“සිරකරුවෝද මනුෂ්‍යයෝය.”- බෝඩ් ලෑල්ලක් පමණි.


හර්ෂි සි. පෙරේරා
ශාරීරික මානසික වදහිංසා පමුණුවන ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන අතර ප්‍රමුකතාව හිමිවන්නේ පොලිසියට බන්දනාගාරයට සහ පාසලටයි. මේ සිද්දිය බන්දනාගාරය විසින් සිදු කරන වදහිංසා පැමිණවීමක් ගැනයි. ඔවුන්ගේ විශෝදනය කොයිබටද? අපි දැඩිව ප්‍රශ්න කර සිටිමු. චායරුපයේ සිටින්නේ රදවියගේ මවයි.සිරකරුවොද මනුෂ්‍යයෝය යනු වැලිකඩ බන්දනාගාරයේ තාප්පයේ ලියා ඇත්තකි. මෙවන් සිද්දීන් මගින් පැහැදිලි වන්නේ එය හුදෙක් බෝඩ් ලෑල්ලක් පමණක් බවයි.
 01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්,
බන්ධනාගාර මූලස්ථානය,
බේස්ලයින් පාර,
කොලඹ 09.

බන්ධනාගාර නිලධාරීන් සිදුකරන පහරදීම නවත්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.
ඩබ්.සුමනාවතී, අවු: 48යි, විවාහක, දරුවන් 03යි,
ලිපිනය : අංක 49, ආරියගම, දෙවන පියවර, දෙල්¥ව, වාද්දුව.
0775156288
2014.02.18

ගුණමුනි සුමිත් අසංක සිල්වා, අවු: 28යි, පෙදරේරු – මාගේ පුතා වේ.
1. 2014.02.14 දන, රාත‍්‍රියේ ක`ඵතර උතුර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන, පසුදින එනම් 2014.02.15 දින ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, 2014.02.18 දින දක්වා, රක්ෂිත බන්ධණාගාර ගත කලරන ලදි.
2. 2014.02.18 වන දින ඔහු අධිකරණයට ගෙන එන ලදි. අධිකරණයේදී – ඔහුට දඬුවම් ලබාදී – බන්දනාගාර ගත කරන ලදි.
3. අද දින උදේ 10.00 ට පමණ- ක`ඵතර, මල්වත්ත බන්ධනාගාරයට ගෙන ගියා.
4. එහිදී, බන්ධණාගාර නිලධාරීන් ඔහුට අමානුෂික ලෙෂ පහර දෙනු ලැබීය.
එයට හේතුව- මෙයට වසරකට පමණ පෙර ඔහු මොනරාගල සිරගෙදරින් පැන යාමයි.
මා ඉල්ලා සිටින්නේ,
අසාධ්‍ය රෝගයකින් පෙළෙන ඔහුට පහරදී, වධදීම වලක්වාලන ලෙසටයි. (රෝගය අදාළ සියල වාර්තා – බන්ධනාගාරයට බාර දී තිබෙන බවද ප‍්‍රකාශ කරමි.
ක`ඵතර බන්ධණාගාරයට නොපමාව ඔබ නිලධාරීන් එවා, මේ ගැන පරීක්ෂණ පවත්වන ලෙසට ද ඉල්ලා සිටිමි.
ඩබ්.සුමනාවතී,