහස, තනිව හෝ කිහිපදෙනෙකු සමඟ
තමුන් කැමැති වෘත්තියක් කිරීමේ අයිතිය හා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම නිසා තම
මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් මේවන
විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙමින් පවතී.
පසුගිය 12 වැනිදා අප වෙබ් අඩවියට
පිවිසීමට යළිත් බාධාවන් පැමිණවීමත් සමඟ දැන්වීම් ලබාදුන් ආයතන ඒවා ඉවත්කරන ලෙස
වාචිකව ඉල්ලිම් කර තිබේ.
එසේම මේ වන විට අප
කාර්යාලය පවත්වාගෙන යන ස්ථානයේ හිමිකරුවන් විසින් ඉන් ඉවත්වන ලෙසද දන්වා තිබේ.
අදාල තත්ත්වයන් හේතුවෙන්
මා මෙන්ම මගේ කාර්ය මණ්ඩලයද දැඩි අපහසු තාවයකට පත්ව සිටී.
මිරර් වෙබ් අඩවිය ගැන
ශ්‍රී ලංකා මිරර් වෙබ්
අඩවිය ආරම්භ කරනු ලැබුවේ 2010 වසරේ ඔක්තෝබර් 29 වැනිදාය.
අප වෙබ් අඩවිය 2011 වසරේ ජුනි මාසය වන විට 25,000ක් 30,000ත් අතර පිරිසක් දිනපතා
පුවත් පරිශීලනය කරනු ලබන ලංකාවේ පුවත් වෙබ් අඩවි අතර සිව්වැනි ස්ථානයේ පසුවිය.
අපරාධ පරීක්ෂණ
දෙපාර්තමෙන්තුව අපගේ මාධ්‍ය වේදීන් අත්අඩංගුවට ගැනීමෙන් තුන් මසකට පසුව එල්.කේ.
වසමින් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ හොඳම පුවත් වෙබ් අඩවියට හිමි රන් සම්මානයත්,
සමස්ථ වෙබ් අඩවි වල හා
හොඳම සිංහල වෙබ් අඩවියට හිමි ලෝකඩ සම්මානය යන සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමති
විය.
එසේම අප වෙබ් අඩවිය
නිර්මාණය කළ ආයතනයට ද රිදී සම්මානයක් හිමි විය.
එවකට අපගේ සහෝදර වෙබ්
අඩවිය වූ මිරර් ආර්ට්ස් වෙබ් අඩවියට රිදී සම්මානයක් එහිදී හිමි විය.
මේ බාධා කිරීම් හේතුවෙන්
මා හා මගේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයන්ගේ
සර්වසාධාරණත්වයේ නීතියත්, ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ
අයිතියත්, රැකියා අහිමිවීමේ අවධානම
හේතුවෙන් තමන්ට සුදුසු රැකියාවක් කිරීමේ අයිතිය මෙන්ම ජනතාවට තොරතුරු දැනගැනීමට
ඇති අයිතියද උල්ලංඝනය වී ඇති බවද කිව යුතුය.
මේ තත්ත්වය පිළිබඳව
විභාගයක් පවත්වා අපට සාධාරණය ඉටුකර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මීට විශ්වාසී
කැළුම් ශිවන්ත
කර්තෘ,
ශ්‍රී ලංකා මිරර්