මොණරාගල පොලීසියක ලොක්කෙක් ගෑනු හොරකමේ එයි...




මොණරාගල පැත්තේ පොලීසියක OIC උන්නැහේ කෙනෙකු වූ මොහු ධනයට අංජය වූවෙකි. මෑතකදී මෙම පොලිස් ස්ථානයට පත් වී ආ මොහු කිසිම විලිලැජ්ජාවක් නොමැතිව කාන්තාවන් පසුපස යන්නේ තනතුරේ පමනක් නොව නිල ඇඳුමේ ගෞරවයද කෙලෙසමිනි. මෑත දිනක පැවති හිතවතෙකුගේ මගුල් ගෙදරකට සහභාගී වී සිටි මොහුට එහි පැමින සිටි විවාහක තරුණියක් දැක උන්හිටිතැන් අමතකව ගොස් පිස්සු නැටීමට පටන්ගෙන ඇත. තමා විවාහක එක් දරු මවක් බවත්සැමියා විදේශගතව සිටින බවත් කොතෙක් පැවසුවදඒවා මායිම් නොකල මොහු එම තරුණියගේ දුරකථන අංකයන් ඉල්ලමින් මහත් කරදරකාරී ලෙස හැසිරී ඇත. මොහුගේ කරදරයෙන් බේරීමට බැරිතැන ඇය මංගල උත්සවයෙන් පිටවගොස් තිබේ. පසුව කෙසේ හෝ ඇයගේ නිවස පිහිටි ස්ථානය සොයාගෙන ඇති මොහු ඒ අසල ‍රැ‍ඳෙමින් ඇයගේ නිවසට දුරකථන ඇමතුම් දෙමින් තමාව මුන ගැසීමට පැමිනෙන්නැයි මෙම තරුණියට බලපෑම් කිරීමට පටන්ගෙන ඇත. සිද්ධිය දැනගත් ඇයගේ දෙමාපියන් තම දියණිය විවාපත් මවක් බව ඔහුට පවසා මෙම කරදරකාරී හැසිරීම නවත්වන ලෙස කිහිපවතාවක් ඉල්ලා සිටියද මොහුගේ මෙම අනඟ රංගනය තවමත් නවත්වා නොමැති බව ආරංචි මාර්ග පවසයි. මෙම බලහත්කාරී ක්‍රියාව නිසා මෙම තරුණියත් එම පවුලේ අයත් ඉමහත් පීඩාවට ලක්ව ඇති අතරඅනංග OIC තවමත් පිස්සු නටමින් සිටී.