නග්න බලය ( The Naked Power )



නිලන්ත ඉලංගමුව මහතා, විසින් රචිත “නග්න බලය” (The Naked Power)  කෘතිය ලඟදීම් ප්‍රකාශයට පත් වීමට නියමිතය. අදාළ කෘතිය ඔහු විසින් පසුගිය වසර කිහිපය ඇතුළත රචනා කරනු ලැබූ ලිපි වලින් සමන්විත වන අතර බොහොමයක් ලිපි වත්මන් දේශපාලන නායකත්වය ගැන රචනා කළ ඒවාය.  අදාල කෘතිය නිල වශයෙන් හෙට දින (31 )  ප්‍රකාශයට පත්වීමට නියමිතය. 

පසුගිය වසර කිහිපය පුරා තම ලිපි මඟින් රටේ පවතින වත්මන් දේශපාලන තත්වය බරපතල ලෙස විවේචනයට ලක් කළ හෙතම  ලංකාවේ දේශපාලන සංස්කෘතිය ගැන බරපතල විවේචනයක නිරත වන්නෙකි. අදාළ කෘතියේ ආරම්භයෙදී සටහනක් තබන කතු වරයා මෙසේ සඳහන් කරනු ලබයි; 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව ඒ මහතා විසින්ම හදුන්වන පරිදි ඔහුට එරෙහි කැලෑ පත්තර වසා දැමීම අනෙක් නායකයින්සේම ඔහුද තම මුග්ද ප්‍රතිපත්තිය ඉතා පැහැදිලිව පෙන්වීමකි. ශ්‍රී ලංකාව මූලිකව වශයෙන් සලකා වාර්තා සහ පුවත් සපයන වෙඩ් අඩවි බොහොමයක් මේ වන විට ඔහුගේ නියෝගය අනුව යමින් වසා දමා තිබේ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් කියා ඇත්තේ වෙබ් අඩවි සඳහා ආචාරධර්ම පද්ධතියක් තිබියු යුතු බවය. ලංකාවේ වෙබ් අඩවි සඳහා පමණක් නොව සෑම ක්ෂේත්‍රයක් සඳහාම ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුවා පමණක් නොව එය නිසි ලෙස ක්‍රියාත්මක විය යුත්තේය. ජනමාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් වෙබ් අඩවි වලට පෙර හඳුන්වා දිය යුත්තේ මෙන්ම එය නිවැරදි ලෙස පරීක්ෂාවට භාජනයක ළ යුත්තේ ආණ්ඩුව විසින්ම ප්‍රසිද්ධ කරන දිණමිණ සහ ඩේලිනිව්ස් පුවත්පත්වලටය. ආණ්ඩුව වූ රාජ්‍ය නොවේ. එනම් රාජ්‍ය පවත්වා ගැනීම සඳහා මහජනයාගේ බහුතර කැමැත්තෙන් පත්වන දේශපාලන කණ්ඩායමයි. පසුගිය කාලය පුරාම අදාළ පුවත්පත් හැසිරුණ ආකාරය සහ ඒවා විසින් සාමාන්‍ය ජනතාවගේ චරිත ඝාතනය කළ ආකාරය සියලු දෙනාම දනිති.” 

2007 වසරේදී හෙතම විසින් ආරම්භකළ “ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය ලංකාවේ මෙන්ම විදෙස් රටවලද මහත් ප්‍රසිද්ධියට පත් වූ අතර  2012 වසරේ සිට රාජපක්ෂ ආණ්ඩුව විසින් එය රට තුළ එය තහනම් කොට තිබේ.  

ඔහු වත්මන් දේශපාලන තත්වය ගැන මෙසේ සඳහන් කරයි; 

“ රාජපක්ෂ පරිපාලනය වූ කලී තවත් එක් අඳුරු මෙන්ම මුග්ද පාලනයකි. රාජපක්ෂ පරිපාලනය විසින් සිදු කොට ඇති විනාශයට දඬුවම් දීම සඳහා ලංකාවේ නීති ක්ෂේත්‍රය ප්‍රමාණවත් නැත. එය රාජපක්ෂට වඩා පහලින් ස්ථාන ගත කොට ඇත. ජේ. ආර්. ජවර්ධන නමැති මුග්ධ පාලකයා විසින්  ව්‍යවස්ථාපිත වශයෙන් සිදුකල එම බරපතල වරද නිවැරදි කිරීම වෙනුවට එය මෙවලමක් ලේඅස් භාවිතා කරමින් තම බලය වැඩිකරගන්න දුෂ්ට පාලකයින් පමණක් අපි බිහිකොට ඇත. එකෙක් ගිය පසු තවත් එවැනිම යක්ෂයෙකු පත්කර ගැනීමට තරම් අපේ ඔළුගෙඩි වලට හෙණ වැදී ඇත. අප මෙය නිවැරදි කරන්නේ කවදාද; ඒ සඳහා කළ යුතු කැපකිරීම් මොනවාද; යන්න අතිශය බරපතල ලෙස සිතා කටයුතු කිරීමට අවස්තාව උදා වී තිබේ.” 

“ නග්න  බලය භාවිත කොට එලවා  දමනු ලැබූ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ගැන ඕනෑම අයෙකුට ඕනෑම බොරුවක් නිර්මාණය කළ  හැකිය. ඇය වූ කලී මෙම අන්තරායකාර ප්‍රවණතාවයේ එක ගොදුරක් පමණි.  ඔබ තනිව කණ්නාඩියක් ඉදිරියට ගොස් බැලුවහොත් ඔබ  විසින්ම රාජපක්ෂගේ පැවැත්ම අරම්භයා සිදු කරන  කටයුතු අවබෝධ වනු ඇත.  එය  ප්‍රසිද්ධියේ පිළිගැනීම ලැජ්ජාවකින් හෝ භීතියකින් පෙලෙන්නේනම් අඩු තරමින් ඔබ ඔබටවත් එය පිළිගත යුතුය. එවිට ඔබට ඔබ ගැනම පිළිකුලක් ඇති වෙනවා පමණක් නොව, එය පෘතුල වශයෙන් සමාජීය  ප්‍රගමනයට හේතු වනු ඇත. එය එසේ නොවන තාක් දුරට, ඔබද රාජපක්ෂද නියෝජනය කරන්නේ එකම කාසියේ දෙපැත්ත මිස ඔබ ඔහුගෙන්ද ඔහු ඔඛෙන්ද වෙනස් වන්නේ හෝ වෙන් වන්නේ නැත.”

කෘතිය අවසානයේ හෙතම තාමා ගැන මෙසේ සඳහන් කොට ඇත, 

“නිලන්ත ඉලංගමුව, ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික   සමාජවාදී ජනරජයේ, සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනරජය සොයමින්, සිටින දහසක් දෙනා අතරින් තවත් එක් අයෙකි. විශ්ව විද්‍යාලයේ දේශපාලනය විද්‍යාවක් ලෙස හදාරන අවධියේදී මෙම සංකල්ප ශිෂ්ඨ මිනිසාගේ දැකුම්කලු නිස්පන්නයන්ය. නමුත් ඉන් එළියට විත් පාරේ ගමන්කරන විට ඒවා මං කොල්ලකාරීන්ගේ මෙවලම්ය. ලේඛකයා යනු, විමුක්තිය සහ නිදහස වෙනුවෙන් උහුල්ලන ජාතියක තවත් එක මිනිස් විෂයකි.” 

කෘතිය ගැන මූලික තොරතුරු;

Publication Date:    Jan 31 2014
ISBN/EAN13:     149534021X / 9781495340215
Page Count:    156
Binding Type:    US Trade Paper
Trim Size:     6" x 9"
Language:     Sinhala; Sinhalese
Color:     Black and White
Related Categories:     Non-classifiable / Non-Classifiable

For more details: feed@srilankaguardian.org