ආසියාවේ මානව හිමිකම් – HUMAN RIGHTS ASIA WEEKLY ROUNDUP – දැන් බලන්න.






හර්ෂි සි. පෙරේරා
මිට අදාල 15 වන විඩියෝව අද (2014.01.29) දින නිකුත් විය. ආකල්පමය වෙනසකට, මානව හිමිකම් ගැන හඩක් නැගීමට, කලාපයේ මානව හිමිකම් ගැන සංවේදීවීමට, සහ ඔළුගෙඩි ශුද්ද කර ගැනීමට මෙය මහගු අත්වැලකි. මෙය හොන්කොන්හි ආසියානු මානව හිමිකම් කොමිසමේ නිර්මාණයක් වේ. ශ්‍රී ලාංකිකයින් හැටියට අපිට කලාපයේ මානව හිමිකම් ගැන දැන ගැනීම වඩාත් වැදගත්ය. අපේ ප්‍රශ්න අපිට පමණක් නොව කලාපයටද පොදුබව මෙයින් බොහෝදුරට පසක් වේ. මානව හිමිකම් සදහා දේශ සිමා නැත. එයට සුදු කළු උස මිටි බාෂා ජාති ආගම් කුලබේද නොමැත. මෙම වීඩියෝ මාලාවේ වින්දිතයකුටද හඩක් නැගීමට ඉඩ ප්‍රස්තා විවරකරදීම සුවිශේෂී වෙයි. 15 වන වීඩියෝවේ නේපාලයේ වෙනස්කමකට පාත්‍ර වූ වින්දිතයකු සිය හඩ අවදි කරයි. ප්‍රකට මානව හිමිකම් ක්‍රියාදර ආසියානු මානව හිමිකම් කොමිසමේ අද්යක්ෂක නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා කාම්බෝජයේ වැඩි වැටුප් ඉල්ලු විරෝදතාවයකට වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිවු දෙනෙකු මියයාම පිලිබදව අදහස් පල කරයි. මෙහි ශ්‍රී ලංකාව පිළිබදවද සිදුවීමක් අන්තර්ගත වේ. ඒ රිසානා නෆීක් හා සමාන කෙදවචාකයකට මුහුණ දුන් 19 හැවිරිදි තරුණයකු වූ රවින්ද්‍ර ක්රිශ්නපිල්ලේ පිළිබද සිදුවීමයි. ඉන්දියාවේ සහ නේපාලයේ මානව හිමිකම් උල්ලන්ගනයන් ගැනද මෙම වීඩියෝව සාකච්චා කරයි. ඉතින් සැබෑම සැබෑ වෙනසකට අපි මෙම සතිපතා නිකුත්වන ආසියාවේ මානව හිමිකම් වීඩියෝව සමීප කර ගනිමු.