හර්ෂි සි. පෙරේරා
මේ මොහොතේත් ලංකාවේ කුමන හෝ පොලිස් ස්ථානයක පුරවැසියෙකුට වදහිංසා පමුණුවනු ඇත. පොලිසිය යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයයි. ආණ්ඩුව සංවර්දනය ගැන බොහොම කෘතවෙදිය. නමුත් මිනුසුන්ගේ සංවර්දනය ගැන මිනිසුන්ගේ යුක්තිය ගැන එයට තැකීමක් නැත. ඒ ඔවුන්ට ඒ දේවල් තුලින් ප්‍රතිලාබයක් නොලැබෙන බැවිනි. 22 හැවිරිදි සුරංගට ඉතා අමානුෂික ලෙස පහරදී ඇත. ඔහුගේ චයාරුපය සහ ඔහු පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට කල ලිකිත පැමිණිල්ල පහතින් පල කර සිටිමු. මේ වෙනුවෙන් හඩක් නගන්න. නැතිනම් ඊලග ගොදුර මම හෝ ඔබ විය හැකිය.
01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසිපාර,
කොළඹ 08.
02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණූවා, ව්‍යාජ නඩු පවරා,
බන්ධණාගාරගත කරවීම
රඹුක්කනගේ සුරංග රන්මල් ප්‍රනාන්දු, අවු: 22, අවිවාහක, රැුකියාව: පුහුණු කාර්මික ශිල්පී – ඔටෝ රෝ – පිංවත්ත, පානදුර.
ලිපිනය : 17, විජය මාවත, වේරවත්ත, පානදුර.
2014.03.14 දිනදීය.
2014.03.05 දින, මාගේ මවගේ පියා වන (මාගේ සීයා*, අන්ද්‍රාදිගේ සෝමපාල ප්‍රනාන්දු ගේ අවමගුල් උත්සවයට සහභාගී වී සිටියදී, එයට සහභාගී වූ ඥතිවරයෙකුව, ගාලූ පාරට ඇරලවා නැවත අවමගුල පැවති නිවසට පයින් යමින් සිටියදී, යතුරු පැදි දෙකකින් සිවිල් ඇඳුමින් පුද්ගලයින් සිව් දෙනෙකු මා ඉදිරියට පැමිණියා. එක් යතුරු පැදියක් ඉදිරියට ගිය අතර, අනෙක් යතුරු පැදිය මා අසල නවත්වා, එහි සිටි දෙදෙනා මාගෙන් ”කොහේද යන්නේ පකයෝ ”කියා ඇසුවා. ඔවුන් මා සේවය කරන ස්ථානයට පැමිණෙන පිංවත්ත පොලිසියේ නිලධාරින් බව මා හඳුනාගත්තා.
මා පවසා සිටියා මල ගෙදර සිට ඥතියකු ඇරලවා ආපසු යමින් සිටින බව. ඔවුන් දෙදෙනා යතුරු පැදියෙන් බැස මට පහර කීපයක් ගැසුවා. එ් අවස්ථාවේම පිටව ගිය අනෙක් යතුරු පැදියද පැමිණියා. මට නැගපන් කියා, අත් දෙකට මාංචු දමා මට පහර දුන් දෙදෙනා පැමිණි යතුරු පදියෙ මැදින් මාව තබාගෙන පිංවත්ත පොලිසියට ගෙන ගියා.
පොලිසියට ගෙන ගිය ගමන් මාව කාමරයකට දමා ෙදාරවල් වැසුවා. මට දැමූ මාංචු ගැලව්වේ නැහැ. එම නිලධාරින් දෙදෙනා මට අතින් පයින් පහර දෙන්නට වුනා. එසේ පහර දෙන ගමන්
”ඇත්ත කියපන්, උඹ පාරෙ හිටියේ මොනවා හරි ගන්න නේද” කියා ඇසුවා. මා එම චෝදනාව ප්‍රතික්ෂේප කලා. ඔවුන් මට කුඩු හයිකෝට් එකක් දානවා, ඇත්ත කියපන් කියමින් පහර දුන්නා.
පසුව අනිත් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනාද එම කාමරයට ආවා. ඔවුන් කාමරයේ ලයිට් නිව්වා. ඔවුන් විසින්ම බලහත්කාරයෙන් මාගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම ගලවා දමා මාව නිරුවත් කලා. පසුව මාහට අතින් පයින්, පොලූවලින්, හෝස් බටවලින් පහර දුන්නා. ”ඇත්ත කියපන්” කියමින් පහර දුන්නා. එසේ පහර දෙන අවස්ථාවේ ස්ථානාධීපතිවරයා හා තවත් කිහිප දෙනෙක් කාමරයට ආවා. ස්ථානාධිපතිවරයාද, පැමිණි අනෙක් අයද මට පහර දුන්නා.
මගේ හිසට හා ශරීරයට පොලූවලින් පහර දුන්නා. කොන්ඩෙන් අල්ලා කබඞ් වල හිස තදින් වැද්දුවා. එක් නිලධාරියෙක් ”ඔහොම ගහන්න එපා ”කියනවාද මට ඇසුනා. එම නිලධාරීන් සියලූ දෙනාම හිටියේ බීමත්ව. එසේ පැයකට වැඩි වේලාවක් පහර දුන්නා.
පසුව මට ඇඳුම් අන්දවා මාව කූඩුවට ගෙන ගොස් දැම්මා. මට දමා තිබූ මාංචු ගැලෙව්වා. විනාඩි 10කට පමණ පසුව මාව අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනා ලියුම් කවරයක් රැුගෙන කූඩුව අසලට පැමිණියා. මට එම කවරයට අත තියන්න කිව්වා. මා බැහැ කිව්වා. පසුව එක් අයෙකු කූඩුව තුලට පැමිණ මට පහර දුන්නා. මා ”ගහන්න එපා” කියා ඔහුගේ පහර වැලැක්වූවා. එවිට නැවත මාංචු කුට්ටම හා පොල්ලක් වෙනත් නිලධාරියකු ලවා ගෙන්වා ගෙන මගේ අත් දෙකට මාංචු කුට්ටම දැම්මා. එසේ මාංචුව දැම්මේ – මගේ දකුණූ අත උරහිසට උඩින් පිට මැදට යන සේ හා වම් අත ඉන ප්‍රදේශයෙන් පිට හරහා යන සේ අත් දෙක එකතුකරය. මගේ අත් දෙක ඇදී යන්නා සේ මට දැනුනා. දැඩි වේදනාවක් ඇති වුනා.
මාංචු කුට්ටම ගෙනා නිලධාරියා හෝස් බටයකින් පහර දුන් අතර, අනෙක් නිලධාරියා පොල්ලෙන් පහර දුන්නා. එසේ පැය බාගයක් පමණ පහර දුන්නා. පසුව මාංචු කුට්ටම ගෙනා නිලධාරියා මාංචු දමා පිට හරහා දමා තිබූ මාගේ අත්දෙක තදින් අල්ලා ගෙන සිටියදී, අනෙක් නිලධාරියා ලියුම් කවරයට මාගේ ඇගිලි සලකුණු ලබා ගත්තා. පසුව මාංචු ගැලවූවා. එ් අවස්ථාවේම මට ඇහුනා ”සර් පාරේ ඉඳලා කාවහරි ගෙනාවද” කියා කෙනෙක් අසනවා.
එවිට කූඩුව තුල බිම තිබූ ටී ෂර්ට් එකක් ගෙන, මාව අත්අඩංගුවට ගත් නිලධාරියා විසින් මාගේ කට වැසෙන සේඑ ම ටී ෂර්ට් එක ඔලූව වටේ ඔතනු ලැබුවා. පසුව ඔවුන් දෙදෙනා කඩුවෙන් එළියට ගියා.
2014.03.06 දින අ`ඵයම මගේ පපුව වේදනා දෙන්නට වුනා.මා රිසව් සිටි නිලධාරියාට එ් බව කිව්වා. ඔහු ගණන් ගත්තේ නැහැ. පසුව මාව කූඩුව තුලම සෙම දාගෙන වැටුනා. මට සිහි නැති වී තිබෙනවා. මට සිහිය එද්දී මා සිටියේ පානදුර මූලික රෝහලේ, 1 වන වාට්ටුව්, වෛද්‍යවරු සිටිනා තැන ඇඳක. මා අසල කව්රු සිටියාදැයි මට එතරම් කල්පනාවක් නැහැ.
රෝහලේදී මාගේ ඞ කිරණ ලබා ගත්තා. පසුව මට බෙහෙත් බොන්න දුන්නා. මගේ දෙමාපියන් ඇතු`ඵ ඥතීන් එ් වන විට පැමිණ සිටියා. මම ඔවුන්ට පවසා සිටියා, ගහපු බව, ලියුම් කවරෙට අත්සන් ගත් බව.
පසුව දහවල් මාව 33 ඇඳට දැම්මා. එතනදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මා අසල සිටි අතර, ඇඳට සම්බන්ධ කර මගේ වම් අතට මාංචුවක් දමා තිබුනා.
දහවල් ද මගේ දෙමාපියන් හා ඥතීන් මා බැලීමට පැමිණීයා. එ් අවස්ථාවේද මා ඔවුන්ට සිද්ධිය පවසා සිටියා.
2014.03.07 දින අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මාව පරීක්ෂා කලා. මා සිද්ධිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට පවසා සිටියා.
2014.03.07 දින දහවල් මගේ ටිකට් කැපුවා.
එ් අතරදී, එදින (07 දින* දහවල්, මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණියා. මහේස්ත්‍රාත්වරයා මාගෙන් සිදුවූ දේ ඇසුවා. මා සිය`ඵ විස්තර පවසා සිටියා. පසුව බන්ධණාගාර නිලධාරීන් පැමිණ මාව බාර ගත්තා. බන්ධණාගාර නිලධාරීන් මාව බන්ධණාගාර බසයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ගියා. මාව අධිකරණයේ කූඩුවට දැම්මා. ඉතා සු`ඵ වේලාවකින් මාව නැවත කූඩුවෙන් එළියට ගෙන, බන්ධණාගාර බස් රථයෙන් ක`ඵතර බන්ධනාගාරයට ගෙන ගියා.
බන්ධනාගාරයේදී මම සිය`ඵ විස්තර පවසා සිටියා. රෝහලෙන් නිකුත් කල ලිය කියවිලි බලා, මාව බන්ධණාගාර රෝහලට දැම්මා. එදින රාත්‍රියේ (07 දින* බන්ධනාගාර රෝහලේ පසුවුනා. පසු දින (2014.03.08* වෙනත් වාට්ටුවකට දැම්මා.
නැවත 2014.03.09 දින – මට 1607 සිරකරු අංකය ලබා දී, ඊ 6 වාට්ටුවට දැම්මා.
2014.03.10 දින උදේ 10.00 ට පමණ බන්ධණාගාරය මගින් මාව පානදුර මූලික රෝහලට ගෙනවිත් නැවත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කලා. එදිනත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මාගෙන් සිය`ඵ සිද්ධිය විමසා මාගේ ශරීරය පරීක්ෂා කර, සටහන් තබා ගත්තා. නැවත මාව බන්ධනාගාර නිලධාරීන් මගින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරනු ලැබුවා.
මට එරෙහිව මත් කුඩු සම්බන්ධ චෝදනාවක් දමා ඇති බව දැනග්තතා. මා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මහතා මට පහරදීම ඇතු`ඵ විස්තර අධිකරණයට පවසා සිටියා. මට රු: 5000/= ක මුදල් ඇප හා රු: 25,000/= බැගින් වූ ශරීර ඇප මත මුදා හැරියා. නඩු අංකය 18713 වන අතර, මීළඟ නඩු දිනය 2014.04.04 වේ.
අමානුෂික පහරදීම් නිසා මා තවමත් දැඩි වේදනාවෙන් පසුවන බව ප්‍රකාශ කරමි.
මා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, පහරදී, බලහත්කාරයෙන් ලියුම් කවරයකට ඇගිලි සලකුණු ගත් නිලධාරියා ගේ නම ”ලහිරු” බවට මා දැනගත්තා.
මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ලෙස මා අත්අඩංගුවට ගෙන, අමානුෂික වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා මත නඩු පවරන ලද- පිංවත්ත පොලිසියේ ලහිරු හා ස්ථානාධිපතිවරයා ඇතු`ඵ නම් නොදන්නාමුත් දුටුවොත් අඳුනාගත හැකි අනෙකුත් නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසටය.
ආර්. සුරංග රන්මාල් ප්‍රනාන්දු