පින්තූරයක කතාව



අමිල ගුණරත්න

වියාජ සරණාගතයෙකු ලෙස රොෂාන් සමන් රත්නායක බෝට්ටුවෙන් නෝර්වේ පැන නෝර්වේ පුරවැසිභාවය ලබා ගත්තේය​. ඉන්පසු ඔහු හෙල්ගසන් යන නම  ගෙන පෙනී සිටියේ නෝර්වේ ජාතිකයෙකු ලෙසටය​. යළි ලංකාවට පැමිනෙන රොෂාන් සමන් රත්නායක නොහොත් හෙල්ගසන් ග්‍රීන් ෆීල්ඩ් නම් ආයතනයක් අටවාගෙන දේශපාලකයන්ටද රජයේ නිලධාරීන්ටද අල්ලස් දී  වනාතවිල්ලුවේ රජයට අයත් අක්කර 160 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් කැබලි කඩා විකිණුවේය​. මොහු විසින් රුපියල් කෝටි ගනනක් ඒ මගින් වංචා කරන ලදි.  මොහුව දැනට රුපියල් කෝටියක පෞද්ගලික ඇප දෙකක් මත අධිකරණය විසින් මුදා හැර තිබේ. 

 විදේශ ආණ්ඩු පවා රවටන මෙවැනි අංකූරන්ට අක්‍රමිකතා කිරීමට අපගේ දේශපාලකයෝ මෙන්ම නිලධාරී පරපුටුවන් ද සහාය දෙති. එමගින් ඔවුන් ද ගානක් සොයා ගනිති.  ටයි දමාගෙන  සිටියද ඉන්ගිරිස් කථා කලද , විදේශ පුරවැසි භාවය තිබුනද හොරා හොරාමය​. මෙවැනි හොරුන් ගැන ජනතාව අවදියෙන් සිටීම මැනවි.


(ඡායාරූපය ලංකාදීප පුවත්පතෙනි)