සැබෑ බන්දනාගාර : මට හොදට සැලකුවා.

හර්ෂි සි. පෙරේරා
මම චන්දිල ගුරුසිංහ. පදිංචිය කිරිපෙද්ද දැන්ඇත්ත කරන්දෙණිය ගාල්ල. වයස අවුරුදු 35යි විවාහක දරුවන් 02යි. කරන්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉතා බරපතල ලෙස වදහිංසා පමුණුවා. කුලය ගැන කියමින් නින්දා අපහාස කරා. ගාල්ල බන්දනාගාරයේ සැකකරුවකු ලෙස දවස් දෙකක් සිටියා ඒ කුරුදු හොරකමක් පළිබද වියාජ චෝදනාවකට. එතනින් දවස් 04කට කරාපිටිය රෝහලට මාරු කරනු ලැබුවා. අඩි 10යයි 10 ය කාමරයක රැදවියන් 07 ක් පමණ සිටියා. මම ගෙදරින් ගෙනාපු කෑම කෑවා. දම්මික කියන යාලුවා මගේ වැඩ කරා. මට බන්දනාගාර නිලදාරීන් හොදට සැලකුවා. ජේලර්ලා දෙදෙනක් විතර හිටියා. ටොයිලට් 06ක් විතර තිබුනා. ඒවාට දොරවල් නැහැ. අනෙක් කෙනාගේ උරහිස පෙනෙන තරමට උසට බිත්ති බැද තිබුනා. මට වතුර සිමා කරේ නැහැ. අනෙක් අයට වතුර සිමා කරා. අනිත් අයට ගහනවා දැක්කා. ඇතුලේ වැරදි කලොත් බිම දමලා පාගලා ගහනවා. ඒවා කරන්නේ ජේලර්ලා. මට හොදට සැලකුවා ඒ මගේ තත්වය නිසා. මට ඇදගෙන ගිය සරමවත් තනියම ඇද ගන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. පුස්තකාල පහසුකම් ගැන දැන ගන්න තිබුනේ නැහැ. අනෙක් අය පොත් කියවනවා දැක්කෙත් නැහැ. පත්තර නම් තිබුනා ස්ටෑන්ඩ් එකක් ගහලා.