පින්තූරයක කතාව



අමිල ගුණරත්න 

ගව ඝාතන විරෝධී නමුත් මිනිසුන් ඝාතන විරෝධී නොවන  සිවුරුකාරයන් පිරිසක් විසින් අන්තවාදයට තල්ලු කරන ලද නොමේරූ තරුණයන් පිරිසක් විසින් මිනිසෙකුට තිරිසන් ලෙස   ප්‍රසිද්ධියේ  පහර දුන්හ​. දැන් යුද්ධය නැති නිසා හමුදාවට පැනීමට  නොහැකිව , රැකියාවක් සොයා ගැනීමට හෝ ඉතාලි පැනිමටද නොහැකිව චාටර් වන මේ යෞවනය අන්තවාදී සිවුරුකාරයන්ට ළමා මහණුන් මෙන් භාවිතා කල හැකි අනගි උපකරණ වේ. හරි හමන්  අධ්‍යාපනයක් නොමැතිව අතරමං වී  සිටින මේ යෞවනය  තව කෙටි කාලයකින් අන්තවාදයට  ක​ෙඩ් ගොස් බල්ලන් බළලුන් මෙන් පාරේ මැරී යන දිනය වැඩි දුර නැත​. මොවුන් මෙහෙයවන අදිසි හස්ථයම යම් දිනයක මොවුන්ව විනාශ කරනු ඇත​.