ළමා ඝාතක ඩබ්.එම්.සමන් ඉඳ්‍රරත්න අත්ඩංගුවට



අමිල ගුණරත්න 

සමහර සර්ලා ප්‍රශ්නයක් උනාම මගෙ පවුල ඇදල ගන්නවා මං මේ කියන්නේ කා ගැනද කියලා මගෙ අප්පච්චි දන්නවා.මට තවත් ජීවත් වෙලා ඉඳලා ඔය ස්කෝලෙ වේස පද අහඅහ O/L කවදාවත් කරන්න බෑ.අහින්සක ලමයි පුංචි වරදක් කළාම එයාලට ‘‘වේසි’’ කියලා කතා කරන එක නවත්තන්න.  

පී.බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර 
කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසල   

කුරුණෑගල ශ්‍රී මත් ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා ජාතික ළමාරක්‍ෂක අධිකාරිය යටතේ පිහිටි ළමා හා කාන්තා කාර්‍යාංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ සවස අත්ඩංගුවට ගන්නා ලදී.  එම විදුහලේ අධ්‍යාපනය ලැබූ පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක් ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පළකර තිබී යැයි කියන ඡායාරූප කීපයක් සම්බන්ධයෙන් ‍ෙදාස් පැවරීම හේතුවෙන් සිත්තැවුලට පත්ව සිසුවිය ගෙලවැලලාගෙන සියදිවි හානි කරගැනීමේ සිද්ධිය විදුහල්පතිවරයා අතඩංගුවට ගැනීමට හේතුවී තිබේ. එම ශිෂ්‍යාව කෘෘරත්ත්වයට පත්කරමින් වෛශ්‍යාවක ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වාදීමේ හේතු මත ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කළ පරීක්‍ෂණයට අනුව විදුහල්පතිවරයා අතඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. ඩබ්.එම්.සමන් ඉඳ්‍රරත්න නම් මෙකී විදුහල්පතිවරයා සති දෙකේ  හමුදා පුහුණුව  නිසා  හමුදා ඌෂ්ණය ඇඟට ගෙන සිටින පුද්ගලයෙකි. පසුගියදා වැඩ සටනකදී ජාතික ගීය වාදනය වෙද්දී රූපවාහිනී කැමරා ශිල්පියෙකු සීරුවෙන් නොසිට එය රූගත කළා යැයි ඔහුට පයින් පහර දී තිබේ. පාසැලේ ගුරුවරුන්ට පවා පහත් ලෙස කතා කරන  ළමා අපයෝජකයෙකු බව තොරතුරු ලැබී තිබේ.