උරුගුවේ ජනපති නොබෙල් සාම තියාගයට?

Image

හර්ෂි සි. පෙරේරා
මරිජුවානා නීතිගත කිරීම සම්බන්දයෙන් උරුගුවේ ජනපති නොබෙල් සාම තියාගය සදහා නම් කර ඇත. පසුගිය දෙසැම්බර් මාසයෙදී මරිජුවානා සම්පුර්ණයෙන් නීතිගත කල ලෝකයේ පළමු රට බවට උරුගුවේ පත් විය. එනම් මෙම ඔවුෂදිය මත්ද්රවිය නිෂ්පාදනය සහ විකිණීම සම්පුර්ණයෙන්ම නීතිගත කෙරිණි. උරුගුවේ ජනපති ජෝස් මුජිකා ලොව දුප්පත්ම ජනාදිපතිවරයා වේ. 78 වැනි වියේ පසුවන ඔහු ජනපති වීමට පෙර ගරිල්ලකු ලෙසද කටයුතු කර තිබේ. ඔහු තමා මෙසේ නම් කිරීමෙන් ගවුරව කල අයට ස්තුතිවන්ත වේ. ගිය මාසයේ උරුගුවේ ජාතික කංසා ෆෙඩරේෂණය මෙම ජනප්‍රිය ශාකය වගා කිරීම ගැන විශේෂ පුහුණු පාටමලවක්ද ආරම්බ කරනු ලැබිණි. බලදාරින් මෙම පියවර ගත්තේ මරිජුවානා ප්‍රවාහනය සහ පරිබෝජනය තවදුරටත් සිමා කිරීම පිණිසය. උරුගුවේ ජනපති ගිය වසරේද මෙම නොබෙල් සාම තියාගය සදහා නම් කෙරුණු අතර ඔහුගේ නම අවසන් 10 දෙනා අතරට තේරුණි. මුජිකා 2010 වසරේ සිට උරුගුවේ ජනාදිපති ලෙස කටයුතු කරනු ලැබේ. 
Image
Image
A