කරන්දෙණිය පොලිසිය;- වදහිංසා පමුණුවා වියාජ නඩු පැවරීම.



හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකාවේ දුෂිතම ආයතනය පොලිසියයි. මේ මොහොතේත් කොහේහෝ පොලිස් ස්ථානයක වදහිංසා පැමිණවීම සහ වියාජ නඩු පැවරීම සිදුවේ. මේවා රාජපක්ෂ ආණ්ඩුවේ ඇතුළු ඉහලයින්ගේ උවමනා එපාකම්ය. මේ දේවල් ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය වේ. මේ 29 හැවිරිදි එක් දරු පියෙකුට කරන්දෙණිය පොලිසිය වදහිංසා පමුණුවා බොරු නඩු දැමු අයුරුයි. "2006 දී, මට බොරු නඩු දෙකක් පවරා, වසර 04ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලැස්වූ කරන්දෙණිය පොලිසිය, එම නඩුවට නිවැරදිකරු කීම නිසා, මගෙන් පළිගැනීමට - බොරු නඩු පවරනු ලබන බවයි." ඔහු ජනසන්සදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට කල ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ.


01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
     කොළඹ 08.

02. පොලිස්පති,
     පොලිස් මූලස්ථානය,
     කොළඹ.

අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ නඩු පැවරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට කරනු ලබන ඉල්ලීමයි.

කුමාරවඩුගේ නිහාල්, අවු: 29යි, විවාහක, දරුවන් 01යි, කම්කරු, 
ලිපිනය : මඩකුඹුර, පාසල අසල, කරන්දෙණිය. දු.අ.0772604852
2013.12.16 දිනදීය.

2013.09.22 වන දින, පෙ:ව:8.30 ට පමණ නිවසේ සිටින විට, කරන්දෙණිය පොලිසියේ උ.පො.ප.අසේල සමග පොලිස් කොස්තාපල් ප්‍රේමචන්ද්‍ර - සිවිල් ඇඳුමින්, යතුරු පැදියකින් පැමිණ මා අත්අඩංගුවට ගත්තා.

මා අත්අඩංගුවට ගැනීමට පෙර මාගේ නම ඇහුව්වා. ඊට පසුව වැලේ තිබුනු චීත්ත රෙද්දක් ගෙන එය ඉරා, මගේ අත් පිටුපසට කර ගැට ගසා, යතුරු පැදියේ මැද තබාගෙන මාව ගෙන ගියා.

මා පොලිසියට ගෙන ගියායින් පසුව, මාව පොලිසිය පිටුපස බංකුව මත, මුනින් අතට දිගා කොට, කේබලයකින් මගේ යටිපතුල්වලට පහර දුන්නා.

මට ගහන ගමන්, ”උඹේ අම්මාට හු...” කියමින්, ”උඹ කරපු හොරකම් කියපන්” කිව්වා.

මා සොරකම් නොකල බව ප‍්‍රකාශ කලා.

එසේ පහර දීමෙන් පසුව, මාව බැරැුක්කයට ගෙන ගොස් රෙදි පටිය ලිහලා, ඇඳක් ළඟ බිම වාඩි කරවා, මාගේ වම් අත, ඇඳේ උඩ ඇන්දට තබා, මාංචුව දැම්මා.

එ් අතර, මාගේ මව, මාව බලන්න පැමිණයා. ඇයට බැන පන්නා ගත්තා.

මා මාගේ ජංගම දුරකථනයෙන්, මල්ලී වන කේ.ඩබ්.නිමල් ට කතා කර දැනුම් දුන්නා. මා ඔහුට කිව්වා නීතිඥ මහතාට දන්වන ලෙස.

රාත‍්‍රී 7.00 පමණ, නීතිඥ කාල්ටන් සිල්වා මහතා මා බැලීමට පැමිණීයා. එ් මහතා මගෙන් ඇහුව්වා ගෙන ආ කාරණය. මා ගොරක¥ව වත්ත යන ප‍්‍රදේශයේ මම ගෙයක් කුඩු කලා යයි කියා ගෙන ආ බව මම පවසා සිටියා.

එවිට, නීතිඥ කාල්ටන් සිල්වා මහතා, උ.පො.ප.මෙන්ඩිස් ට කිව්වා- ගෙදරින් ආවොත් බලන්න දෙන්න කියා.

නමුත් මාව කාටවත් පෙන්වූයේ නෑ. ගෙදරින් ගෙනා කෑම උ.පො.ප.මෙන්ඩිස් මට ගෙනත් දුන්නා.

එදින (22* රාත‍්‍රී 9.30 ට පමණ, ෂර්ට් එක ගලවා අයින් කර, කූඩුවට ගෙන ගොස් දැම්මා.
පසුදින උදේ (23* ගෙදරින් ආවා. නමුත් මාව බලන්න දුන්නේ නෑ.

දහවල් 12.30 ට පමණ, මාංචු දමා, ජීප් රථයෙන් කුරුඳුගහ හැතැක්ම රටබීම සාප්පුව ළඟට ගෙන ගියා.

මාව ගෙන ගියේ, උ.පො.ප.මෙන්ඩිස්, පො.කො.සිල්වා හා ජීප් රියදුරු.

රට බීම හල අසල නවත්වා, උ.පො.ප.මෙන්ඩිස් රට බීම හලෙන් ”ග‍්‍රීන් ඇපල්” අරක්කු බෝතලයක් ගෙන, ජීප් රථය ළඟට පැමිණ, මට කිව්වා, දැන් කඩය ළඟට යනවා, එ් කඬේට කුරුඳු දුන්නා කියා කියපන් කිව්වා. ඉතුරු හරිය අපි බලාගන්නම් යයි කිව්වා.

ඊළඟට, ජීප් රථය තුන්මංහන්දියෙන් හරවා රට බීම හල ඉදිරිපිට තිබෙන කුරුඳු කඩය ඉදිරිපිට නැවැත්වූවා.

මා ජීප් රථයේ සිටියදී, උ.පො.ප.මෙන්ඩිස් හා පො.කො.සිල්වා රථයෙන් බැස කඩය තුලට ගොස් මුදලාලි කෝ කියා, එහි සිටි ළමයාගෙන් ඇහුව්වා.

ඔහු කිව්වා, මුදලාලි ආවහම, පොලිසියට එන්න කියන්න කියා, ජීප් රථයට නැග, අනුරුද්ධගම නිවසකට ගෙන ගියා. එය වැඩ අවසන් නොකරපු  නිවසක්. පසුව මම දැනගත්තා පො.කො.සිල්වාට අයත් එකක් බව.

පො.කො.සිල්වා, මායිමේ සවිකර තිබූ කොන්ක‍්‍රීට් කණූ පේලිය දිගේ ගොස් අල්ලපු නිවසේ කාන්තාවකට කතා කර, මායිම් වෙනස් කරන්න එපා යයි කිව්වා.

එයින් අනතුරුව ජීප් රථයට නැග, උ.පො.ප.මෙන්ඩිස්, පො.කො.සිල්වා, රථයේ රියදුරු එකතු වී ග‍්‍රීන් ඇපල් අරක්කු බෝතලය කඩා ගෙන, එයින් බාගයක් විතර බිව්වා. ජීප් රථය තුල ප්ලාස්ටික් කෝප්ප තිබුනා. කොකා කෝලා බෝතලයක් තිබුනා.

නැවත, පොලිසියට පැමිණ, මාව බැරැුක්කයට ගෙන ගොස්, කලින් දින ඇඳටම තබා-  මාංචු දැම්මා.

එදින, එලිවන තුරුම, මාව එ් ආකාරයටම මාංචු දමා තිබ්බා. එදිනද ගෙදර අයව බලන්න ඉඩ දුන්නේ නැහැ. ගෙදරින් ගෙනා කෑම දුන්නා.

පසුදින, එනම් (24 දා* දහවල් 12.30 ට පමණ නැවත මාව, ජීප් රථයට දමාගෙන කුරුඳුගහ හැතැක්ම, කුරුඳු කඩය ළඟට ගෙන ගියා. පෙර දින මෙන්ම, මා ජීප් රථයේ සිටියදී, උ.පො.ප.මෙන්ඩිස් හා පො.කො.සිල්වා කඩය තුලට ගියා. එ් වෙලාවේ කඬේ හිටියේ කාන්තාවක්. මට ඇහුනා, එම කාන්තාවට, මුදලාලි පොලිසියට ආවේ නෑ කියා බැන වැදුනා. 

මුදලාලිට නොවරදවාම හවස පොලිසියට එන්න කියන්න කියා පිටවුනා. 

එන ගමන් මගෙන් ඇහුව්වා, උඹ අයි.ඞී.නන්දාවතීලාගේ ගෙදර තලපු කුරුඳු දාන්නේ කාටද කියා . මම කිව්වා අමර කීර්ති ගම්මානයේ තිලක් මුදලාලිට කියා.

මාවද රැුගෙන එහාට ගියා. එතනදී මාව ජීප් එකෙන් බස්සලා තිලක් මුදලාලිගේ නිවසට ගෙන ගියා. තිලක් මුදලාලිට, උ.පො.ප.මෙන්ඩිස්, මාව පෙන්වා, මූ දීලා තියෙන්නේ හොර කුරුඳු බව දන්නවාද අසා, කුරුඳු කිලෝ 90 වත් දීලා තියෙනවා, එ්වා දෙන්න සූූදානම් වෙන්න කියා පැවසුවා.

තිලක් මුදලාලි කිව්වා, කිලෝ 90ක් ගත්තේ නැහැ, එක පාරක් කිලෝ 10ක මිටියක්, තව පාරක් කිලෝ 24ක මිටියක් දුන්නා, එ් ටික දෙන්නම් කිව්වා.

තිලක් මුදලාලි සමග ගේ ඇතුලට ගිහිල්ලා උ.පො.ප.මෙන්ඩිස් හා පො.කො.සිල්වා කතා කොට එළියට ආවා. ඇවිත් තිලක් මුදලාලි කිව්වා, ජීප් එකේ අරගෙන යනකොට මට ලැජ්ජයි, මම හවසට පොලිසියට ගෙනත් දෙන්නම් කියා.

නැවත කරන්දෙණිය පොලිසියට ආවා. මා පසුව දැනගත්තා තිලක් මුදලාලි කරුඳු පොලිසියට ගෙනත් දී තිබෙන බව.

පොලිසියට විත් මාව කූඩුවට ගෙනත් දැම්මා. සවස 3.30 ට පමණ, උ.පො.ප.මෙන්ඩිස් හා පො.කො.සිල්වා පුද්ගලයෙක්ව කූඩුව ළඟට ගෙනවිත්, මාව පෙන්වා, මූ තමයි උඹට කුරුඳු දීලා තියෙන්නේ කියා, නැවත ඔහුව රැුගෙන ගියා.

මට ඇහුනා, එම පුද්ගලයාට මහා හඬින් කුණූ හරපයෙන් බනිමින් පහර දෙන ශබ්දය. රෙදි ගලවපන් කියමින් කෑගසා කියනවා මට ඇහුනා. අනූදාහක කුරුඳු බාරදීපන්, නැත්තම් බාගයක් හරි කුරුඳු දීපන් කියමින් පහර දුන්නේ. විනාඩි 15කින් නැවත, එ් පුද්ගලයාව කූඩුව ළඟට ගෙනවිත්, කූඩුව ඇර මාව එළියට ගෙන, ඔහු කූඩුවට දැම්මා. ඔහු හිටියේ වේදනාවෙන්. පහර දීලා තිබුනා.

පසුව මා දැනගත්තා ඔහු, කුරුඳුගහ හැතැක්ම කුරුඳු කඬේ මුදලාලි වන සුජිත් පේ‍්‍රමසිංහ මහතා බව.

මාව එළියට අරන් නැවත බැරැුක්කයට ගෙනගොස්, පෙර පරිදි ඇඳකට තබා මාංචු දැම්මා.

එදින සවස 6.00ට පමණ, තවත් පුද්ගලයකුට පහර දෙමින් ගෙන ආවා. මට ඇඳ උඩින් වාඩිවෙන්න කිව්වා. ඔහුව බිම වාඩිකරවා, අත ඇඳට තියලා මාංචු දැම්මා.

එදින මු`ඵ රැුයම මා, එක අතක මාංචු සහිතව ඇඳ උඩ හිටිය අතර, අනෙක් පුද්ගලයා ඇඳ යට හිටියා.

එම පුද්ගලයා නිශාන්ත සමරවීර බව පසුව දැනගත්තා.

පසුදින (25දා* උදේ 10.00 ට පමණ, මාව අපරාධ අංශයට ගෙනවිත් මාගනේ ප‍්‍රකාශයක් ගත්තා.

එ් අවස්ථාවේ පිරිමි ළමුන් දෙදෙනෙකුට මාංචු දාලා, මූණට පහර දෙමින් ගෙනවිත්, දණ ගැස්සුවා. එසේ කළේ උ.පො.ප.මෙන්ඩිස්. දණගසා සිටින ළමුන් දෙන්නාට, පො.කො. සිල්වා කම්මුලට ගහගෙන ගහගෙන ගියා. ඊට පසුව පයින් ගැහුව්වා.

පසුව මා දැනගත්තා, එම පිරිමි ළමුන් දෙදෙනාගෙන් එක් අයෙකු, සුජිත් ප්‍රේමසිංහ මහතාගේ පුතා බව හා අනෙක් ළමයා ඔහුගේ මිතුරකු බව.

එයින් පසුව මාව, ජීප් රථයෙන් කරන්දෙණිය බොරකන්ද රජයේ රෝහලට ගෙන ආවා. මාව ගෙනිච්චේ පො.කො.ඩග්ලස් හා තවත් නිලධාරියෙක්. මාව ගෙනගිය ගමන්, එ් දෙන්නා මට කිව්වා, අනං මනං කියන්න එපා, ගැහුව්වා කියලා කියන්න එපා, වැටිලා තුවාල වුනා කියපන්, කටඋත්තර අරන් ඉවර නෑ, ගහපු බව ඉස්පිරිතාලෙදි කිව්වොත් බොට කරන්න  ඕනා දේ අපි දන්නවා කිව්වා. 

මාව රෝහලේදී වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කලා. මම කරදරයක් නෑ කිව්වා. මාව පරීක්ෂා කරන තැන පොලිස් නිලධාරීන් හිටිය නිසා, මම ඇත්ත කියන්න බය වුනා.

නැවත මාව පොලිසියට ගෙන ආවා. ඊට පස්සේ පොතේ ලියපු එ්වාට මගෙන් අත්සන් ගත්තා.

සවස 4.00 ට පමණ මාව බලපිටිය උසාවියට ගෙන ආවා. මාව අධිකරණයට ඉදිරිපත් කලේ කරන්දෙණිය පොලිසියේ ඩග්ලස් කියන නිලධාරියා. 

ඔහු අධිකරණයට කිව්ව කරුණු මට ඇහුනේ නැහැ. නඩු හතරකට මට ඇප නියම කලා.

ඇප තියන්න කිසිවෙක් සිටියේ නැහැ. මාව බන්ධණාගාර ගත කලා. මට දින 09ක් බන්ධනාගාරයේ ඉන්න සිදුවුනා. මා නිදහස් වුනේ 2013.10.04 වෙනිදා.

අංක 62923 නඩුවේ මීළඟ දිනය - 2014.02.17 වේ.

අංක 61939, අංක 60799, අංක 55749 දරන නඩු තුන 2014.3.24 දින පැවැත්වේ.

මෙසේ තිබියදී, 2013.11.10 වන දින, මට කරන්දෙණිය පොලිසියට පැමිණෙන ලෙසට ඩග්ලස් නැමැති නිලධාරියා මාගේ නිවසට පැමිණ මට දැනුම් දුන්නා. 

එ් අනුව මා පොලිසියට ගියා. මට ඩග්ලස් නිලධාරියා කිව්වා කුරුඳු හොරකමක් පිළිබඳ නඩුවක් දාන්න තියෙනවා කියා, මට ඇප තියන්න ගෙදරින් කෙනෙකුට එන්න කියන්න කිව්වා. මා මල්ලීට කතා කරලා කිව්වා. එ් අනුව මාගේ ඥති සොහොයුරියක් වන සමන්තිකා පැමිණියා. 

පො.කො.සිල්වා හා වෙනත් නිලධාරියෙක් මට කියා ත‍්‍රී රෝද රථයක් ගෙන්වාගෙන මාව ඇල්පිටියේ වැඩ බලන මහේස්ත‍්‍රාත් ලෙසට වැඩකල හල්පන්දෙණිය නීතිඥ තැන වෙත ගෙන ගියා. හතර දෙනාම ඇල්පිටිය වැඩ බලන මහේස්ත‍්‍රාත් ළඟට ගියේ ත‍්‍රී රෝද රථයෙන්. 

ඇල්පිටියට යන අතර, පො.කො.සිල්වා ඔහුගේ ජංගම දුරකථයෙන් නීතිඥවරයෙකුට කතා කොට, පුද්ගලයෙක් හල්පන්දෙණිය මහත්තයලාගේ ගෙදරට ගෙනියනවා, ඇප ගන්න එන්න පු`ඵවන්ද කියා ඇහුව්වා. මට පො.කො.සිල්වා කිව්වා නීතිඥ මහතෙක් එනවා, එයාට රුපියල් දෙදාහක් දෙන්න කියා.

එදින මාව, රු: 50,000/=ක පොලිස් බැඳුම් කරයක් මත මුදාහැරියා. 

2013.11.14 ඇල්පිටිය මහේස්ත‍්‍රාත් උසාවයට ඉදිරිපත් වුනා. නඩු අංක 78149 වේ. එදින රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කලා.

මීළඟ නඩු දිනය 2014.02.16 වේ.

2013.12.13 වන දින, දහවල් 1.00 ට පමණ, ඇල්පිටිය නොවිසුඳුනු අපරාධ එ්කකයේ, පො.ප.ජනකාන්ත නැමැති නිලධාරියා හා තවත් නිලධාරීන් දෙන්නෙක් මගේ නිවසට ආවා. 

ඔහු මගෙන්, කුරුඳුගහ හැතැක්මේ මුදලාලි හා සම්බන්ධ කුරුඳු හොරකම පිළිබඳව දන්නවාද කියා ඇහුව්වා. මම නැහැ කිව්වා. එවිට මට, පසුදින උදේ 9.00ට ඔවුන්ගේ ඇල්පිටිය කාර්යාලයට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. මගේ ප‍්‍රකාශය ඔහුගේ ජංගම දුරකථනයේ පටිගත කර ගත්තා.

මා 2013.12.14 දින උදේ 9.00 ට එම ස්ථානයට ගියා. එහිදී මගේ විස්තර අසා ලියා ගත්තා.

මා ප‍්‍රකාශ කරන්නේ,
2006 දී, මට බොරු නඩු දෙකක් පවරා, වසර 04ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලැස්වූ කරන්දෙණිය පොලිසිය, එම නඩුවට නිවැරදිකරු කීම නිසා, මගෙන් පළිගැනීමට - බොරු නඩු පවරනු ලබන බවයි.

දැනට මට විරුද්ධව නඩු 07ක් පවරා තිබේ. එක් නඩුවක් පවතින්නේ මහාධිකරණයේය. 

එයට අමතරව, වෙනත් පුද්ගලයින්ගේ අපරාධ නඩුවලට පටලැවීමටද උත්සාහ ගන්නා බවයි.

මා ඉල්ලා සිටින්නේ, මට විරුද්ධව බොරු නඩු දැමීම, වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් -කරන්දෙණිය පොලිසියේ ඉහත කී නිලධාරීන් ඇතු`ඵ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනායානුකූල පියවර ගන්නා ලෙසටයි.


කේ. ඩබ්. නිහාල්