බාෂා ප්‍රශ්නය සිංහලයාටත් දමිලයාටත් පොදුයි.


හර්ෂි සි. පෙරේරා

මේ සිංහල පොලිස් නිලදාරියකු මුහුණ දෙන බාෂා ප්‍රශ්නයකි. අදිකරණයේ දෙමල බාෂාවෙන් සිදුවන නඩු කටයුතු කිසිවක් ඔහුට තේරෙන්නේ නැත. දමිලයින්ට දකුණේ රාජ්‍ය සේවයට අදාල කටයුතු සිංහල බෂාවෙන් සිදුවන විට නොතේරෙන විට ඔවුන් දැඩි අපහසුතාවට පත්වේ. මේ ගැන කතා කරන්නට බොහෝ දෙනෙක් ඇත. උතුරු නැගෙනහිර රාජ්‍ය කටයුතු දෙමල බාෂාවෙන් සිදුවන විට ඒවා තේරුම් ගැනීමට සිංහල ජනයාට නොහැක. නමුත් මේ ගැන කතා කරන්නේ අතලොස්සකි. ජාතික සංහිදියාව ගැන කතා කරන විට මේ දෙයංශය ගැනම හඩක් නැගිය යුතුව ඇත. 


 ලි.ප.තැ.
එච්.ඩබ්.එස්.මෙන්ඩිස්
අංක 442, කරාවේගොඩ
ෙදාඩංදුව
2014.02.19

ගරු ලේකම්
අධිකරණ සේවා කොමිෂන් සභාව
238
අලූත් කඬේ පාර
කොළඹ 12

මහත්මයාණනි
නඩු අංකය: 64286
මහේස්ත‍්‍රාත් අධිකරණය, කල්මුණේ

ඉහත නඩුවේ චූදිත මම වෙමි.
මට විරුද්ධව නගා ඇති චෝදනාව
”ව්‍යාජ සේවා ලේඛනයක් සකසා තමන් ගාව තබා ගැනීම මගින් දණ්ඩ නීති සංග‍්‍රහයේ 457/459 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කිරීමය” මෙය දෙමළ බසින් නිකුත් කර තිබේ.
01. මෙම නඩුව, ගොනු කර පවත්වාගෙන යනු ලබන්නේ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී යටතේ පවතින වංචා විශේෂ විමර්ශන එ්කකය මගින්ය.
02. මෙම නඩුව ගොනු කර ඇත්තේ දෙමළ බසින්ය. එනම් ”බී” වාර්තාව හා චෝදනා පත‍්‍රයද, සාක්ෂිකරුවන්ගේ ප‍්‍රකාශ ද ඉදිරිපත් කර තිබෙන්නේ දෙමළ බසින්ය.
03. 2010.05.12 වන දින, නඩුව ආරම්භ කළ දිනයේ සිට, සියලූ කටයුතු කරන්නේ දෙමළ බසින්ය. එනම් නඩු අසන්නේ දෙමළ බසින්ය. නඩු වාර්තාව ඇතු`ඵ සියලූ ලේඛන තිබෙන්නේ දෙමළ බසින්ය.
04. නඩුවට අදාලව අධිකරණයේදී, ගරු විනිසුරුතුමා, කාර්ය මණ්ඩල, නීතිඥවරුන්ගේ මෙහෙයවීම්ද සිදු කරන්නේ දෙමළ බසින්ය. මෙහිදී පරිවර්තනයක් ලබා දෙන්නේ නැත.
05. නඩුවට අදාල සාක්ෂිකරුවන් හයදෙනෙකු සිටී. ඉන් පස් දෙනෙක්ම සිංහල වන අතර, එක් අයෙකු පමණක් දෙමළ බසින් සාක්ෂි දීමට නියමිතය.
06. දැනට නඩුවාර 08 ක් පැවති අතර, සාක්ෂිකරුවන් තිදෙනෙක් සාක්ෂි දී තිබේ.
07. මෙම තිදෙනාගෙන් එක් අයෙකු දෙමළ බසින් සාක්ෂිදුන් අතර, හරස් ප‍්‍රශ්න ඇසීම හා පිළිතුරු දීමද දෙමළ බසින් විය.
08. අනෙක් දෙදෙනා සිංහල බසින් සාක්ෂි දුන් අතර, හරස් ප‍්‍රශ්න ඇසීම සිදු කළේ මාගේ නීතිඥවරයා විසින් සිංහල බසින්ය.
නමුත් ඔහුට, හරියාකාරව සිංහල බස හැසිරවීමට නොහැකිවීම නිසා හා නිසි ලෙස තේරුම් ගැනීමට නොහැකි විම නිසා, මාගේ උපදෙස් වලට අනුව හරස් ප‍්‍රශ්න ඇසීමට හැකියාවක් ඔහුට නොතිබිණ.
09. සාක්ෂි සටහන් කරගනු ලබන්නේ දෙමළ බසින් නිසා, දෙන ලද සාක්ෂි වල නිරවද්‍යභාවය පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට පරිවර්තනයක් ලබාදීම සිදුවන්නේ නැත.
මේ නිසා, බලවත් අපහසුතාවයට හා අසාධාරණයට පත්ව මා හට යුක්තිය ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටිමි.
මෙම කරුණු මූලික කරගෙන, භාෂාව නොතේරෙන නිසා, මට සිදුවන අසාධාරණය ඉවත් කිරීම සඳහා මෙම නඩුව සිංහල බස කතාකරන අධිකරණයකට මාරු කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මෙ සමග ”බී” වාර්තාව, කාර්ය සටහන් වල ඡුායා පිටපත් ඉදිරිපත් කරමි.
එච්.ඩබ්.එස්.මෙන්ඩිස්