රජයේ වාහන මැතිවරණ ව්‍යාපාරයේ

රාජ්‍ය ආයතන රැසකට අයත් වාහන මේ වනවිට බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන බවට තොරතුරු අනාවරණය වෙයි. මෙය මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ චක්‍රෙල්ඛ අංක PCE/ 2013/4 B දරණ චක්‍රලේඛය උල්ලංඝණය කිරීමකි. 

 මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු වන මීගමුව නියෝජ්‍ය නගරාධිපති එම් එස් මොහොමඩ් සකවුල්ලා මේවන විට ඔහු වෙත නිකුත් කර ඇති නිල වාහනය වන wp PE 7462 දරණ වාහනය සිය මැතිවරණ කටයුතු සදහා යොදාගනිමින් සිටියි. 

පසුගියදා උදය ගමන්පිල නමැති “දේශහිතෛෂීයා” කියා සිටියේ තමාට මුදල් නැති නිසා රුපියල් සීය බැගින් ජනතාවගෙන් එකතු කරන බවයි. වෙස්වලාගත් නරින්ගේ සිනහවට මුවා වී මෙවරද ජනතාවට තමන්ගේ අයිතිය පාවාදීමට අවස්ථාව උදා වී ඇත.